|
සුන්දරයි ගින්දරීබන්ටි සහ ලැන්ටිගේ නිවහනට ගොඩවදින ටිකිරිඋදයකාන්ත වර්ණසූරිය නිර්මාණයක්
සැන්දෑවේ ඇරැඹුණු හිරිපොද වැස්ස නවතින වගක් නොපෙනෙයි. වෙනදා සුපුරුදු ලෙස විහිද ගිය රාස්සිගේ අව් දැල්ලට ඉඩක් නොතබාම පැමිණි වැහි අඳුර මුළු පරිසරයම ගිලගෙන හමාරය. හිරිපොද වැස්ස පිස හමන මදනල ගත හිරිගඩු නංවයි. හිරි පොද වැස්ස මොර සූරන වැස්සක් බවට පත්වූයේ එක්වරමය. මොර සූරන වැස්සේ කිසිවෙකු ගිය ද නොපෙනෙන තරම් ඝන අඳුරය. ඝන අඳුර හා සමානව හමන සුළඟ රුක් උදුරා දමන තරම්ය. මදනලේ වේගයත්, ඒ නිසා ඉගිලෙන්නට දඟලන විශාල රුක්වලින් නැගෙන ශබ්දයත් නිසා පරිසරයේ වූයේ කලබලකාරී බවකි. පන්සලේ ඝණ්ටාර කුලුන කිහිපවරක් නාද වූයේ මදනලේ සැඩ පරුෂ බව නිසාය. හෝරා කිහිපයක් ගෙවී ගියේ එලෙසිනි. හදිසියේම ඇසුණේ ඝණ්ටාර කුලුන ඈතට විසි වී යන හඬකි. ඉන් අනතුරුව ඝණ්ටාරය දරා සිටි කුලුන පුපුරා ගියේ නොසිතුවිරූ ලෙසය. ඝණ්ටාර කුලුන පිපිරීමත් සමඟ වූයේ ද අරුම පුදුම දෙයකි. ඒ මහා පිපිරීමත් සමඟ කෙනෙකු ගමන් කරන අයුරු පෙනෙයි. සැනෙන් පරිසරය හා මුසුවුණු විදුලිය කියා පෑවේ ඒ යුවතියක බවය. බන්ටි මුළුතැන්ගෙය දෙසට ගියේ වතුර වීදුරුවක් බීමටය. සුපුරුදු ලෙස ඔහු වතුර වීදුරුව අතට ගත්තා පමණි. මුළුතැන්ගෙයෙහි තවත් කිසිවකු සිටින වගක් ඔහුට වැටහී ගියේ ඉබේමය. ඔහු ඒ දෙස බැලුවේ එතැන සිටින්නේ ලැන්ටි නොවන වග සක්සුදක් සේ පැහැදිලිවම දත් නිසාය. ‘ආ . . .’ බන්ටි පුදුමයට මෙන්ම බියට පත්ව සිටියේ ඇගේ රුව දැකීමෙනි. ඔහු දත් ටික විලිස්සා සිනාසෙන තරුණිය දෙස බලා සිටියේ තමාටම වචන මතුරමිනි. ඒ කිසිවක් ප්‍රකාශ කරන්නට ඔහුගේ සිතට පිවිසිය ද ඒ වචන පෙළ දෙතොල අතරෙන් මතු නොවූයේ බියටමය. සෙමෙන් සෙමෙන් ආපස්සට හැරුණු ඔහු දිව ගියේ සිය යහළුවාට අලුත්ම තත්ත්වය දන්වන්නටය. ‘අරය ආයෙත් ඇවිල්ලා’ බොහොම අපහසුවෙන් සිය හඬ අවදි කළ බන්ටි ලැන්ටිගේ උරමතට නැග්ගේ බියෙනි. ‘මොකක් . . . මොකෙක්ද? කෝ . . .’ බන්ටිගේ කලබලයෙන් බිය වූ ලැන්ටි පැවසුවේ සිදු වූ කිසිවක් පිළිබඳ නොදත් නිසාය. ‘ඕ . . . මේ මොකද?’ දෙදෙනාම ඇඳ මත හිඳ ගත්තේ යළිත් වරක් තමන්ට සිදු වූයේ කුමක්දැයි සිතමිනි. ඈ යළිත් පැමිණ සිටින්නීය. ‘ටිකිරි . . . ටිකිරි . . .’ වසර කිහිපයකට පෙර ඔවුන්ට කට්ටඩියාගේ නිවසේ රාත්‍රිය ගත කිරීමට සිදු වූයේ අහම්බයෙනි. ඔහුගේ නිවෙසේ වැඩපළ කළ රූමත් තරුණිය කෙරෙහි බන්ටිගේත්, ලැන්ටිගේත් සිත් බැඳුණේ කාටත් හොරෙනි. ඔවුන් කෝල කොමළ යුවතියගේ සිනහවට වශීකෘත විය. ‘ටිකිරි නඟා කැමැති ද අපේ ගෙදරට එන්න. ඔයා එන්නකො අපේ ගෙදර’ ඒ සිනහවත්, රූමත් බවටත් ඔවුන් කොපමණ වශීකෘත වීද යත් ඇයට තමාගේ නිවෙසට එන ලෙස ආරාධනා කළේ කට්ටඩියාටත් හොරෙනි. ඊට පසුදා බන්ටි හා ලැන්ටි ද දැකීමට ලැබුණේ පුදුම උපදවන දර්නයකි. ඒ ටිකිරි නඟා ඔවුන් පසුපස පැමිණීමය. දෙදෙනාටම හීන් දාඩිය දමන්නේ ඇය යකින්නක් බව දැනගැනීමත් සමඟය. හාමුදුරුවෝ ඇය පලවා හැරිය ද නැවත පැමිණෙන්නේ ඔවුන්ගේ පොරොන්දුව ඉටු නොවූ හෙයිනි. එහෙත් පොරොන්දුව ඉටු කළ පසු ටිකිරි ඔවුන් අතැර ගියාය. ඒත් ඇය යළිත් පැමිණ සිටියි. ‘ඝණ්ටාර කුලුනට මොනවා වුණාද?’ ඔවුන් දෙදෙනා මුහුණෙන් මුහුණ බලා ගත්තේ යළිත් කුමක් හෝ වැරැදී ඇති වග සිහිපත් කරමිනි. වසර කිහිපයකට පෙර හිසරදයක් වී සිටි ඇය දැනුදු සිනහ වෙමින් ඔවුන් දෙස බලා සිටින්නීය. සුපුරුදු නිවසේ සියලු කටයතු සිදු වන්නේ ටිකිරි අතිනි. ඈ බන්ටිටත්. ලැන්ටිටත් කිසිදු වැඩක් කිරීමට ඉඩ නොතබා සියල්ල ඉටු කරන්නේ බිරියක ලෙසිනි. තනිකඩයන් දෙදෙනෙකු වූ ඔවුන්ගේ නිවසේ මෙවැනි සුන්දර යුවතියක් සිටීම කරදරයකි. අනෙක් අතට පහසුවකි. දෙදෙනාම සිටියේ කල්පනාවකට මැදිවයි. හදිසියේම පැමිණි වෑන් රථයක් මිදුලේ නතර කළේ වේගයෙනි. එය නැවැත් වූ වේගයට බන්ටිත්, ලැන්ටිත් සිය සිතුවිලි සයුරෙන් පියවි ලොව පැමිණියේ සැනෙණි. වාහනයේ දොර විවර කර ගනිමින් ඉන් බැසගත් පිරිසක් පැමිණ බන්ටිටත්, ලැන්ටිටත් පහර දෙන්නේ ඔවුන්ට කතා කරන්නටවත් මද අවකාශයක් නොතබාය. තොපිට වැරැදි ප්රවෘත්ති පළ කරන්න අපේ ඇමතිතුමාට විරුද්ධව . . .’ අයෙක් බන්ටිට පහර පිට පහර දෙයි. මේ අතර එහි සිටින සුන්දර යුවතියගේ දර්ශනයෙන් මත්වන ඇමතිවරයා ටිකිරිට ආශක්ත වන්නේ නොසිතූ අයුරෙනි. ‘ලොකු කරදරයකින් බේරුණා’ ගුටිකෑම නිසා ඇති වූ තුවාලවලින් විඳි පීඩාව ද නොතකන ඔවුන් පවසන්නේ එක්වරමය. ‘හ්ම් . . . දැන් ඉතින් කසාදයක් බඳින්න ඕන හොඳම කාලේ’ බන්ටි විවාහ දිවියට පත් වෙයිද? ටිකිරිව රැගෙන ගිය ඇමැතිවරයාට කුමක් වේද? මේ ආදී ගැටලු ගොඩක් ඔබගේ සිත්වල පැන නැගෙනු නියතය. ඒ ගැටලුවලට පිළිතුරු අප්‍රේල් 17 වැනිදා සිට රිද්මා හා සිනමා එන්ටර්ටේට්මන් මණ්ඩල සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ වන චිත්‍රපට අධ්යක්ෂ උදයකාන්ත වර්ණසූරියගේ 19 වැනි සිනමා නිර්මාණය වන ‘ගින්දරී - බහු බූතයෝ 2’ චිත්‍රපටය නැරැඹීමෙන් ඔබට හිමි වෙයි.
කතාව, දෙබස්, තිර රචනය හා අධ්‍යක්ෂණය - උදයකාන්ත වර්ණසූරිය නළු නිළියෝ - පබෝධා සන්දීපනී, මහේන්ද්‍ර පෙරේරා, රොඩ්නි වර්ණකුල, රිචඩ් මානමුදලි, ශ්‍රියන්ත මෙන්ඩිස්, ලෝචනා ඉමාෂි, රවීන්ද්‍ර යසස්, රත්නා සුමනපාල, සරත් චන්ද්‍රසිරි, සුසිලා කෝට්ටගේ, ආරියසේන ගමගේ, උදේනි, අනුර බණ්ඩාර රාජගුරු, ජීවන් හඳුන්නෙත්ති, ලසන්ත උඩුකුඹුර, සරත් පීරිස්, අනුර ශ්‍රීනාත්, ගාමිණී කොස්තා, උපුල් ගුණවර්ධන, චතුර පෙරේරා, සමන් වීරසිරි, අල්මේදා, ජයතිස්ස අතුලසිරි, අසංක දේවමිත්ර, ශිරෝමිකා ප්‍රනාන්දු, බොනිපස් ජයශාන්ත, ගරු රඟපෑම් - ලකී ඩයස්, රොෂාන් රණවන, උදාරි වර්ණකුලසූරිය සහය අධ්‍යක්ෂණය - ඩොනල්ඩ් ජයන්ත කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද වේශ නිරූපණය - නලින් ප්රේ්මතිලක කලා අධ්‍යක්ෂණය - අරුණ ඩයස් නිෂ්පාදන කළමනාකරණය - අසෝක ආරියරත්න ඇඳුම් නිර්මාණය - ශාන්ති වර්ණසූරිය සංස්කරණය හා ශබ්ද සැලසුම්කරණය - ප්‍රවීන් ජයරත්න සංගීතය - ආනන්ද පෙරේරා ගීත රචනය - කැලුම් ශ්‍රීමාල් නිශ්චල ඡායාරූප - මහේෂ් නිශාන්ත විශේෂ දෘශ්‍ය ප්‍රයෝග - තිලංක පෙරේරා ගීත ගායනය - නලින් පෙරේරා. ඒ. ජී. ධනුෂ්ක
|