වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

නාමල් ඔබට ඉක්මන් සුව

ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි අපේ ආදරණීය ගායක නාමල් උඩුගම මේ දිනවල අසනීපයෙන් ඉන්න එක රසික අපට දුක්බර ආරංචියක්. නාමල් ඔබට ඉක්මනින් නිරෝගී සුව ලැබේවා යැයි අපි පතමු.

මාලනී ජයසිංහ, අශෝක, ගීතා, ඉන්දු, ප්‍රහානි ජයසිංහ ඇතුළු පවුලේ සැම
 

ජයසිංහ විලා

ගැටහැත්ත

ගාල්ලේ බඩී සිනමාහල හොඳයි

ගාල්ල දිස්ත්‍රික්කයේ සිහින සිනමා (බඩී) නම් කුඩා සිනමාහලකි. ඉතාමත් දැකුම්කළු පරිසරයක ප්‍රේක්ෂක සිත් පුබුදුන ආකාරයට එය පිහිටුවා තිබේ. එහි කළමනාකාරතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට තුති පදනුයේ මෙන් වකවානුවක එවන් සිනමාහලක් කළමනාකරණය කිරීමය.
 

දයානන්ද ද සිල්වා

හික්කඩුව

බැලුම්ගලට දෙවි පිහිටයි

නෙත් ඔෆ්. එම්. බැලුම්ගලට සියලු දෙවි රැකවරණය ලැබේවා.

එය මෙහෙය වන බුද්ධිමත් නිලධාරීන් තියුණු දැනුම උපයෝගී කර ගනිමින් ලංකාවේ කෙරෙන අපරාධ, රහස් සාකච්ඡා, වංචා දූෂණ, ජාත්‍යන්තර වශයෙන් කෙරෙන මුදල් ගනුදෙනු ආදී නොයෙක් අයුරින් කෙරෙන අකටයුතුකම් ඉතා තීක්ෂණ අයුරින් පටිගත කොට ශ්‍රාවකයන්ට අසන්නට සැලැස්වීම බැලුම්ගලින් සිදු වේ. එමඟින් අපරාධකරුවන්ට ලබා දෙන්නේ මහත් දඬුවමකි.
 

තිලකරත්න විල්වල

කෑගල්ල

එම්. ජී. ගේ අලුත් ගීයට ආසයි

එම්. ජී. ධනුෂ්ක ගයන නවතම ගීතය අහන්න අහන්න ආසයි.
 

රියෝන් ගුණසේකර

කාක්කපල්ලිය

ඔය දෑස කුමකටද?

ජයන්ත චන්ද්‍රසිරිගේ මහරජ ගැමුණු චිත්‍රපටය නොබලපු දෑස කුමටද?
 

නන්දා ලියනගේ

මහවැව

නව සංකල්ප හරහා සිනමාව පෝෂණය විය යුතුයි

වත්මන් සිනමාව ගත් කළ එකම රාමුවක කොටු වී ඇති බව පෙනේ. ඊට හේතුව නම් ඓතිහාසික කතා සිනමාවට රැගෙන ඒමයි. එම තත්ත්වය අයහපත් නැත. නමුත් එය ප්‍රමාණාත්මකව සිදු විය යුතුයි. එලෙසම අධ්‍යක්ෂවරුන්ගේ ශක්‍යතාවය හරහා නිර්මාණ එළි දැක් විය යුතුයි. එනම් නව සංකල්ප හරහා සිනමාව පෝෂණය විය යුතුයි. අතීත පුරා වෘත්ත තිරයට ගෙන එන අතර නව සංකල්ප ඇසුරු කොට ගත් නිර්මාණ බිහි කිරීමෙන් අනාගත සිනමාවේ පැවැත්ම යහපත් වනු නොඅනුමානය.
 

