|
සුදු නෝනේ හොඳ පැත්තට
'ආදරය කරන්න වසය බාධාවක් නැහැ' යන්න තේමාව කර ගනිමින් එරංග සේනාරත්න අධ්‍යක්ෂණය කළ නෝනෙ මගෙ සුදු නෝනේ තිරගත වීම ආරම්භ කොට මේ වන විට සති හතරක් සපිරිණ. එය මේ වන විට ධානත්මක ප්‍රතිචාර ලබමින් තිරගත වන බව අධ්යක්ෂවරයා සරසවියට පැවසීය. එරංග විසින්ම කතාව, දෙබස්, තිර රචනය කළ මෝනෙ මගෙ සුදු නෝනෙ හි රංගන දායකත්වය සපයන්නේ විල්සන් ගුණරත්න, මිහිර සිරිතිලක, මහින්ද පතිරගේ, අනූෂා දමයන්ති, සංජු රොඩ්රිගෝ, සංජුල දිවාරත්න, දයාසිරි හෙට්ටිආරච්චි, මනෙල් චන්ද්‍රලතා ඇතුළු පිරිසයි. නිශාන් ප්‍රනාන්දු කැමරා අධ්‍යක්ෂවරයාය, පුෂ්ප කුමාර බණ්ඩාර ගමගේ අංග රචනයකි, රන්දික විජේමාන්න සංස්කරණ ශිල්පියාය, ලස්සන ජයසේකර සංගීත අධ්යක්ෂවරයා වේ. මාලා භාරතී, ගාමිණී සුසිරිවර්ධන, සුරංජි ශ්‍යාමලී සහ අවිිදු රවිශාන් ගායනයෙන් එකතු වෙති. මහේෂ් ඉන්දික සහාය අධ්යයක්ෂවරයාය. රෝලන්ඩ් සිල්වා කලා අධ්‍යක්ෂණයෙන් දායක වේ. නෝනෙ මගෙ සුදු නෝනේ එරංගගේ හය වැනි චිත්‍රපටය වේ.
|