|
|
තුති පුදමි
සුවහසක් වූ රසික රසිකාවන්ට සිය හැඟුම්බර ස්වරයෙන් ගීත ගායනා කරමින් චිත්‍රපට
පසුබිම් ගායනයටත්, චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණයටත් නොමඳ දායකත්යක් ලබා දෙමින් ගීත
අඹරේ දිදුලන පහන් ටැඹක් වන් ප්‍රවීන ගායන ශිල්පි සිසිර සේනාරත්න වෙනුවෙන් නිල්මිණි
දෑසේ නම් වූ උපහාර ගී ප්‍රසංගයක් පැවැත්වීම ගැන හෘදයාංගමව සංවිධායක මණ්ඩලයට තුති
පුදමි. එච්. ඉන්ද්‍රපාල මුංහේන
ඇයි මෙහෙම කරන්නේ
එදා රංගනයේ පතාක යෝධයෙක් වූ ජේ. එච්. ජයවර්ධන අද රෝගීව දෑස් පෙනීම නොමැතිව ගිලන් වී
ඇඳටම සීමා වූ චරිතයක් වෙලා. ඔහුට ලැබිය යුතු සියලු සැප පහසුකම් ලබා දෙමින් දරුවන්
ඔහුගේ යුතුකම් නොපිරිහෙලා ඉටු කලත් ජයවර්ධනයන්ගේ සුවදුක් විමසීමට කලා ලොව කවුරුවත්
පැමිණ නැති බව ආරංචි වේ. මියගියාට පසුව පුද පූජා පවත්වනවාට වඩා ජීවත්ව සිටින කාලයේ
ඔහුගේ සිත සතුටට පත් කිරීම තමයි කළ යුත්තේ. මේ කාරණය ඔහුට පමණක් නොව වයෝවෘද
කලාකරුවන් සියල්ලටම පොදුයි. ඔවුන් ඉන්නා කාලයේදී ඔවුන්ගේ දුක සැප හොයමු. එතකොට මිය
ගිය පසුව උත්සව නොපැවැත් වුවත් කමක් නැති වේවි. සුසිලා පතිරාජ උස්වැටකෙයියාව
අමිල පඬුරකි
කීර්තිමත් කීර්ති පැස්කුවල් විසින් ඉදිරිපත් කරන සොනික් දින පොත (කලාකරුවන්ගේ
දුරකන නාමාවලිය) සමස්ථ කලාකරුවන් ළඟ තිබිය යුතු කියා නිම කළ නොහැකි අගනා අමිල
පඬුරකි. මිල්ටන් මලවිආරච්චි බණ්ඩාරවත්ත ගම්පහ
ටෙනිසන් කුරේට,
සිනහව ජීවිතය කර ගනිමින් රසික අපවද සතුටු කරමින් සුවිශේෂී මෙහෙයක් කරන ඔබතුමාගේ
නාට්‍ය දන්සැල කැලණියට රැගෙන එනතුරු සිනාවෙන් බඩකට පුරවා ගන්නට අපි සාගින්නෙන් බලා
සිටින්නෙමු. නීටා මාසලින් කැලණිය
රටවල් අතර සහයෝගය
යුරෝපා සිනමා උළෙලක් සිව්වැනි වරටත් ලංකාවේ පැවැත්වීම රටවල් අතර සහයෝගය කියා
පාන්නකි. වියානි ගුණවර්ධන වෙන්නප්පුව පල්ලිය පාර
සියත නාලිකාවෙන් විකාශය වන රාත්‍රිය ඔබයි වැඩ සටහන තාමත් හොඳ වැඩසටහනක් බව නිසැකවම
කිව යුතුයි. දයානන්ද ද සිල්වා හික්කඩුව
හරි ජොලි
ජාතික රූපවාහිනියෙන් විකාශය වන ‘නෝ ජෝක්ස්’ වැඩසටහන හරි ජොලිනෙ. තිලකරත්න විල්වල කෑගල්ල
බෙරිහන් දෙන්න එපා
දැන් දැන් පැවැත්වෙන සංගීත සන්දර්ශනවල ගී ගයන ඇතැම් ගායකයන් ගිරිය කඩාගෙන ඉතා
අපහසුවෙන් ගී කියනු දැකීම අප්‍රසන්නයි. අනේ මේ, ගී ගයන්න බැරි නම් නිකම් ඉන්න
ආයුබෝවන්. සුනිල් චන්ද්‍රසේකර යාගොඩමුල්ල කොටුගොඩ
සතුටකි
දිනපතා උදේ වරුවේ ස්වාධීන රූපවාහිනියෙන් ජනප්‍රිය පබා ටෙලි සිතුවම නැවතත් විකාශය
වීම පිළිබඳ මට ඇත්තේ කියා නිම කළ නොහැකි සතුටකි. මැණිකේ විල්වල කෑගල්ල තටාකය පාර.
