|
කලා අධ්‍යක්ෂණය පෙනුනා නම් චිත්‍රපටය අසාර්ථකයි
ජීවිතයේ දුටු හොඳම කලා අධ්යක්ෂණ ගැන ලාල් හවීන්ද්‍රනාත් කියයි
පුදුම හතට අද තම අදහස් දක්වන්නේ අපේ රටේ කලා ක්ෂේත්රයේ සුවිශේෂි වූ කලා අධ්යක්ෂවරයෙක්. විජය ධර්මශ්‍රීගේ සිටුකුමරියෝ චිත්‍රපටයෙන් ආරම්භ කළ කලා අධ්‍යක්ෂණයෙන් දේශීය මෙන්ම විදේශීය චිත්රපටද රැසක්ද ඔපවත් කළේය. ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියේ ආරම්භක පසුතල නිර්මාණ තනතුර දරමින් ටෙලි නාට්‍ය ක්ෂේත්රයේද කටයුතු කළ ඔහු යුග යුග ගණන් ළමා මෙන්ම වැඩිහිටියන්ගේද නොමඳ ආදරයට පාත්‍ර වූ අඹ යහළුවෝ ටෙලි නාට්‍යයද ඔහුගේ කලා අධ්‍යක්ෂණයෙන් හැඩ කළේය. ලාල් හවීන්ද්‍රනාත්. සිනමා මෙන්ම ටෙලි ක්ෂේත්රයන්හි සම්මානනීය වූ කලා අධ්‍යක්ෂවරයෙකු වන ලාල් හවීන්ද්‍රනාත් සරසවිය පුදුම හතට පැවසූයේ ඔහු නැරැඹු සිනමා නිර්මාණ අතරේ සුවිශේෂ වූ කලා අධ්යක්ෂණයන් යුතු වූ චිත්‍රපට හතක් පිළිබඳවයි.
Girl With a Pearl Earring
2003 වසරේදී පීටර් වේබර් අධ්‍යක්ෂණය කළ Girl With a Pearl Earring චිත්‍රපටය 1665 ජොහානස් වෙල්මියර් නම් චිත්‍ර ශිල්පියාගේ සුප්‍රසිද්ධ සිතුවමක් පාදක කරගනිමින් නිර්මාණය කෙරුණි. 1665 වසරේ වූ මේ සිදුවීමෙන් කළ සිනමා නිර්මාණයත් හරියට සිතුවමක් වගෙයි. ඒ වගේම චිත්‍රපට ක්ෂේත්රයේ කතාබහට ලක් වූ චිත්‍රපටයක් ලෙසත් අපට මේ චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්. අඳුර ආලෝකය සහ වර්ණ භාවිතය චිත්රකරණයට ඉතාම සමීප බවත් මා දකිනවා. මේ කතාවේ මෙම චිත්‍ර ශිල්පියා නිවසේ සේවය කරන කාන්තාවක් මේ නිර්මාණයට මූලික වෙනවා. ඇයගේ ජීවිතය පිළිබඳ මෙම සිතුවමේ වගේම සිනමා නිර්මාණය තුළත් කතා කරනවා. මම මෙහි විශේෂයෙන්ම කලා අධ්‍යක්ෂණය සහ කැමරා ශිල්පය දකිනවා. චිත්‍රයක් නිශ්චල දෙයක් වුණත් ඇතැම්විට අපිට එහි වේගයක් පෙන්විය හැකි වෙනවා. මෙම සිතුවමත් එවැනි විශේෂ සිතුවමක්. එඩෘඩා සියාරා විසින් එහි කැමරාව ඉතා අපූරු ලෙසින් හසුරුවා තිබීම ගැනත් විශේෂයෙන් කතා කළ යුතුමයි. යුරෝපය පසුබිම් වූ මෙහි සෑම රූගත කිරීමක්ම පසුතලයක රූගත කර තිබීමත් අපට දකින්නට හැකි විශේෂත්වයක්. මෙහි වර්ණ කොතෙක් දුරට ගළපා තිබේද යැයි අධ්‍යයනය කිරීමේදි ඇඳුම්වල වර්ණ පවා එකල යුරෝපය සමඟ ගැළපෙන පරිද්දෙන් අපූරුවට ගලපා තිබීම කැපී පෙනෙන්නක්. පසුතල අලංකරණය ඉතා මැනවින් ගැලපීමත් මෙහි වර්ණ භාවිතයේදී ඒවා කැපී පෙනීමට විශාල රුකුළක් වී ඇති බව මගේ හැඟීමයි. මෙහි කලා අධ්යක්ෂවරයා ලෙසින් කටයුතු කළ බෙන් වෑන් ඕස්. ඔස්කාර් සම්මානය ඇතුළුව තවත් සම්මාන ගණනාවක් Girl With a Pearl Earring හි කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් හිමිවීම එයට හොඳම උදාහණය යි.
