වර්ෂ 2014 ක්වූ නොවැම්බර් 27 වැනිදා බ්‍රහස්පතින්දා




නිර්මාණය කළ ගීතය එළිදක්වන්න සූදානමින්

නිර්මාණය කළ ගීතය එළිදක්වන්න සූදානමින්

රංගන ශිල්පී විශ්ව ලංකා

මේ දිනවල මම රංගන දායකත්වය ලබා දුන් ගිනි අවි සහ ගිනි කෙළි, කොම්බි, කළු අරලිය සහ මුතු ටෙලි නාට්‍ය විකාශය කෙරෙනවා. ගිනි අවි සහ ගිනි කෙළි, කොම්බි සහ සුසුමට පවා රහසින් ටෙලි නාට්‍යවල ෂූටින් මේ සතියට යෙදී තියෙනවා. ගිනි අවි සහ ගිනි කෙළි ටෙලි නිර්මාණයේ නිෂ්පාදන කටයුතුත් කෙරෙන අතරේ නිවේදන කටයුතුත් කරගෙන යනවා. බොහෝ කාලයක පටන් ගීතයක් නිර්මාණය කරන්න පෙරුම් පිරුවා. ඉදිරි මාස දෙක ඇතුළත එය එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.