වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




හත්වැනි යුරෝපා චිත්‍රපට උලෙළ අදින් ඇරැඹේ...

හත්වැනි යුරෝපා චිත්‍රපට උලෙළ අදින් ඇරැඹේ...

රටවල් 11ක් මෙවර චිත්‍රපට උළෙලේ

හත්වැනි යුරෝපා චිත්‍රපට උළෙල අද (27) සිට ලබන දෙසැම්බර් 05 වැනිදා දක්වා කොළඹ 07, ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්වේ.

මෙවර උළෙලට පෝලන්තය, ස්විස්ටර්ලන්තය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ප්‍රංශය, රුමේනියාව, ස්ලොවැකියාව, ඉතාලිය, ඩෙන්මාර්කය, ජර්මනිය සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් චිත්‍රපට රැසක් තිරගත කිරීමට නියමිතය.

විසිහත් වැනිදා උළෙලේ සමාරම්භය සනිටුහන් කෙරෙන්නේ සම්මානනීය චිත්‍රපටයක් වන Papusza චිත්‍රපටයෙනි. ජොආනා කොස්කෲස් සහ ක්‍රිස්ටොෆ් කෲස් විසින් අධ්‍යක්ෂණය කෙරැණු එහි පෝලන්ත ජාතික කිවිඳීයක හා ගායිකාවක වන බ්‍රොනිස්ලාවා වේජ්ගේ කතා පුවත ගෙන එන්නෙකි.

සම්මානනීය අධ්‍යක්ෂවරයෙකු වූ බිලී ඕගස්ට් අධ්‍යක්ෂණය කළ Night Train to Lisbon  ගුරුවරයෙකු වටා ගෙතුණු කතා පුවතක් රැගෙන එන ස්විස්ටර්ලන්ත චිත්‍රපටය කි.

මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තරුණයෙකු එයින් මිදීමට ගන්නා උත්සාහයත් අඳුරු අතීතය තුළින් පැමිණ යහපත් අනාගතයක සිහින මවන මෙම තරුණයාගේ කතා පුවත රැගෙන එන්නේ I’ll be the Goalie චිත්‍රපටය යි. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සැබින් බෝස් විසිනි.

ඩාන් පෝලේ සහ ගිල්ස් ටෙරේරා අධක්ෂණය කළ Muse of Fire නළුවන් දෙදෙනෙකු ලොව ශ්‍රේෂ්ඨතම නාට්‍ය නිර්මාණකරුවා සොයා යන ගමන ගෙන එන්නක්.

The Invisible Women ප්‍රීතිමත් කාන්තාවක, පාසල් ගුරුවරියක වූ නෙලී නම් කාන්තාවගේ අදිසි ජීවිතය ගැන කතා කරන කතාවයි. ඔස්කාර් සම්මාන උළෙලේ දෙවතාවක් නාමයෝජනා ලද රංගන ශිල්පියෙකු වන රැස්ෆ් ෆයින්ස් The Invisible Women අධ්‍යක්ෂනය කර තිබේ. බාර්බ්‍රා බ්‍රේඩෙරෝ අධ්‍යක්ෂණය කළ Mister Twister – Class of Fun  චිත්‍රපටයෙන් කියවෙන්නේ ප්‍රාථමික විද්‍යාලයක තරුණ ගුරුවරයෙකු ලබන්නා වූ උපහාසාත්මක අත්දැකීම් සමුදායක් පිළිබඳවයි.

ජෙරාඩ්, ලියෝ, කීස් සහ නිකෝ නම් මිතුරන් සිවුදෙනා ගේ අරමුණ රොටර්ඩෑම් මැරතන් තරඟය වෙනුවෙන් අනුග්‍රහකයෙකු සොයා ගැනීමයි.

එය ජයග්‍රහණය කිරීම ඔවුන්ගේ වාහන අලුත්වැඩියා ස්ථානය සින්නවීමෙන් බේරා ගැනීමටද කදිම අවස්ථාවක් සේ ඔවුන් සළකයි. එම වෑයම ගෙන එන්නේ නෙදර්ලන්ත සිනමා නිර්මාණයක් වූ The Marathon  චිත්‍රපටය මගිනි.

ප්‍රබන්ධය සහ යථාර්ථය, චිත්‍රපට සහ වාර්තා වැඩසටහන් අතර වින්සන්ට් ලින්ඩන් සහ ඒලියන් ෂේවිලර්, අධ්‍යක්ෂ සහ නළුවා, ජනාධිපති සහ ඇමැති යන මේ සියල්ල සම්බන්ධ වෙන්නේ ඒලියන් ෂේවිලර්ගේ Pater චිත්‍රපටයෙනි.

2011 වසරේ කාන් සිනමා උළෙලේ ගෝල්ඩන් පාම් සම්මානයට ද මෙම චිත්‍රපටය නිර්දේශ විය. තම පවුල් සංස්ථාව තුළ තනි වූ කැරොලින් නම් දන්ත වෛද්‍යවරියට අහම්බයන් පුද්ගලයෙකු හමුවීම සමගින් අත්වන ඉරණමේ කතාව ගෙන එන්නේ Bright Days Ahead චිත්‍රපටය යි.

1911 වසරේදී ග්‍රෙගරි බ්‍රෙසීනා සහ සුප්‍රසිද්ධ ව්‍යාපාරික ලියොන් පොපෙස්කා, රුමේනියානු නිදහස් සටන පාදක කරගත් චිත්‍රපටය නිර්මාණය කිරීම පිළිබඳ කතා පුවත ගෙන එන චිත්‍රපටය The Rest is Silence චිත්‍රපටය යි.

