වර්ෂ 2015 ක්වූ අගෝස්තු 13 වැනිදා බ්‍රහස්පතින්දා




හෘද සාක්ෂිය ටෙලි නාට්‍යයකින් විමසමු

හෘද සාක්ෂිය ටෙලි නාට්‍යයකින් විමසමු

රොෂාන් අහංගමගේ ටෙලි නිර්මාණයක්
 

මේ දිනවල නිතර ඇහෙන වචනයක් වනුයේ හෘද සාක්ෂියයි. ළඟදී විකාශයට නියමිත එය ලංකාවේ වෙසෙන මිනිස් ජන කොට්ඨාශයන්හි හද ගැස්ම පිළිබඳ විවරණය කරන්නක්. රොෂාන් අහංගම තමයි මේ හෘද සාක්ෂිය රූපයට නඟා තිබෙන්නේ. රොෂාන් පුවත්පත් කලාවේදියෙක්. සිය වෘත්තිය එසේ තිබියදී ඔහු වේදිකාව, ටෙලි නාට්‍ය සහ සිනමාව පිළිබඳ අධ්‍යයනයක ද යෙදෙමින් සිටියා. එහි ප්‍රතිඵලයක් වශයෙනුයි හෘද සාක්ෂිය බිහි වන්නේ. මෙය සම්ප්‍රදායික මෙගා නාට්‍ය ගණයට වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ එක දිගට ගලාගෙන යන කතාවක් ඔස්සේ නෙවෙයි හෘද සාක්ෂිය නිර්මාණය වන්නේ. එකිනෙකට වෙනස් කථාංග හතළිස් නවයකින් හෘද සාක්ෂිය සමන්විතයි.

එම කතාංගයන් කොටස් අනූ නවයක් තුළදී දිග හැරෙනවා. අප රට තුළ ඇති උප සංස්කෘතින් තුළ ජීවත් වන මිනිසුන් ජීවන ඔරුව පැද යන්නේ නොයෙකුත් බාධක මැද්දේ. ඔවුන්ගේ ජීවිත අරගලයන් පිළිබඳවයි වැඩිපුරම හෘද සාක්ෂියෙන් කතා කරන්නේ. රොෂාන් මේ හරහා අමුතම වැඩක් කරලා තියෙනවා. ඒක තමයි අඳ, බිහිරි සහ විශේෂ අවශ්‍යතාවක් ඇති අයට රංගන අවස්ථාව දීම. මෙතෙක් ටෙලි නාට්‍ය ඉතිහාසයේ එවන් වූ දෙයක් සිදු වුණාද කියා පුංචි සැකයක් තියෙනවා. එය අකා මකා දමමින් එවන් වූ පිරිසකගේ හැකියාව මුළු රටටම විදහාලන්න රොෂාන් ලබා දී ඇති අවස්ථාව නම් අගය කළ යුතුමයි.

මෙරට සිනමාවේ, රූපවාහිනියේ සහ වේදිකාවේ රංගනයේ යෙදෙමින් සම්මානලාභී, ප්‍රතිභාපූර්ණ සහ ජනප්‍රිය රංගන ශිල්පි ශිල්පිණියන් සියයකට අධික ප්‍රමාණයක් හෘද සාක්ෂිය රංගනයෙන් ඔපවත් කරනවා. හෘද සාක්ෂිය හරහා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට සංගීතඥවරියක එක් වෙනවා. ඒ ආචාර්ය කේමදාසයන්ගේ දියණි ගයාත්‍රි කේමදාස. මේ ඇයගේ පළමු ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය. කොළඹ අවට ප්‍රදේශ කිහිපයකයි හෘද සාක්ෂිය රූගත කොට තිබෙන්නේ.

