වර්ෂ 2015 ක්වූ අගෝස්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

සිංහල සිනමාවේ ප්‍රථම විකට රජා

ජූලි 25 වැනි දිනට එඩී ජයමාන්න මහතාගේ 34 වන සැමරුම් දිනය යෙදී තිබුණි. 1915 වර්ෂයේ උපත ලද එතුමා ශ්‍රී ලංකාවේ ප්‍රථම කතානාද සිංහල චිත්‍රපටය වන 'කඩවුණු පොරොන්දුවෙන්' සිය සිනමා ජීවිතය ආරම්භ කරන ලදී.

රුක්මණී දේවියගේ හා එඩී ජයමාන්නයන්ගේ රූපය චිත්‍රයට නඟා එවා තිබුණි.
 

චාමර මංජුල

10-බී,

ඌව මහා විදුහල,

බදුල්ල
 

දයා රාජපක්ෂයන්ට

ප්‍රවීණ චිත්‍ර කතා ශිල්පී දයා රාජපක්ෂයන් ප්‍රථම වරට චිත්‍ර ශිල්පියෙකු ලෙස දොරට වැඩියේ 'සිළුමිණ' පුවත්පතට සිතුවම් කළ 'ඉන්දු' නම් වූ චිත්‍ර කතාව තුළිනි. ඉන් පසු ඔහු 'නලා හඬ' නමින් සිළුමිණට ඇඳි චිත්‍ර කතාව ද පාඨක සිත ඇද බැඳ ගැනීමට සමත් විය.

දශක පහක පමණ වූ ඔහුගේ කලා දිවිය පසුගියදා සදහටම නිහඬ විය. මේ සමුගැනීම චිත්‍ර කතා ලෝකයට සිදු වූ පිරිමැසිය නොහැකි පාඩුවකි.

ඔහු අපෙන් සමු ගත්තත් ඔහුගේ චිත්‍ර කතා රසික සිත් සතන් තුළ සදාතනිකව රැඳී පවතිනු නිසැකය.
 

බදුල්ල - කන්දේගෙදර

කිත්සිරි ගුණසේන

රොෂාන් උදාර

කොලොන්නාවේ විජේසිරි

මග්ගොන - මුංහේනේ එච්. ඩී. වසන්ත කුමාර

ප්‍රවේගය හොඳයි

ප්‍රවේගයේ එන හේමාල්, උදාරිගේ රංගනය උපරිමයෙන් ප්‍රවේගයට ලබා දී ඇත. මෙතෙක් අප සිනමාවෙන් දැක ඇති දුෂ්ට චරිත නළුවන් සමඟ සසඳා බලන කල මෙහි රඟපාන ගවින් ගනේෂන්ගේ රඟපෑම ඉහළම අයුරින් ඉදිරිපත් කර තිබේ. පණ ඇදපු සිනමාවට කලකට පසු ජීවය ලබා දුන් ප්‍රවේගය මෑතක අප දුටු හොඳම චිත්‍රපටයක් ලෙස හැඳින්විය හැක.
 

මහනුවර උපනන්ද

අඟුලාන දුම්රිය ස්ථානය

රෙබෙකා නිර්මලී සමරමු

රෙබෙකා රඟපෑ අවසන් චිත්‍රපටය ඉර සේවය මේ දිනවලදී ප්‍රදර්ශනය කෙරේ. නොමැකෙන සටහන් තැබූ වෙද හාමිනේ තුළින් ඇය ලැබූ ජනප්‍රියත්වය තවමත් නොනැසී පවතී. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට විශාල මෙහෙවරක් කළ ඇයට නිවන් සුව පතන්නේ 2015 අගෝස්තු 13 ට යෙදෙන ඇයගේ පළමු වසරේ සැමරුම වෙනුවෙනි.
 

ඩඩ්ලි ගෝමස්

කටුබැද්ද, මොරටුව

ඉෂාරා සඳමිණි

ඔයා උත්පලා ලෙස රඟපාන උතුම් පැතුම් ටෙලිය මම සතියේ දින පහේම නරඹනවා. ඔයාගේ රගපෑම් ඉතාම අගය කරනවා. ඔයාගේ ලිපිනය ප්‍රේක්ෂක අපට නොදෙන්නේ ඇයි?
 

