|
දියණියක් ගැන ඇත්ත කතාවක්
සුභ දූවරුන්ගේ දිනයක් ! යැයි අමිතාබ් සිය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් සුබ පතන්නත් අමතක කළේ නැහැ. අමිතාබ්ගේ දියණිය ස්වේතා බච්චන් කලාවට නම් සම්බන්ධ වුණේ නැහැ. ස්වේතාගේ දියණිය නව්‍යා නවේලි වගේම පුතු අභිෂේක්ගේ දියණිය ආරාධ්‍යා මිණිබිරිය වගේම ආදරණීය ලේලිය ඓශ්වර්යාත් ඔහුගේ ලෝකයේ සිටිනවා. “දූවරු හරිම විශේෂයි. ඇත්තටම සුරංගනාවියන් වගේ. ඔයාගේ චූටි දුව ඔයාගේ අත අල්ලාගේන සිටින්නේ බොහොම ටික කාලයක් විතරයි. ඒ වුණත් ඇය ඔයාගේ හදවත මුළු ජීවිත කාලය පුරාවටම අල්ලාගෙන සිටිනවා. සමහර අය දූවරු බලා කියා ගන්න එක ටෙන්ෂන් (Tension - ආතතියක්) කියලා හිතනවා. ඒත් ඇත්ත ඒක නොවෙයි. දියණියක් කියන්නේ Tension නෙවෙයි Ten Son වගේ” අමිතාබ් පවසනවා. |