|
නොකඩවා සති 1009ක්
1995 වසරේ ප්‍රථමවරට තිරගත කළ එය යෂ්රාජ් ෆිල්ම්ස් සහ මාරථ මන්දිර් සිනමා ශාලාව එක්ව මේ දක්වාම සති 1009ක කාලයක් පුරා තිරගත කර තිබෙනවා. මේ වනවිට වසර විස්සකට ආසන්න කාලයක් ගතවී ඇති බැවින් එය නවතා දමන්න පසුගිය දිනෙක යෂ්රාජ් ෆිල්ම්ස් සහ මාරථ මන්දිර් තීරණය කළා. නමුත් බොලිවුඩ් රසික රසිකාවන් නම් මේ තීරණය ගැන සතුටු වුණේ නැහැ. මේ ප්‍රේමණීය කතාපුවත තමන් කෙරෙන් දුරස්වනු දකින්න ඔවුන් කැමැති වුණේ නැහැ. ඒ නිසාම මේ ජනප්‍රිය ප්‍රේම කතාවට තිරයේ තවත් කාලයක් වෙන් කරන්න යෂ්රාජ් ෆිල්ම්ස් සහ මාරථ මන්දිර් දැන් තීරණය කරලා. විසි වසරක් ගත වුණත් මෙම සිනමා නිර්මාණයේ ආකර්ශනය නම් ටිකක්වත් වෙනස් නොවු බව මෙයින් පැහැදිලියි.
|