බී. පී. ගම්මුදලි

මාලිගාතැන්න, කඩුගන්නාව

ජනතා සම්මානය ඔබටයි

රයිගම් සුමති සම්මාන උළෙලවලදී හොඳම නිළිය විය යුත්තේ කාංචනා මෙන්ඩිස් ඔබයි. ගිරිකුළ ටෙලියේ ඔබගේ රඟපෑම අති විශිෂ්ටයි. එම චරිතයේ ස්වභාවය මනාව වටහා ගනිමින් මුළු සිරුරෙහිම අංග මනාව හසුරවමින් හඬ පාලනය ද මනාව පවත්වා ගනිමින් කරන ලද රඟපෑම කිසිවෙකුට දෙවැනි නැත. ඔබගේ එම ප්‍රශංසනීය, ප්‍රබල රඟපෑම ඇගයීමට ලක් නොවුණේ ඇයිද යන්න අපට ප්‍රශ්නයකි. කාට කෙසේ සම්මාන ලැබුණත් ජනතාවගේ සම්මානය ඔබටයි.
 

කාවින්ද රශ්මිත සිල්වා

මල්ලෑහැව, කල්එළිය
 

චන්න ඇයි නිහඬ

සිංහල සිනමාවේ ජනප්‍රිය නළුවකු වූවා මෙන්ම පූජා උමා ශංකර් වැනි නිළියක සිංහල සිනමාවට හඳුන්වා දී ජනප්‍රිය චිත්‍රපට නිළියක ලෙස හඳුන්වා දුන් දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ චන්න පෙරේරා දැන් නිහඬ වී සිටින්නේ ඇයි.
 

තිලකරත්න විල්වල

තටාක පාර, කෑගල්ල

සාර්ථකයි

සත්පත්තිනි ටෙලිය ඉතා සාර්ථක නිර්මාණයකි. බිමල්, ගිහාන්, මේනකා, රිචඩ් මානමුදලි, රිචඩ් අබේවර්ධන ඇතුළු සෑම නළු නිළියන්ගේ රඟපෑම අති විශිෂ්ටයි.
 

ශීලා සුභසිංහ

මාදින්නාගොඩ

S.M.S.

චිත්‍ර කතාවෙන් යුග මෙහෙවරක් කළ දයා රාජපක්ෂ කලාකරුවාණෙනි, ඔබට නිවන් සුව පතමි.
 

ආර්. එම්. එච්. රත්නායක

කිරිඳිවැල

උතුම් පැතුම් ටෙලි නාට්‍යය තුළින් තරුණ පරපුරට ලබා දෙන පණිවිඩයට සඳුන් රාජකරුණාට මගේ ප්‍රණාමය.
 

පී. ඩී. හර්ෂ විරාජ්

මාකඳුර

සදා සක්විති ගාමිණී. අප කොතෙකුත් බලා සිටියත් සිනමා සක්විති කෙනෙක් යළි උපදින්නේ නැහැ. ඔබගේ දැවැන්ත රංගන පෞරුෂය සදා අප මතකයේ රැඳී ඇත.
 

ගාමිණී මහබාලගේ

පිළියන්දල

නව සංගීතය මුසු කර ජනප්‍රිය වූ සෑම ගායක ගායිකාවක්ම ජනප්‍රිය කළ සන්ෆලවර්ස් සංගීත කණ්ඩායමට සුභපැතුම්.
 

අතුල රම්‍යසිරි

පානදුර

ජනප්‍රිය ගායක ප්‍රදීප් රංගන හා චතුරිකා ඇරැඹූ පවුල් දිවිය පැණි වරකා ගහේ බැඳි මීයක් මෙන් රසවත් වේවායි ආසිරි පතමි.
 

සෝමා එච්. පතිරණ

කහවත්ත

අපේ පුවත්පත් කලාවට උදාර මෙහෙයක් කළ චිත්‍ර ශිල්පී දයා රාජපක්ෂ කලාකරුවාට නිවන් සුව ලැබේවා.
 

සුනිල් බී. වේහැල්ල

ගෝනපොල

60, 70, 80 දශකවලදී තිරගත වූ හින්දි චිත්‍රපටවල ගී අසීමිතය. එම දසුන් දැකගන්නට අප බොහෝ ආස කරන නමුත් එවැනි අවස්ථා සීමිතය. දීර්ඝ කලක සිට අයි. ටී. එන්. හි විකාශය වන භාරත ගී වැඩසටහන හින්දි ගී සඳහා ජනප්‍රිය වූ එකක් වුවත් එය දැකගන්නට අපහසු වන්නේ රාත්‍රී 10 ට විකාශය වන නිසාය. මෙහි වෙලාව වෙනසක් කරන මෙන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිමි.
 

නිලන්ති ප්‍රදීපිකා

අංගම්පිටිය නැගෙනහිර

වයික්කාල

චිත්‍ර කලාවෙන් නෙත් සිත් පින වූ දයා රාජපක්ෂ කලාකරුවාණෙනි ඔබට නිවන් සුව පතමි.
 