හෘද සාක්ෂියේ නළු නිළියන් -

මහේන්ද්‍ර පෙරේරා, චාන්දනී සෙනෙවිරත්න, ජයනි සේනානායක, සරත් කොතලාවල, චමිලා පීරිස්, ධර්මප්‍රිය ඩයස්, කුමාර තිරිමාදුර, දමිතා අබේරත්න, ජගත් චමිල, මාධනී මල්වත්තගේ, සරත් චන්ද්‍රසිරි, හෂිනිකා කරලියැද්ද, දර්ශන් ධර්මරාජ්, සමනලී ෆොන්සේකා, රිචඩ් මානමුදලි, සුලෝචනා වීරසිංහ. රොෂාන් පිලපිටිය, විනු සිරිවර්ධන, නිරංජලා ශම්මුගනාදන්, කෞශල්‍යා සමරසිංහ, සුර්යා දයාරුවන්, ගීතා අලහකෝන්, අශේන් මංජුල, නිලුකා රේඛානි, ඩයනා නිරෝෂනී, කුමුදුනී වික්‍රමතන්ත්‍රි, බන්ධු ඉලේපෙරුම, සඳමාලි විතානගේ, සුගත් මහායාය, රෂ්නි මෙන්ඩිස්, නාලක පෙරේරා, සකුරා විමලසේන, දිලුක්ෂ සම්පත්, පබසරා අබේවර්ධන, ගැමුණු වික්‍රමසූරිය, ලලිතා චන්ද්‍රානි, රිචී ජෝර්ජ්, ධනංජනී බණ්ඩාර, දර්්ශන සෙනරත් යාපා, චතුරිකා ගුණවර්ධන, කසුන් සමරසිංහ, නිශාන්ති ප්‍රදීපිකා, ලසන්ත විජේනායක, මහේෂිකා ගුණවර්ධන, විජේපාල හෙට්ටිආරච්චි, හංසලී දිව්‍යංගි, සුනිමල් රාජ්, සංජනා දිනුදි, ප්‍රියරාජ් සිල්වා, සුජාතා වැලිකන්න, අජිත් තන්ත්‍රිගේ, ලක්මිණ විතානගේ, සමුදුර ප්‍රේමවර්ධන, පද්මා මල්ලව, කසුන් කාරියවසම්, නදීශානි විමලරත්න, සඳුන් ලියනගේ, ආශා සේපාලිකා, නිශාන්ත අත්තනායක, සුභානි දිල්හානි, කැනීසියස් උශාන්ත, කල්‍යානි හේරත්, විනෝද් කෙනඩි, සරෝජනී වීරසිංහ, ප්‍රදීප් චතුරංග, දේවිකා අරමගේ, අමේෂ් විජේනායක, තිළිණි ශාලිකා.

ළමා නළු නිළියන් -

මධුෂ චාමික, කාවින්ද්‍යා විජේතිලක, තිසරු කඩහෙට්ටිගේ, අමායා විශ්මි, ලහිරු පතිරණ, ඔවිදි විශ්මි, කෙහාන් ඇනිතනී, සෙනුරි සංසරණි, පමෝද වික්‍රමආරච්චි, සෙනුරි සොනාදි, හසිත ප්‍රසාද්, ළහිරු සංදීප, දනිදු රහමත්, සන්මිත හේෂාන්.

කැමරාකරණය - චතුරංග වික්‍රමසිංහ සහ රුක්ෂාන් අබේවංශ

සංස්කරණය - ශාන් අල්විස්

සහාය අධ්‍යක්ෂණය - අයේෂිකා රාජසූරිය

අංග රචනය - ප්‍රියන්ත ඊශ්වර

කලා අධ්‍යක්ෂණය - දිලුක්ෂ යහපත්, ගැමුණු වික්‍රමසූරිය, දර්ශන සෙනරත් යාපා

තිර රචනය - රොෂාන් අහංගම, තුෂාරි අබේසේකර, විමල් කැටපෙආරච්චි, අයේෂිකා රාජසූරිය, උපාලි බණ්ඩාර විරසේකර, ධම්මික දීප්ති.

නිෂ්පාදනය - භාරත අබේවර්ධන සහ ඉන්ද්‍රවංශ ගුණවර්ධන ඇතුළු හෘද සාක්ෂිය කලාකරුවන්.