S.M.S.
මම නම් හරිම ආසයි තිසුරි යුවනිකා ඉන්න නාට්‍ය බලන්න. මං ටී. වී. එකේ බලන්නෙත් ඇය
රඟපාන නාට්‍ය පමණයි. ඉරේෂා කෑගල්ල
ඉරිදා දහවල් දෙකට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ ප්‍රචාරය වන පැරැණි
හින්දි ගීත සිංහල ගීත වැඩසටහන තව පැයක්වත් වැඩියෙන් ප්‍රචාරය කරන්න. සපුමල් සේනාරත්න කළුතර
සම්පත් සල්පිටිකෝරාලට,
ඔබ වැනි තාරුණ්‍යය නියෝජනය කරන නිවේදකයකු, කරුණාරත්න අබේසේකර සූරීන් පිළිබඳ හඬ
සඟරාවට පළ කර තිබූ සටහන ඉතාමත් අගය කරමි. ජෙසිකා මීගමුව
සිහිනය නමින් නිම වුණ සිනමා සිතුවම්.
සිහිනය
හර්ෂනාථ බණ්ඩාර නිකවැරටිය
ගී ලොවේ කොතරම් තරු පෑයුවත් සදාකල් දිලෙන කසුන් තාරකා යුවළ ලතා සහ ඇන්ජලින් පමණි. නුවන් රත්නපුර
සේනානායක වේරලියද්ද ගයන එනකල් බලන් ගීතය මගේ හිතට තදින් දැනුණා. අසංගිකා කුරුණෑගල
ගී තනු නිර්මාණය කරමින් සිංහල සිනමාව රසවත් කළ රසාලිප්ත සංගීත අධ්‍යක්ෂ සහ චිත්‍රපට
නිෂ්පාදක සරත් දසනායකයන් වියෝ වී වසර පහළොවක් ගත වුවත් ඔහුගේ මියුරු සංගීතය තවමත්
අප අතර පවතියි. චන්න චන්දනගම
අකිල ධනුද්ධර අයියේ ඔයාගේ Acting Super ඒ වුණත් ඔයාගේ කොණ්ඩය තව Short කළොත්
ලස්සනයි. දිල්රුක්ෂි වත්සලා කේෂිනි චාමිණි පන්නිපිටිය
රට පුරා පවත්වන විචිත්‍රවත්ත සංදර්ශන නැට්ටුක්කාරියන්ගේ විකාර නර්ථනවලින් අවලස්සන
වෙනවා. යූ. ජී. පාලිත කුමාරසිංහ ගඩලාදෙණිය
ස්වර්ණවාහිනියේ පොහෝ දින අමාදහර දහම් සභාවට අත්තනායක එම්. හේරත් මහත්තයා වගේම උපුල්
ශාන්ත සන්නස්ගල මහත්තයාවත් එක් කර ගන්න. ඉඳුනිල් පානකඩුව
චන්දන ලියනාරච්චිව හැබහින් දකින්න මං හරි ආසයි. අමන්දා ගාල්ල
විවිධ මං පෙත් අතර තම කලා හැකියාවන් ඔප් නංවා ගනිමින් රසික මනදොල සපුරාලීමට පුංචි
තිරයෙන් රිදී තිරයෙන් නිර්මාණකරණයේ යෙදෙන චන්න පෙරේරා නම් කලාකරුවාණෙනි දිගු
නිහැඬියාවකට පසු කල්පාන්තේ සිහිනයක් සමඟින් අප හමුවට පැමිණීම ඉතාම සතුටකි. චතුරංග සම්පත් තුන්නැන