හේමා

වල්පොල

මේ ආදරයයි ටෙලිය සුපිරි. අනේ පුළුවන් නම් ඒ ඩ්‍රාමා එක පැයක් විකාශය කරන්නකෝ. පැය භාගෙ යනවා තේරෙන්නේ නැහැ ඒක බලන කොට. පැය භාගේ විනාඩි පහක් වගේ. මෙවැනි ටෙලි පෙන්නනවාට සිරස නාළිකාවට බොහොම ස්තුතියි.
 

තාරුකා සෙව්වන්දි

මාවතගම

කඩුල්ල ටෙලි ඩ්‍රාමා එක දැක්කහම ඇහැට කඳුළු උනනවා. ඒතරම් ගුණාත්මක ටෙලි දැන් කිසිම ටී. වී. චැනල් එකක නැහැ.
 

හේමන්ත

උඩුවර, අඟුරුවාතොට

භාග්‍යා ගුරුසිංහ අක්කේ තව ටෙලි නාට්‍යයකින් දකින්න ආසයි. ඔයා යකඩ දෝලි එකේ හරි ලස්සනයි.
 

තිලිනි

රදාවාන

1960 දශකයේ ගාමිණී ෆොන්සේකා රඟපෑ පරසතු මල්, ගැටවරයෝ වැනි චිත්‍රපට අයි ටී එන් නාළිකාවෙන් දෙතුන් වතාවකට වඩා පෙන්නුවත්, ඇයි 70 දශකයේ රඟපෑ සූරයා සූරයාමයි, හොඳයි නරකයි, ඔන්න බබෝ බිල්ලේ එනවා වගේ චිත්‍රපට එක වතාවක්වත් පෙන්නුවේ නැත්තේ. මේ චිත්‍රපටත් පෙන්වීමට කටයුතු කරන්නේ නම් අගේ කොට සලකනවා.
 

එස්. වීරසිංහ

අනුරාධපුර

රංගන ශිල්පිනි පියුමි බොතේජු අක්කාගේ අත ගත් නාගරික මන්ත්‍රී සුනෙත් අයියටත් වාසනාවන්ත යුග දිවියකට හදවතින්ම සුභ පතනවා.
 

මධුශිකා සඳරුවනි

කඩුවෙල

පසුගියදා යුගදිවියට පත් රංගන ශිල්පිනී පියුමි බොතේජුට සුභ මංගලම්
 

අතුල රම්‍යසිරි-පානදුරා

අයි ටී එන් නාළිකාවේ විකාශය වන රන් දම්වැල් ටෙලි නාට්‍යයේ මේනක රාජපක්ෂගේ රඟපෑම් ඉතාමත් තාත්ත්විකයි.
 

මධුවන්ති දිසානායක

රාජාංගනය

සප්නා, මේ ආදරයයි, ජෝදා අක්බාර්, සුළඟ වගේ ඇවිදින් හොඳ ආදර කතා. අන්න නියම ආදර කතා.
 

නිලූකා

අවිස්සාවේල්ල

ජාතික රූපවාහිනියේ හද රැඳි ගී වැඩ සටහන නැවත අපට දකින්න ලැබේවා.
 

සංඛ

කොලොන්නාව

අපේ චිත්‍ර කලා ලොව සදානුස්මරණීය මතකයන් රැසක් තියා සදහටම සමුගත් ප්‍රියාදර දයා රාජපක්ෂ මාධ්‍යවේදියාණෙනි තිරකතා රචක මහා චිත්‍ර ශිල්පියාණෙනි, ඔබේ පන්හිඳෙන් හා තෙළිතුඩෙන් හෙළ දැයට ඉටු කළ අමිල මෙහෙවර අපි දයාබරව සමරමු. ඔබට අජරාමර නිවන් සුවය ලැබේවා.
 

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

බලන බලන හැම නාලිකාවකම කාටුන් අධ්‍යක්ෂවරුනි දැන්වත් නිවාඩු කාලෙට දරුවන්ගෙ මනස විකෘර්ති නොකරන මෙන් ඉල්ලා සිටිමි.
 

චලනි-අවිස්සාවේල්ල

දිනක්ෂි අක්කේ ඔයා හුගක් නිහතමානි කෙනෙක්. අක්කා රගපාන හැම නාට්‍යයක්ම බලනවා. අක්කේ හැමදාම ඔයාව ටීවී එකෙන් දකින්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා. ඔයාගේ හැම කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
 

නිමේෂා කල්පනී-හේනෙගම

0773042834
ඔබේ ප්‍රතිචාර sms මඟින් ඉහත අංකයට එවන්න. ප්‍රතිචාර තැපැල් හෝ සටහන්පත් මඟින් නම්
ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්,
කොළඹ 10
යන ලිපිනය විවෘතය.