Hugoඩිජිටල් තාක්ෂණය ගැන කතා කරනවා නම් එහිදී කලා අධ්යක්ෂවරයාට පැවරෙන කාර්යයභාරය ඉතා වැදගත්. පරිගණකය භාවිත කරමින් කෙතරම් උසස් නිර්මාණයක් කළත් ඇතැම් වෙලාවට රූපගත කිරීමේදී කලා අධ්යක්ෂවරයාට විශාල වගකීමක් පැවරෙනවා. විශාල වශයෙන් පසුතල නිර්මාණය නොකර ස්වභාවික ලෙසින් පසුතල නිර්මාණය කළ චිත්‍රපටයකට හොඳම උදාහරණයක් වන්නේ Hugo චිත්‍රපටය යි. විශාල පසුතල නිර්මණ නොකර ස්වභාවික බව පෙන්නුම් කරන ආදායම් අඩු තාක්ෂණික ශිල්පීය ක්‍රම භාවිතය මෙහි කැපී පෙනෙනවා. ඩෑන්ටේ ෆෙරට් මෙහි කලා අධ්යක්ෂවරයා වේ. මෙය තාක්ෂණය සමග කලා අධ්‍යක්ෂණය මුසු කළ නිර්මාණයක්. දුම්රිය පොළක ඔරලෝසු අලුත්වැඩියා කරන්නෙකු සහ කුඩා දරුවෙකු වටා ගෙතී ඇති මෙම කතා පුවත තුළ තාක්ෂණය ඉතා සූක්ෂම ලෙසින් භාවිතයට ගෙන තිබෙනවා. මේ ඔරලෝසු අලුත්වැඩියා කරන්නා යනු ලෝක සිනමාවේ ආරම්භයේ කියවෙන විශිෂ්ටයෙකු වන ජෝර්ජ් මේලිස්. මෙලිස් ඒවන විට සිටිනුයේ කලකිරීමෙන් සැඟවුණු ජීවිතයක් ගෙවමිනි. කලා අධ්‍යක්ෂණය ඩිජිටල් තාක්ෂණයට කෙතරම් දුරට සාර්ථක ලෙසින් උපයෝගි කරගෙන තිබේදැයි Hugo චිත්‍රපටයෙන් අපට දැකගත හැකි වෙනවා.
The Weightකොරියන් සිනමා පටයක් වූ මෙය මෘත ශරීරාගාරයක මිනී අලංකරණය කරන ශිල්පියෙකු වටා ගෙතී තිබෙන්න කතා පුවතකින් යුතු වෙයි. අවසානයේදී තම පෙම්වතියගේ දේහය පවා අලංකරණය කිරීමට සිදුවීම ඔහුගේ ජිවිතයේ සිදු වූ කමිපිත සිදුවීමක්. මෙහි පසුතල නිර්මාණය ඉතා මැනවින් සකසා තිබීම මෙම චිත්‍රපටයට මගේ අවධානය විශේෂයෙන් යොමු වන්නට හේතුවක් වුණා. එමෙන්ම සම්මාන රැසක් දිනා ගන්නත් මෙම චිත්‍රපටය සුදුසුකම් ලැබුවා. රූපගත කිරීමේදී, වර්ණ භාවිතයේදී, පසුතල අලංකරණයේදී, රංග භාණ්ඩ භාවිතය සුවිශේෂි ලෙසින් කැපි නෙනෙන්නක්. ජේන් ක්යු හව්න් විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මනුෂ්‍ය දයාව, කරුණාව වැනි හැඟීම් මනා ලෙසින් නිරූපණය වී තියෙනවා. ඒ වෙනුවෙන් කලා අධ්‍යක්ෂණයෙන් ඉතාම වැදගත් මෙහෙයක් කර තිබෙනවා. ඒ වගේම මෙහි ඩිජිටල් තාක්ෂණයේ භාවිතය ඉතා වැදගත් අංගයක් බව කිව යුතුයි.
