|
|
රොෂානිගේ අරංගේට්‍රම් බිෂොප් ශාලාවේදී
අරංගේට්‍රම් යනු ද්‍රවිඩ වචනයකි. දකුණු ඉන්දියාවේ එය භාවිත වේ. 'අරන්ග' යනු බිම වන අතර කන්නඩ බසට අනුව අරුත රංග ප්‍රවේශයයි. රංග යනු වේදිකාව වන අතර ප්‍රවේශ යනු ඇතුළු වීමයි. ඒ අනුව අරංගේට්‍රම් යනු ශිල්පියෙකු පොදු ජනයා ඉදිරියේ දක්වන පළමු රංගනය යි. ඉන්දියවේ පැරණි මයිසූර්හි අරංගේට්‍රම් හැඳින්වෙන්නේ ගෙජ්ජි පූජා ලෙසිනි එහි අරුත ගෙජ්ජි වන්දනය යන්නයි. ගෙජ්ජි යනු නර්තන ශිල්පීන්ට දිව්‍යමය අංගයකි. අතීතයේදී තමන්ගේ පළමු ප්‍රසිද්ධ රැඟුම ඉදිරිපත් කරන තෙක් සිසුන්ට ගෙජ්ජි පැළඳීමට අවස නොවීය. නිපුන ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ භරත නාට්‍යම් ඉගෙනීමෙන් පසු එම ගුරුවරයා විසින් සිසුවා හෝ සිසුවිය පොදු ජන දැක්මට කැඳවනු ලබයි. අරංගේට්‍රම් ඉදිරිපත් කිරීමේ කාලය සාමාන්‍යයෙන් පැය දෙක හමාරක් හෝ තුනක් වේ. එවැනි දිගුකාලයක් නර්තනයේ යෙදීමට අදාළ ශිල්පියා සතුව ශක්තියක් සහ ඒකාග්‍රතාවයක් තිබිය යුතු වේ.
ධනුෂ්ක සහ සුජීවාගෙන් ඡන්ද ගීතයක්
'අපේ ඡන්ද අපි දෙනවා සහෝදරීට මේ ගෙවෙන්නේ ස්ත්‍රිය පිරිමියා මෙන් උරෙනුර ගැටෙමින් ඉදිරියටම එන සුවිශේෂී යුගයකි. එයට අත්වැල් සපයමින් දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට කලාකරුවන් දෙදෙනෙකු නව ගීතයක් නිර්මාණය කර ඇත. 'ඡන්දෙට අරුතක්' යන නමින් නිර්මාණය වූ මෙම ගීතය කේ. සුජීවාගේ හා එම්. ජී. ධනුෂ්කගේ හඬින් අපගේ සවනත වැකේ. මෙම ගීතයේ පද රචනය සීතා රංජනීගෙන් වන අතර සංගීතය නවරත්න ගමගේගෙනි. නිලාර් එන්. කාසීම් මෙහි නිෂ්පාදනය හා සම්බන්ධීකරණය සිදු කර තිබේ. ගීතයට අමතරව 'අපේ ජන නායිකාවක් පාර්ලිමේන්තුවට යවමු' නමින් තත්පර තිහක කාටුන් දැන්වීමක් ද නිර්මාණය කර ඇත. එහි චිත්‍ර නිර්මාණය කුසලා වෙත්තසිංහගෙනි. විනෝද් වෙත්තසිංහ කාටුන් සජීවීකරණය සිදු කර තිබේ. මෙහි සංගීතය කපිල පූගලාරච්චිගෙනි. මෙම නිර්මාණ ද්විත්වය ඉදිරිපත් කිරීම හා එහි සංකල්පය කාන්තාව හා මාධ්‍යය සාමුහිකය මඟින් සිදුකර ඇත.
|



පද්මිණි දහනායක ආරියදාස මෙරට නර්තන අංශයේ සිටින ප්‍රවීණතම ගුරුවරියකි. ඇයගේ
සිසුවියක වන රොෂානි රුවිනිකා සෝමචන්ද්‍රගේ අරංගේට්‍රම් උළෙල ලබන 15 වැනිදා කොළඹ
බිෂොප් විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. රෝයල් ඉන්ස්ටිටියුට්හි
ගුරුවරියත ලෙසින් සේවය කරන රොෂානි 2014 වසරේ සිට පද්මිණි දහනායක ආරියදාස යටතේ
නර්තනය හදාරන්නීය.
රිදී හූය වැඩ අරඹයි