හර්ෂ විරාජ්

නලවලාන

ගෝනාවිල

විජය තවමත් අප ළඟ

විජය කුමාරතුංගයන්ට,

මා දන්නා තරමින් ලෝකයේ සිටි ලස්සනම ප්‍රියමනාපම ආකර්ෂණීයම සහ රත්තරන් හදවතක් තිබූ ඒ මිනිසා කුරිරු මිනිසුන් විසින් ඝාතනය කර වසර 27 ක් වුව ද තවමත් ඔහු අප හදවත් තුළ ජීවත් වේ.


කේ. කේ. චමින්ද කුමාර

ඉහළගම

දෙණියාය

අමතක නෙවෙන මතකයන් අප වෙත රැන්දූ විජය කුමාරණතුංගයන්ගේ ගුණ සුවඳ සමරුව තුළින් අප බලාපොරොත්තු විය යුත්තේ ඔහුගේ නාමය දේශපාලන වෙළඳ සළකුණක් කරනවාට වඩා, උතුරා ගිය මානව භක්තියක් ඇති මහා රංගධයාණන්ගේ අගය මතු පරපුර වෙත දන්වා සිටීමටය.
 

යුද හමුදා විශ්‍රාමලත්

ගාමිණී වර්නපුර

කෝන්ගස් හන්දිය

කෑගල්ල

මිනිසත්කම රැගෙන මෙලොව එළිය දකින දරුවන් අතර සුවිශේෂී වූ මිනිසත් ගතගුණ සහිතව උපදින දරුවන් බිහි වනුයේ කලාතුරකිනි.

මෙම උදාර පුද්ගලයාගේ ජීවිතය තුළ රැඳුණු මානුෂික ගුණාංග අතරින් මානව හිතවාදී ගුණය ඉතා ඉහළින්ම ඉස්මතු වේ.

පොහොසත්කම මුදලින් ද, ගති ගුණවලින් ද යන දෙආකාරයෙන්ම ලබා ගත හැකි වුව ද වඩා අර්ථවත් වන්නේ ගතිගුණවලින් ලබාගන්නා පොහොසත්කම බව පැහැදිලිය.

මෙම උදාර පුද්ගලයාගේ පොහොසත්කම අදාල වන්නේ ද ගති ලක්ෂණ නිසා බැවින් අප ද එම ගතිගුණවලින් පොහොසත් වීම කාලෝචිතය.
 

විජය හිතවතෙකු වූ

ධම්මික ජයරංජන්

ගොතටුව නව නගරය

'උලත් එකයි පිලත් එකයි' සිනමාපටයෙන් අධ්‍යක්ෂණයට පිවිසි හර්ෂ උඩකන්ද ලාබාල අධ්‍යක්ෂවරයෙකි. කහවත්ත ප්‍රදේශයෙන් බිහි වූ ඔබගේ කුලුඳුල් සිනමාපටය මෙන්ම සියලු කලා කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා.
 

සෝමා එච්. පතිරණ

කහවත්ත

S.M.S.

දීපිකා ප්‍රියදර්ශනී තමයි මම ආසම ගායිකාව. ඇය අවසන් වතාවට නිකුත් කළ 'සුදු හංසනී' සංයුක්ත තැටිය වගේ තවත් සංයුක්ත තැටියක් ආයෙත් අපට ඕනෑ.
 

සංජානා

නුවර

හඬ කවා පෙන්වන කොරියන් නාට්‍ය දැන් අපිට එපා වෙලා. ඒ වෙලාවට වෙන වැඩ සටහනක් පෙන්වන්න.
 

පුබුදු

ගාල්ල

ඉතිහාස කතා යොදාගෙන අති දැවැන්ත නිර්මාණ යනුවෙන් හඳුන්වා දී ලංකාවේ හදන නිර්මාණ සාර්ථක නැත. ඒවා උඩින් පල්ලෙන් හදන නිර්මාණය. ඉතිහාස කතා හදන අය හොලිවුඩ් බොලිවුඩ්වල හැදෙන ඉතිහාස කතා බැලුවොත් මීට වඩා හොඳ චිත්‍රපට නිර්මාණය කළ හැකියි.
 

