|
|
හොඳම දේ සල්මන් ගෙන්
ජැක්ලීන් ෆර්ඩිනැන්ඩ්ස් ලංකාවෙන් ගොස් බොලිවුඩය දිනු තරුවක්. දැන් ඇය බොලිවුඩ් පුරවරයේ තමත්ටම අනන්‍ය වූ තැනත් හදාගෙන අවසන්. මේ වසරේ ඇය චිත්‍රපට තුනකට අත්සන් තබලා. ලබන වසරේ එය පහ දක්වා වැඩි කරගන්න එක තමයි ඇයගේ බලාපොරොත්තුව. ඒ ගැන ඇය කතා කරන්නේ ගොඩක් උද්යෝගයෙන්. ඒ වගේම මේ සාර්ථක ගමනේ ශක්තිය ලෙසින් ඇය විශේෂ පුද්ගලයෙක් හඳුන්වා සිටිනවා. තමන්ගේ වෘත්තිය ජීවිතයට වේගවත් ආරම්භයක් ලබා දුන්නේ ඔහු කියලයි ජැක්ලීන් පවසන්නේ. ඔහු මොනවා කිව්වත් ඇය එය විශ්වාස කරනවාලු. ඇත්තටම ඔහු කවුද?
රංගන ජීවිතයේදී ජැක්ලීන්ට හොඳම උපදෙස් ලබා දෙන්නේ දැන් සල්මන්. “මම සල්මන්ගෙන් උපදෙස් ගන්නේ ඔහු හොඳම දේ දන්නා නිසා” ඇය පවසන්නේ එලෙසින්. පැරණි දේ අමතක නොකරන එක තමයි වඩා හොඳ. ජැක්ලින් වඩාත් ජනප්‍රිය වුණේ සල්මන්ගේ කික් චිත්‍රපටයෙන්. ඒ අවස්ථාව ජනතාව හඳුනා ගන්න ලැබුණු වටිනා අවස්ථාවක් ලෙසයි ඇය සළකන්නේ. ඒ වුණත් සල්මන්ට සිර දඬුවම් නියම වූ අවස්ථාවේ ඔහු බලන්න ආ නළු නිළියන් අතරේ ජැක්ලීන්ගේ නම් නම් තිබුණේ නැහැ. |




ඔහු තමයි සල්මන්. ජැක්ලීන් කියන්නේ හැම තිස්සෙම ඇයගේ ජීවිතයේ විශේෂම පුද්ගලයා
සල්මන් කියලයි. “මගේ වෘත්තිය වෙනස් කරන්න හැකි වුණේ ඔහු නිසා. ඔහු මට බලාපොරොත්තු
නොවූ තරම් උපකාර කළා. මම ඒක කවදාවත් අමතක කරන්නේ නැහැ. ඔහු මගේ හොඳම මිතුරෙක් වගේම
ඥාතියෙක් වගේ” ජැක්ලීන් පවසනවා.