වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




තමන්ගේ වැඩක් බලා නොගෙන

තමන්ගේ වැඩක් බලා නොගෙන

හැමදේම ඉවසාගෙන ඉන්නේ නැතුව වරද දුටු තැන කතා කරන්න සමහරුන් මැළිකමක් දැක්වුවත් ඇතැම් අය එහෙම නැහැ. ඔවුන් එය විවේචනය කරමින් කතා කරනවා. පසුගිය දවසක සුපිරි නළු අමීර්ටත් එවැනි සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා.

ඒ හාස්‍යමය වැඩ සටහනක් නිසා. එහි සිදු වූ ඇතැම් දේ පිළිබඳ ඉවසාගත නොහැකි වූ අමීර් එය විවේචනය කරමින් ඒ සඳහා සහභාගි වූ අයටත් දෝෂාරෝපණය කළා. කරන් ජොහාර්, අර්ජුන් කපූර්, රන්වීර් සිං, අනුරාග් කාෂ්‍යප්ට මේ නිසා අමීර් හොඳටම දෙහි කපලා. හමේ වර්ණය, ලිංගිකත්වය ගැන කියමින් මිනිසුන්ට අපහාස කිරිම සාහසික ක්‍රියාවක් යැයි අමීර් චෝදනා කරනවා. අපහාස කළ අය නීති කඩකරලා නම් දඬුවමට මුහුණ දෙන්නත් ඕනි කියලත් අමීර් පවසනවා.

මෙම වැඩසටහනට සහභාගි වුණු කැනේඩියානු හාස්‍යමය රංගන ශිල්පී රසල් පීටර්ස් නම් අමීර්ගේ මේ ප්‍රකාශය හෙළා දකිමින් ප්‍රකාශයක් නිකුත් කරලා. “ඇත්තටම එයා කවුද? මහලොකු නළුවෙක්ලු. එක් අයෙකු කළ වරදකට අනෙක් අය වග කියන්නේ මොකටද? ඒකට වගකියන්න ඕනි ඒක කියපු කෙනා. අනික අමිර් සම්පූර්ණ වැඩසටහන නරඹලා නැතුව චෝදනා කරන එක වැරදියි. මම කියන්නේ එයාට එයාගේ පාඩුවේ වැඩක් බලාගන්න කියලායි”. රසල් පවසනවා.