රංජිත්

මැදබාවිට

දෙරණ සිටි ඔෆ් ඩාන්ස් තරගාවලියේ කසුන් අයේෂා සහ ගිහාන් අමේෂ් දෙසොහොයුරන්ගේ ඩාන්සිං සුපර්
 

ෆාතිමා

වැලිගම

රේඛාව සමඟ සිංහල සිනමා ගී ලොව රැව් දුන් මියුරු රාවය නිහඬ වූ බව කෙසේ අදහන්නද? අප ප්‍රිය නොකළ කිසිදු ගීතයක් ඔහු සතුව නොතිබුණි. ඕලු නෙලුම්, ගයා ගීතයන්, හඳපානේ මල් පිපුනා, ආදරෙයි මං ආදරෙයි වැනි ගීත ඔහු අපට තිළිණ කරලීය.
සිසිර සේනාරත්න යනු එක් අයකි. නැවත කිසි දිනෙක ඔහු වැනි අයකු බිහි වන්නේ නැත.
 

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

පිදුරු සෙවිකල පැල්පතේ සිට මහ මන්දිරය දක්වා සියලු තරාතිරමේ අයට ගී ගැයූ සිසිර සේනාරත්නට නිවන් සුව.
 

සුමිත් වීරක්කොඩි

හොරණ

නිල්මිණි දෑසේ මැවූ ආලෝකය හද මැදුරේ සදහටම නිවී ගිය නමුත් එහි රශ්මිය සදහටම අප සිත් තුළට දැනේ.
 

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

සුරාජ් අයියේ, සේපාලිකා නාට්‍යයේ ඔබ කළ ලාලිත්‍ය සර්ගේ චරිතයත් තරුමලී නාට්‍යයේ කළ නිර්මාල්ගේ චරිතයත් මට තවම මතකයි.
 

හර්ෂ

නලවලාන

කොස්තාපල් පුඥ්ඥසෝම චරිතය රඟපෑ මහේන්ද්‍ර පෙරේරා තමයි අපට සිටින හොඳම චරිතාංග නළුවා. ඔහු රඟන සෑම චරිතයකටම මා කැමැතියි.
 

මොනිකා කුමාරි දිසානායක

අනුරාධපුරය

රන්ජන් රාමනායක තමයි තවමත් සිංහල සිනමාවේ පෙම්වතා. එතකොට වසන්ත කුමාරවිල තමයි හොඳම සටන් නළුවා. මං ඒ දෙන්නට හරිම ආසයි.
 

පී. එන්. ඒ. නිලුකා

අවිස්සාවේල්ල

දෙරණ නාලිකාවේ විකාශය වන ගිනි අවි සහ ගිනි කෙළි නාට්‍යයේ මත්පැන් බොන දර්ශන වැඩියි. මෙමඟින් කුඩා ළමුන් මතට පෙළඹෙනවා. එවන් වූ දර්ශන සීමා කොට නාට්‍ය පෙන්වන්න.
 

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

නාමල් උඩුගමට ඉක්මන් සුවය පතමි. ඔහු නැවතත් ප්‍රසංග වේදිකාවේ දකින තුරු අප ආසාවෙන් පසු වෙමු.
 

දිමුතු

ගාල්ල

අද ඩ්‍රාමාවල ඉන්න කොල්ලො කෙල්ලො හිතාගෙන ඉන්නේ තමන් තමා සුපිරිම වැඩකාරයෝ කියලා. ඒත් ප්‍රේක්ෂකයෝ වුණ අපට තමයි ඔවුන්ගේ සැබෑ වැඩ පෙන්නේ. අලුතින් එන නළු නිළියෝ ඉගෙන ගෙන රඟපාන්න එනවා නම් තමයි වඩා සාර්ථක. නැතිනම් ඔවුන් අප ඉදිරියේ පීචං වෙනවා.
 