Amourමයිකල් හැනකේ විසින් අධ්‍යක්ෂණය කර සම්මාන රැසකට හිමිකම් කියූ Amour චිත්‍රපටයක් කලා අධ්‍යක්ෂණය සුවිශේෂ ලෙසින් මා දකින තවත් චිත්‍රපටයක්. කලා අධ්‍යක්ෂණය වෙනුවෙන් විශේෂ සම්මානයක් හිමි නොවුනත් බොහෝ සිනමා උළෙලවල නාමයෝජනාවට පාත්‍ර වීම විශේෂත්වයක්. එමෙන්ම මෙම චිත්‍රපටය වැඩිම සම්මාන ගණනාවක් දිනා ගත්තේ රංගනය වෙනුවෙන්. රංගනයට සම්මාන හිමිවීම සමස්තයක් ලෙස චිත්‍රපටයේ අනෙක් අංශයන්හි සාර්ථකත්වයක් ලෙස දකින්නට පුළුවන්. වේෂ නිරූපණය, කලා අධ්‍යක්ෂණය,ඇඳුම් නිර්මාණය වැනි මේ සියලු දෙය සම්පූර්ණ වූ තැන හොඳ චරිතයක් අපට දැකගත හැකියි. වයෝවෘද්ධ සංගීත ගුරු යුවළකගේ ආදාරය හා ඔවුන්ගේ ජීවිතවල බැඳීම සමගින් මෙහි කතාපුවත ගලා යනවා. අවසානයේදී ඇති වන තත්ත්වය ඔවුන්ගේ ජීවිතවලට කරන බලපෑම මානුෂික අයුරින් මෙහිදී කතා කරනවා. ජීන් වින්සන්ට් ෆුසොස් මෙහි නිෂ්පාදන නිර්මාණ සැළසුම්කරු වශයෙන් කටයුතු කළා. කතාවට උචිත අයුරින් පසුතලය අලංකරණය, රංග භාණ්ඩ, වර්ණ ගැලපීම සාර්ථක අයුරින් තෝරා ගෙන තිබීම වැදගත් කරුණක්. මෙහි චරිත හැසිරවීම සඳහා පසුතලය කෙතරම් දුරට භාවිත වීද යන්න මට වැදගත් කරුණක් වුණා. කුඩා ඇනෙක්සියක් වූ ඔවුන්ගේ නිවස සකසා තිබූ ආකාරය මෙහිදි රංගනට විශේෂ අලංකරණයක් ගෙන දුන්නා.
Life of Piකලා අධ්යක්ෂණයට ඩිජිටල් තාක්ෂණයේ හරඹ යොදා ගත් අපූරුව දැකබලා ගත හැකි නිර්මාණයක් ලෙසින් ආමග් ලී අධ්‍යක්ෂණය කළ Life of Pi චිත්‍රපටය හඳුන්වා දෙන්න හැකියි. ඩේවිඩ් ගෲප්මෑන් මේ සඳහා කලා අධ්‍යක්ෂණයෙන් දායක වූණා. සත්වෝද්‍යානයක හිමිකරුවෙක් තම පවුල සහ සතුන් සමගින් නෞකාවකින් වෙනත් රටක් බලා යන ගමනේදී මුහුණ දෙන බිහිසුණු අත්දැකීමක් මෙම චිත්‍රපටයෙන් කතා කරනවා. මෙහි සිටින බෙංගාලි කොටියා පරිගණකයෙන් මැවූ අපූරු නිර්මාණයක්. ජලාශ ලෙස නිර්මාණය කළ පසුතලයන් නවීන තාක්ෂණයෙන් කළ සුවිශේෂ මවාපෑම්. ඒ වගේම කලා අධ්‍යක්ෂණය පිළිබඳ අධ්‍යයනය කරන්නන්ට වැදගත් සිනමා නිර්මාණයක් ලෙසත් මා මෙය හඳුන්වා දෙන්න කැමැතියි. තාක්ෂණය සමග චිත්‍ර කලාව කෙතරම් දුරට භාවිත කළේද යන්න මෙහිදි පෙන්නුම් කරනවා. පරිගණකයෙන් රූපයක් නිර්මාණය කළද එහි ඉරියව්, වර්ණ, සෙවනැල්ල, ප්‍රමාණය වැනි දේ පිළිබඳ මනා අවබෝධයකින් කළ නිර්මාණයක් ලෙසින් නම් කළ හැකි තරමට එම අංගයන් සාර්ථකව යොදා ගැනීම එහි සජීවි බව තීව්ර වීමට ප්‍රබල සාධයක් වී තිබෙනවා.