එය නානේ කැරන්ෆිල් ගේ අධ්‍යක්ෂණයකි. Tiger in the City නම් ස්ලොවැකියානු චිත්‍රපටයෙන් තම ජීවන සහකාරියන් පිළිබඳ සිහින මවමින් සිටින මිතුරන් තිදෙනෙකු පිළිබඳ කතාපුවතක් කියවේ.

දහසකුත් විද්‍යාවන් ප්‍රගුණ කළ පූජකවරයෙක්, ආශ්චර්යමත් ආශ්‍රමයක්, අත්ලෙහි රුධිරය තවරාගත් තරුණයෙක්. මේ සියල්ල එක්තැන් වෙන කතාපුවත ගෙන එන්නේ මරීනා සෙන්ජල් සොලිකන්ස්කා අධ්‍යක්ෂණය කළ The Legend of the Flying Cyprian චිත්‍රපටයෙනි.

පැලර්මෝ තම සිඟිති දියණිය සාහසික මිනීමැරුමක ගොඳරක් වූ පසු දුක තුනි වී යන්නේ රජය විසින් කඩිනමින් ලබා දෙන විශාල ධනපරිත්‍යාගය හේතුවෙනි.

තම ජීවිතයට වරමක් සේ ලද මේ විශාල ධනයට ඔහු කුමක් සිදුකරන්නේ ද? යන්නට විසඳුම ගෙන එන්නේ ඩැනියෙල් සිප්රිගේ අධ්‍යක්ෂණයක් වූ It was the Son චිත්‍රපටය යි.

සම්මාන රැසකින් පිදුම් ලද ඒ A HighJacking චිත්‍රපටය භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්නේ අත්අඩංගුවට පත්ව සිදුවන ඉරණම ගෙන එයි. එහි අධ්‍යක්ෂණය තෝබියස් ලින්ඩ්හොල්ම් විසිනි.

දහනමවන ශතවර්ෂයේ ආරම්භය සමගින් මිනිසුන් දෙදෙනෙකු ලොව වටා සංචාරයේ යෙදෙයි. එක් පුද්ගලයෙකු පෙනෙන දේ පිළිබඳවද අනෙක් පුද්ගලයා නොපෙනෙන දේ පිළිබඳවද අවධානය යොමු කරයි.

ඔවුන්ගේ කතාපුවත රූප පෙළක් ලෙස ගෙන එන්නේ ඩෙට්ල් බක් නිර්මාණය කළ Measuring the World චිත්‍රපටයෙනි.

කාලය ගත වන බව නොපෙනෙන අපූරු නගරයක කතාව ගෙන එන Finsterworld ෆ්‍රාරුක් ෆයින්ස්ටර් වෝල්ඩර් ගේ අධ්‍යක්ෂණයකි. මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ දැකලා පුරුදු කෙනෙක් (The Strange Familiar) මෙවර යුරෝපා සිනමා උළෙල ශ්‍රී ලංකාව නියෝජනය කරන චිත්‍රපටයයි.

යුරෝපා සංගමය කොළඹ සහ නවදිල්ලියේ යුරෝපා තාතාපති කාර්යාලය එක්ව සංවිධානය කෙරෙන යුරෝපා චිත්‍රපට උළෙලේ වැඩසටහන් සම්පාදක ලෙස අනෝමා රාජකරුණා කටයුතු කරයි. මෙවර චිත්‍රපට උළෙල යාපනය සහ හොරණදී ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

චිත්‍රපට උළෙලේ කාල සටහන

නොවැම්බර් 27 ප.ව 6.30 Papusza (පෝලන්තය)

නොවැම්බර් 28 ප.ව 3.30 Mister Twister – Class of Fun  (නෙදර්ලන්තය)

ප.ව 6.30 The Legend of the Flying Cyprian (ස්ලොවැකියාව)

නොවැම්බර් 29 ප.ව 3.30 Pater (ප්‍රංශය)

ප.ව 6.30 The Invisible Women (එක්සත් රාජධානිය) - වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි

නොවැම්බර් 30 පෙ.ව10.30 Papusza (පෝලන්තය)

ප.ව 3.30 A HighJacking (ඩෙන්මාර්කය)

ප.ව 6.30 Finsterworld (ජර්මනිය) - වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි

දෙසැම්බර් 01 ප.ව 3.30 Tiger in the City (ස්ලොවැකියාව)

ප.ව 6.30 The Rest is Silence  (රුමේනියාව) - වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි

දෙසැම්බර් 02 ප.ව 3.30 I’ll be the Goalie  (ස්විස්ටර්ලන්තය) - වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි

ප.ව 6.30 It was the Son (ඉතාලිය)

දෙසැම්බර් 03 ප.ව 3.30 Muse of Fire  (එක්සත් රාජධානිය) - වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි

ප.ව 6.30 The Marathon (නෙදර්ලන්තය) - වැඩිහිටියන්ට පමණයි

දෙසැම්බර් 04 ප.ව 3.30 Measuring the World (ජර්මනිය) - වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි

ප.ව 6.30 Night Train to Lisbon  (ස්විස්ටර්ලන්තය) - වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි

දෙසැම්බර් 05 ප.ව 3.30 Bright Days Ahead (ප්‍රංශය) - වැඩිහිටියන්ට පමණයි

ප.ව 6.30 The Strange Familiar (ශ්‍රී ලංකාව) - වැඩිහිටියන්ට පමණයි