තිලකරත්න

කලවාන

උදාරි අක්කේ ඔයා බිනරමලී ටෙලි නාට්‍යයේ ඇක්ට් කරනවා හරිම තාත්ත්විකයි. එමඟින් ඔබේ රංගන හැකියාව තවත් මතුව පේනවා. ඔබේ පුංචි දියණියවත් රංගනයට යොමු කරන්න. ඇයත් ඔබ වගේම හොඳට රඟපාවි.
 

මධුශිකා සඳරුවනි

කඩුවෙල

චාන්දනී සෙනෙවිරත්න තරම් උසස් නිළියක් මා දැක නැහැ. ඇය නිතරම සම්මානවලට නිර්දේශ වන්නේ ඇයගේ ඇති අපූර්වතම දක්ෂතාවය නිසා.
 

සුනිල් බී. වේහැල්ල

ගෝනපොළ

තනි අකුරකින් පටන් ගන්න ගුවන් විදුලි නාළිකාවක හවස වැඩසටහනෙහි සිටින නිවේදකයා තොර තෝංචියක් නැතුව කියවයි. එපා වෙනවා අහගෙන ඉන්න.
 

දයාල්

මහරගම

සිතින් විතරක් පෙම් කරන්නම් ගීතයෙන් සංගීත ලොවට අවතීර්ණ වූ චාමර වීරසිංහ ගයන 'දිවියම වාගේ' නම් වූ පිය ගුණ ගීතය මා බෙහෙවින් අගය කරමි. නව පරපුරේ අය එවන් වූ ගීත නොගයන යුගයක ඔබ විසින් කළේ දුප්පත් පියවරුන් ඇගයීමය.
 

සහන්

නිට්ටඹුව

භාතිය සන්තුෂ් නැවතත් බයිලා ආරෙට ගීයක් ගයන්නකෝ. ඔවුන්ගේ පෙර බයිලා ගීත හරිම ලස්සනයි.
 

නිහාල්

පින්නදූව

අනේ මන්දා, සමහර චිත්‍රපට තියෙනවා ඒවා හදන්නේ ප්‍රේක්ෂක අපට බලන්නද, නැතිනම් හෝල්වල ඉන්න මැක්කන්ට බලන්නද කියලා හිතාගන්න බැහැ.
 

සුනිල්

කොළඹ 07

සනත් ගුණතිලකගේ සිනහව අතරින් චිත්‍රපටය ඉතාම ඉක්මනින් නරඹන්න ආසයි.
 

කවීෂා

මතුගම

දයා වයමන් සෙඳුරු කලාකරුවෙකි. ඔහු විසින් නිර්මාණය කළ වේදිකා නාට්‍ය හරහා බොහෝ පිරිසක් රංගනයට පැමිණියේය. දයා මහතා අද වන විට සැඳෑ සමය ගත කරයි. ඔහුට උපහාර පිදිය යුතු කාලයයි මේ.
 

ලක්මාලි

වරකපොල

ගයේෂා පෙරේරා අපට සිටින නිර්භීතම නිළියයි. ඇය රංගනය වෙනුවෙන් කරනා කැප කිරීම් අන් කිසිදු නිළියකට කළ නොහැකියි. ඇයට උපහාර කළ යුතුයි.
 

වසන්ත

කඹුරුගමුව

ආදර දෑසක් බලන්න හිතෙන කතාවක්. අමිල, කාවිංග, උදාරි හොඳයි.
 

කමල් පද්මලාල්

වත්තල

ප්‍රතිචාර කෙටි පණිවුඩ 0752805047 තැපැල් හෝ සටහන් පත්

‘ප්‍රතිචාර’, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.

වෙබ්
www.sarasaviya.lk

විද්‍යුත් ලිපිනය
[email protected]