Silent Lightකාර්ලෝස් රෙග්රෙදාස්ගේ Silent Light චිත්‍රපටය කලා අධ්‍යක්ෂණය සුවිශේෂි ලෙසින් දුටු චිත්‍රපටයක්.මෑත කාලයේ ඔහුගේ චිත්‍රපටවල කලා අධ්‍යක්ෂණය වෙනස් ආකාරයකින් අපට දකින්න හැකිවීම විශේෂයි. ඔහුගේ චිත්‍රපට සියල්ලේම කලා අධ්‍යක්ෂණය සුවිශේෂ වෙනවා. සාමාන්‍යයෙන් අප සිතා සිටින රූප සමබරතාවය, රූපයක් කැමරාකරණයේදී නීති රීති ආදිය පිළිබඳ වෙනස් ආකාරයෙන් ඔහුගේ නිර්මාණ තුළ දැක ගන්න ලැබීම මේ විශේෂත්වයට මූලික හේතුව වී තිබෙනවා. කලා අධ්‍යක්ෂණයත් එසේ වෙනස් ආකාරයෙන් මේ චිත්‍රපටයේ දකින්න හැකි වෙනවා. එය දැඩි ආගමික භක්තියෙන් සිටින පවුලක් පිළිබද ඔවුන් මුහුණ දෙන සිදුවීම් සමගින් මනුෂ්‍යත්වය පිළිබඳ කතා කරන චිත්‍රපටයක්. ඒ වගේම මෙහි කලා අධ්යක්ෂවරයා කලා අධ්‍යක්ෂණය භාවිත කළේ එය එතරම් වැදගත් නොවන ලෙසින් සිතා බවත් පෙන්වාදිය හැකියි. ඔහුට චරිත සහ වර්ණ ගැලපීම ඒ තුළින් ප්‍රේක්ෂකයාට ඇතිවන හැඟීමම පසුතලයේ නිර්මාණය කර තිබෙනවා. පසුතලයට ඔහු එතරම් විශේෂත්වයක් ලබා නොදීමට වගබලා ගෙන තිබෙනවා. නව විකල්ප රූප රාමු සමග විකල්ප සිනමාවක් ගෙන ඒම ඔහුගේ මූලික අභිප්‍රාය වූ බව මෙයින් පෙනි යනවා. මෙම දශකය තුළ නිර්මාණය වූ අනෙකුත් චිත්‍රපටවලට වඩා වෙනස් වූ වෙනස් මඟකට යන අධ්යක්ෂවරයෙක් තැනූ චිත්‍රපටයක් ලෙස මම මේ චිත්‍රපටයට කැමැත්තක් දක්වනවා.
ගම්පෙරළියගම්පෙරළිය චිත්‍රපටය මම වඩාත්ම කැමැති චිත්‍රපටක්. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මාගේ අධ්‍යක්ෂණය වූ ගම්පෙරළිය චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂණය කළේ ආරියවංශ වීරක්කොඩි විසිනි. අපේ කලා අධ්යක්ෂණයට බෙහෙවින් උපකාරී වූ සිනමා නිර්මාණයක් ලෙසින් මෙය දේශීය සිනමාවට විශේෂ වෙනවා. ගැමිකම, ගැමි සුවඳ මේ සෑම දෙයක්ම මෙම චිත්‍රපටයේ ඇතුළත් වෙනවා. ඇඳුම් පැළඳුම් පසුතල විශේෂ වෙනවා. 1963 වසරේ තිරගත වූ කළු සුදු චිත්‍රපටයක් වුවන් එහි වර්ණ අපට දැකිය හැකි වෙනවා.
කොහොම හරි මහත්තයාගේ මරණෙන් පස්සේ මගේ කීමට කීප අවස්ථාවක මේ යාචකයා ගෙදරට ආවා කෑම ටිකක් කාලා යන්න. ඒත් කාලෙක ඉඳලා මේ පුද්ගලයා යළිත් ආපු දිනයක් නම් නැහැ. රංගනය සමග පසුතලය අලංකරණය කිරීම රූපරාමු කෙතරම් දුරට ගැළපෙන්නේද යන්න මනාව අවබෝධ කරගත හැකි නිර්මාණයක් ලෙසින් ගම්පෙරළිය චිත්‍රපටය මා දකිනවා. මෙරට කොතෙක් ගැමි චිත්‍රපට බිහි වුවද අපට ඒවා තුළින් නියමාකාර වූ ගැමිකම දකින්නට ලැබුණේ නැති තරම්. ඒ අතින් ගම්පෙරළිය චිත්‍රපටය ඉතා ඉහළින් සිටිනවා. එහි ගෞරවය හිමි වන්නේ කලා අධ්යක්ෂවරයාටයි. මේ සෑම චිත්‍රපටයක්ම කලා අධ්‍යක්ෂණය කළ බවත් දක්නට නොලැබීම සුවිශේෂ වෙනවා. යම් නිර්මාණයක් තුළ කලා අධ්‍යක්ෂණය පෙනෙන්නට තිබේ නම් එය සත්‍ය වශයෙන්ම අසාර්ථක නිර්මාණයක්. සිනමා නිර්මාණයක චරිතයන් ජීවිතය සමඟ ස්වභාවිකව දැනෙනවා නම් එය සාර්ථක නිර්මාණයක්. ඒ වගේම ඒ චරිතයන්හි ප්‍රබල බව දැනෙන්නට විශාල හේතුවක් වෙනවා. මෙම චිත්‍රපටවල විශේෂත්වය වන්නේ දයාව, කරුණාව වැනි මානුෂික හැඟිම් කලා අධ්‍යක්ෂණයෙන් ප්‍රකාශ කළ ආකාරය යි.
|