හිරු රූපවාහිනියේ විකාශය වන කොෆිචැට් වැඩසටහනේ නිවේදන කටයුතු කරන රංගන ඉතාමත් දක්ෂ
නිවේදකයෙකි. සරත් මද්දුමආරච්චි සමන්තිකා මද්දුමආරච්චි වෑත්තෑව
පූජා උමා ශංකර් සිටි ඔෆ් ඩාන්ස් වැඩ සටහනේ විනිශ්චය කටයුතුවල යෙදෙනවා මරේ මරු. ඇගේ
කමෙන්ට් තරගකරුවන්ට ගොඩක් වටිනවා. නිලුකා අවිස්සාවේල්ල
මෑත කාලයේ සිනමාවට සුදුසු තිර කටහඬක් බිහි වූයේ නැත. එය ඉතාම අභාග්‍යසම්පන්න
තත්ත්වයකි. නවක ගායකයින් වැඩිපුර සිනමා ගායනයට යොමු වුවහොත් හොඳයි. වසන්ත කඩවත
දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගේ අලුත් ගීත එකතුවක් අප බලාපොරොත්තු වෙමු. ඇය අවසාන
වශයෙන් එළි දැක් වූ සුදු හංසි ගී එකතුව මා රස වින්දේ ඉතාම ආසාවෙනි. වින්දන කටුගස්තොට
එකම රෑනෙ කුරුල්ලො ගීතය ගැයූ විජේසුන්දර වේරගොඩ දැන් කෝ. ඔහු දිගු කලක් නොපෙනී
සිටීම කනගාටුදායකය. සමන්ත නුවර
අප රූපවාහිනී නාලිකාවල විදෙස් චිත්‍රපට පෙන්වීම නවත්වන්න. ඒවා වෙනුවට හොඳ සිංහල
චිත්‍රපට පෙන්වන්න. එතකොට අපේ ළමයින්ගේ මනස විකෘති වෙන එකක් නැහැ. සුනිල් මොනරාගල
ලස්සනට ඇඳලා ජයටම මඟුල් අර ගත්තු නිළියන් බොහොමයකගේ මංගල්ල බිඳී ගියා. මම නම්
හිතන්නේ එහෙම සරුවට වෙඩින් ගත්තේ නැති වුණාට කමක් නැහැ. බැඳලා හොඳින් ඉන්නවා නම්
ඇති. ලක්මාලි වරකපොළ
රිතු නාට්‍යය දැනට හොඳයි. ඉදිරියේදී වෙන නාට්‍ය වගේ ඇදේවිද දන්නේ නැහැ. එහෙම නොවී
ගානට වෙලාවට කතාව තේරෙන පරිදි රිතු ඉදිරියට ගලාගෙන යන විදිහට නිර්මාණය කරන්න. දිසානායක මිරිස්වත්ත
ආඩම්බරකාර කලාකරුවන් අපට අහංකාරකම් පෙන්වන විට නිරහංකාර ඇන්ටන් ජූඩ් අයියාව
නිතැතින් මතකයට නැඟේ. සුනිල් දයාරත්න දංකොටුව
කලා ලොව පිළිබඳ සිතට නැඟෙන අපූරු අදහස් ක්ෂණිකව අප වෙත එවන්න. ඒ වෙනුවෙන් 0752805047 අංකය විවෘතව පවතියි. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 යන ලිපිනය තැපැල්පත් හෝ සටහන්පත් වෙනුවෙනි.
|



