වර්ෂ 2015 ක්වූ පෙබරවාරි 26 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවිය: සල්මන්ට තීන්දුවක්: Sarasaviya e edition - Lake House - Sri Lanka

සල්මන්ට තීන්දුවක්

වරදක් කළොත් දඬුවමක් නම් ලැබෙනවා. ජනප්‍රිය පුද්ගලයෙක් වරදක් කළොත් එයට දඬුවම් වගේම ප්‍රසිද්ධියත් ලැබෙනවා. සල්මන් ඛාන්හට මීට වසර කිහිපයකට පෙර විවිධ චෝදනා එල්ල වුණා. වැරදි නිසා දර්ශන තලයට අමතරව කිහිප වරක්ම උසාවියට යන්නත් ඔහුට සිදු වුණා. මේ වනවිට සල්මන්ව විරුද්ධව නඩු කිහිපයක්ම උසාවියේ විභාග වෙමිනුයි තියෙන්නේ.

ඒ අතරින් දුර්ලභ ගණයේ මුවෙකුට වෙඩි තැබීම සම්බන්ධයෙන් වන නඩුවේ සාක්ෂි කැඳවීම පසුගිය දිනක අවසන් කෙරුණා. ඒ හේතුවෙන් ඔහු සතු වූ තුවක්කුව සහ පිස්තෝලය අත්අඩංගුවට ගැනුනා. ඒ වනවිටත් ඔහු සතු වූ බලපත්‍ර කල් ඉකුත් වෙලා. 1999 වසරේදී Hum Saath Saath Hain චිත්‍රපටයේ රූගත කිරීම අතරතුර සිදු වූ මෙම වෙඩි තැබීම සිදුකිරීම සම්බන්ධයෙන් සල්මන්ට විරුද්ධව නඩු පැවරෙන විටදී එම චිත්‍රපටයට දායක වෙමින් සිටි තාබු, සොනාලි බන්ද්‍රේ, සයිල් අලි ඛාන් සහ නීලම් ද වරදකරුවන් ලෙසින් චෝදනා ලැබුවා. ඒ වෙඩි තැබීමට උනන්දු කිරීම සම්බන්ධයෙන්.

දැනටමත් සල්මන්ට මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය වීසා පවා අහිමි වෙලා. මෙම නඩුවට තීන්දුව ලද පසු ළඟඳීම ඔහුට බ්‍රිතාන්‍ය වීසා ලැබෙනු ඇත.