|
දීපිකාට කැපිලි
දීපිකා පදුකෝන් වර්තමානය වන විට බොලිවුඩයේ ඉහළම මුදලක් අය කරන නිළියකගේ තත්ත්වයට පැමිණිලා. නිරන්තරයෙන් රිදී තිරයේ ඇය දකින්නට ලැබුණු කාලයකුත් තිබුණා. කොහොම වුණත් දැන් නම් ඇය සිනමා නිර්මාණ තෝරා බේරා ගෙන බොහොම පරෙස්සමට රඟපාන බවයි බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ. ඒ වුණත් පසුගිය කාලයේ පැතිරුණ කටකතාවක් ගැන දීපිකා ඉන්නේ ගොඩක් කළ කිරීමෙන්. ඒ චිත්‍රපටයකින් අතරමඟිදී ඇය ඉවත් කළ පුවතයි. මේ ආරංචිය බොහොම වේගයෙන් බොලිවුඩය පුරා පැතිරුණා. යෂ් රාජ් ෆිල්ම්ස් ඉදිරිපත් කරන මීළඟ චිත්‍රපටය සම්බන්ධයෙන් තමයි මේ කතාව ගොඩනැඟිලා තියෙන්නේ. තවමත් ඒ චිත්‍රපටයට නමක්වත් යෝජනා කරලා නැහැ. ඩූම් 3 අධ්‍යක්ෂණය කළ විජය ක්‍රිෂ්ණා විසින් එය අධ්‍යක්ෂණය කරන්න නියමිතයි. මේ අලුත් චිත්‍රපටය වෙනුවෙන් රිතිත් රෝෂන් සහ දීපිකා පදුකෝන් ප්‍රධාන නළු නිළි යුවල ලෙසින් තෝරා ගෙන තිබෙන බවට ආරංචි පැතිරුණා. මේ වන විට ඇය එම චිත්‍රපටයෙන් ඉවත් කර ඇති බවට පැතිරෙන ආරංචිය ගැන දීපිකා සිටින්නේ තරහෙන්. “මම භාර නොගත් චිත්‍රපටයකින් කොහොමද අයින් වෙන්නේ” ඇය ප්‍රශ්න කරනවා. කොහොම වුණත් දීපිකා ආයෙමත් රිදි තිරයෙන් දැක ගන්න ලැබෙන්නේ සන්ජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කරන බජිරාවෝ මස්තානි චිත්‍රපටයෙන්.
|