වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




පුංචි තිරය හැඩ කළ පුංචි නළුවා

පුංචි තිරය හැඩ කළ පුංචි නළුවා

ගොවින් වින්වත්

සන්තුස ලියනගේ ගේ භාව තීර්ථ කතා මාලාවේ සීතා කුමාරි සමඟ රඟපෑ ළමා නළුවාව ඔබට මතකද? එම ටෙලි සිතුවම තුළින් සිය සහජ හැකියාව මනාව පිළිබිඹු කළ ඔහු අනතුරුව සිත නිවන කතා සමඟින් අප හමුවට ආවා.

ගොවින් වින්වත්.

පුංචි තිරය හැඩ කළ ඒ පුංචි නළු පැටියා ඔහුයි. ගොවින්ගේ මව ජාතික රූපවාහිනියේ නිෂ්පාදිකාවකි. ඇය නමින් තරංගි අතුරුලියයි.

ඇය නිර්මාණය කළ වාර්තා වැඩසටහනක සුළු චරිතයක් සඳහා ගොවින් හාහාපුරා කියා රංගනයේ යෙදිණ. ඉන් දැක් වූ කුසලතාවයන් දුටු තරංගි තම පුතනුවන්ගේ හැකියාව දැන තවත් නිර්මාණ කිහිපයකට දායාද කරවීමේ අටියෙන් සන්තුස ලියනගේට හඳුන්වා දෙන ලදී.

එහි ප්‍රතිඵලය වනුයේ ගොවින්ට භාව තීර්ථ රඟන්නට අවස්ථාව ලැබීමය. අනතුරුව දයාරත්න රටගෙදර ගේ සිත නිවන කතා ටෙලි මාලාවේ කථාංග කිහිපයකකම රංගන දායකත්වය සැපයීය. ඉදිරියේදී විකාශයවීමට නියමිත ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ නිර්භීතයි අපි ළමා ටෙලි සිතුවමේ ප්‍රධාන චරිතයක් ගොවින්ට හිමි වී ඇත.

මම හරිම ආසාවෙන් ඉන්නේ සිවා අංකල්ගේ ඒ නාට්‍ය විකාශය වෙනකම්. මම එහි ධනුධ නම් වූ ප්‍රධාන චරිතයටයි රඟපෑවේ. මගේ ගම ගොඩගම. ඉගෙන ගන්නේ කොළඹ අශෝක විද්‍යාලයේ.

රඟපාන්න ගියාට ඉගෙනුම් වැඩ කටයුතු අතපසු කරගත්තේ නැහැ. මෙවර මම පහේ ශිෂ්‍යත්වෙට පෙනී ඉඳලා ලකුණු එකසිය හැට දෙකක් අරගෙන හොඳට සමත් වුණා.

මේ වෙලාවේ මගේ පාසලෙන් මට ලැබෙන සහාය මතක් කරන්න ඕනෑ මට අතපසු වෙන වැඩ මගෙ යාළුවෝ කරලා දෙනවා. සමහර යාළුවෝ මගේ නාට්‍ය බලලා හොඳයි කියලා කියනවා. එතකොට තව වැඩි වැඩියෙන් රඟපාන්න හිතෙනවා. මගේ අම්මා මට ලබා දෙන සහාය අපමණයි. මගේ තාත්තා පී. වී. ඩී. ප්‍රියන්ත. ඔහුත් නිතරම මට උදව් කරනවා.

මම කවදා හරි වෛද්‍යවරයකු වෙන්නටයි හිතාගෙන ඉන්නේ. ඒත් රඟපෑම නම් නවත්වන්නේ නැහැ. මම රංගනයට අමතරව ජානක සුජීව ජයකොඩි මාමා නිෂ්පාදනය කරන ජාතික රූපවාහිනියේ මං ආසයි මට කියන ළමා වැඩසටහන නිවේදනය කරනවා.

මගේ කලා කටයුතු කරගෙන යන්න ගෙඩක් මාමලා නැන්දලා උදව් කරනවා. ඒ අයවත් විශේෂයෙන් මතක් කරන්න ඕනෑ.