වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳම චිත්‍රපටය බර්ඩ්මෑන්

හොඳම චිත්‍රපටය බර්ඩ්මෑන්

Birdman

හොලිවුඩයේ ආකර්ශනීය ඔස්කාර් සම්මාන උළෙල පසුගිය 22 වැනිදා රාත්‍රියේදී ලොස් ඇන්ජලීස්හි ඩොල්බි රංග ශාලාවේදි උත්කර්ශවත් අයුරින් පැවැත්වුණි. 78 වැනිවරට පැවැති මෙවර උළෙලේ හොඳම චිත්‍රපටය ලෙසින් සම්මානනීය වූයේ, ඇලෙක්සැන්ද්‍රෝ ගොන්සාල්වේස් අධ්‍යක්ෂණය කළ Birdman  චිත්‍රපටය යි. හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් වූ සම්මානයද ඔහුට හිමි විය. මෙවර වැඩිම සම්මාන ගණනක් සඳහා නිරේදේශ වූයේ Birdman සහ The Grand Budapest Hotel  චිත්‍රපටයි. ඒ අතරින් මෙම චිත්‍රපට ද්විත්වයම සම්මාන හතර බැගින් දිනාගන්නා ලදී. ජීන් හර්ෂොල්ට් මානුෂික සම්මානය හැරී බෙලෆොන්ටේ පිරිනැමුණු අතර ජීන් ක්ලුඩේ , හයාඕ මියාසකී සහ මොරීන් ඕහාරා විශේෂ ඇකඩමි සම්මානයන්ගෙන් පිදුම් ලැබූහ.

 හොඳම නළුවා - එඩී රෙඩ්මයන් - The Theory of Everything

 හොඳම නිළිය - ජුලියානා මුවර් - Still Alice

 හොඳම සහාය නළුවා - ජේ. කේ. සිමොන්ස් - Whiplash  

ජුලියානා මුවර්

එඩී රෙඩ්මයන්

ඇලෙක්සැන්ද්‍රෝ ගොන්සාල්වේස්

හොඳම සහාය නිළිය - පැට්‍රීෂියා ආක්‍යුට් - Boyhood

 හොඳම පරිගණක සජීවකරණ වෘත්තාන්ත චිත්‍රපටය -  Big Hero 6

 හොඳම කැමරාකරණය - එමානුවෙල් ලුබෙස්කි - Birdman

 හොඳම ඇඳුම් නිර්මාණය - මිලෙනා කැනොනොරෝ - The Grand Budapest Hotel

හොඳම වාර්තා චිත්‍රපටය - Crisis Hotline: Veterans Press 1

 හොඳම සංස්කරණය - ටොම් ක්‍රොස් - Whiplash

 හොඳම විදෙස් චිත්‍රපටය - Ida (පෝලන්තය)

 හොඳම කෙටි චිත්‍රපටය (පරිගණක සජීවකරණ) - Feast

 හොඳම ක්‍රියාදාම කෙටි චිත්‍රපටය - The Phone Call

 හොඳම වේෂ නිරූපණය - ෆ්‍රැන්සිසි හැනොන්, මාර්ක් කොලියර් - The Grand Budapest Hotel

 හොඳම ස්වීය සංගීතය - ඇලෙක්සැන්ඩර් ඩෙස්ප්ලට් - The Grand Budapest Hotel

 හොඳම ගීතය - “Glory” - Selma

 හොඳම නිෂාපාදන සැළසුම්කරණය - ඇඩම් ස්ටොක්හුසේන් (නිෂ්පාදන) , ඇනා පිනොක් (පසුතල) The Grand Budapest Hotel

 හොඳම සංගීත සංස්කරණය - ඇලන් රොබට් මුරේ, බබ් ඇස්මාන් - American Sniper

 හොඳම සංගීත සංයෝජනය - ක්‍රෙග් මාන්, බෙන් විල්කින්ස්, තෝමස් කෘලි - Whiplash

 හොඳම දෘෂ්ටි ප්‍රයෝග - පාවුල් ෆැන්ක්ලින්, ඇන්ඩෘ ලොක්ලි, ඉයන් හන්ටර්, ස්කොට් ෆිෂර් - Interstellar

 හොඳම ස්වීය තිර රචනය - ඇලෙක්සැන්ද්‍රෝ ගොන්සාල්වේස් ඉනාරීතු, නිකොලස් ගියොකොබෝන්, ඇලෙක්සැන්ඩර් ඩිනෙලාරිස්, ආමෙන්ඩෝ බෝ ජූනියර් - Birdman

 හොඳම අනුවර්තන තිර රචනය - The Imitation Game – Graham Moore from Alan Turing: The Enigma by Andrew Hodges