|
|
ෂාරුක්ගේ සුපිරි පෙම්වතියෝ
අලුත්ම පෙම්වතියට 24 යි
ෂාරුක් ඛාන්ගේත්, කත්‍රිනා කායිෆ්ගේත් තිරයට ගැළපෙන තිර ප්‍රේමය සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ ශ්‍රේෂ්ඨ සිනමා අධ්‍යක්ෂ යාෂ් චොප්රාටය. යාෂ් පියාණන් ගිය අඩි පාරේ යමින් ආදිත්‍ය චොප්රා ද මේ පෙම්වතුන් ඊළඟ තිර පෙම්වතුන් කිරීමට බලාපොරොත්තු වේ. දෙදෙනා රැඟූ ‘ජබ් තක් හෛ ජාන්’ අතිශය ජනප්‍රිය වීම ආදිත්‍යගේ තීරණයට දැඩි ලෙස බලපා තිබේ. මේ කථාවට පෙර රෝහිත් ෂෙට්ටිගේ සිනමාපටයකට ද කත්‍රිනා සහ ෂාරුක් යොදා ගැනීම ගැන වාර්තා වී තිබිණි.
ෂාරුක් ගත කරන්නේ සිනමාවේ විසි පස් වැනි ජයග්‍රාහී වසරයි. ඔහු ගෞරීට පෙම් බැන්දේ ඇය දාහතර වැනි වයසේ පසු වෙද්දීය. විසිපස් වසරක කාලයේදී ෂාරුක්, කෙතරම් රූමතියන් ගණනකට තිරයේදී පෙම් බැන්දත් ඒ ප්‍රේම බැඳුම් සියල්ල, ඔහු ගෞරිට බැඳි ප්‍රේමය ඉදිරියේ දුහුවිල්ලක් තරම්වත් වටින්නේ නැත. ආදරණීය හදවතක් ෂාරුක්ට උරුම වුණේ උපතින්මය. ඔහුගේ මාපියන්ගේ ප්‍රේමය ද සිනමාපටයක් තරම් රසවත්ය. දිනක් තරුණයෙක් (ෂාරුක්ගේ පියා) මාවතේ මිතුරකු සමඟ ඇවිදිමින් සිටියේය. ඔහු හදිසියේම රිය අනතුරක් දුටුවේය. නෑයන් හමුවීමට දිල්ලි බලා පැමිණි තරුණියක් අනතුරට පත් වී සිටියාය. තරුණයා කඩිනමින් ඇය රෝහලට රැගෙන යාමට ඉදිරිපත් වූවේය. රෝහලේදී තරුණියට රුධිරය ලබාදීමට අවශ්‍ය වූ අතර, පුදුමයකට මෙන් තරුණයාගේ රුධිරය සහ තරුණියගේ (ෂාරුක්ගේ මවගේ) රුධිරය ගැළපුණි. රුධිරය පරිත්‍යාග කිරීමෙන් තරුණියගේ ජීවිතය බේරා ගැනීමට හැකි විය. ඒ සමඟම ඔහු සිය ආදරය ද පරිත්‍යාග කළේය. දිගටම දෙදෙනා මුණ ගැසුණහ. පුංචි පුංචි බාධා එල්ල වුණ ද මේ ආදරය ජය ගත්තේය. සිනමා කථාවක් තරමටම සුන්දර වූ මේ ආදර කථාවේ ආදරණීයම ජීවී ප්‍රතිඵලය ෂාරුක් ඛාන්ය. සිනමාවට සපැමිණි අලුත ෂාරුක්ගේ සුපෙම්වතිය වූයේ ජූහි චව්ලාය. ඒ පෙම තිරයෙන් එපිටත් හොඳ මිතුදමකි. ඊළඟට ෂාරුක්ට වඩාත් ගැළපෙන පෙම්වතිය ලෙස තිරයේ වාර්තා තැබුවේ කාජල්ය. අදට ද ඒ දෙදෙනා රිදී තිරයේ යසට කැපෙන යුවළ ලෙස රසික හදවත්හි ලැගුම් ගෙන ඇත. මේ වන විට ෂාරුක්ට කැපෙන පෙම්වතිය වි සිටින්නේ ඔහුට වඩා වසර තිස් එකක් පමණ බාල දීපිකා පදුකෝන්ය. ෂාරුක් – ජූහි ප්‍රේම වෘතාන්තය ගොඩ නැගුණේ දර්, රාජු බන් ගයා ජෙන්ට්ල්මන්, ඉයස් බොස්, ඩුප්ලිකෙට්, ෆිර් භි දිල් හෛ හින්දුස්ථානි, බූත්නාත් වැනි සිනමාපටවලිනි. දෙදෙනාම සිනාවෙන විට දෙකම්මුල් වළ ගැසීම ද යුවළගේ ගැළපීම තවත් වැඩි දියුණු කළේය. දෙදෙනාගේ මිත්‍රත්වය ව්‍යාපාරික මිතුරන් බවට පත්වීමට පවා හේතු විය. රාණි මුඛර්ජි, ෂාරුක් සමීප කළේ කුච් කුච් හෝතා හෛ, චල්තේ චල්තේ, කභි අල්විදා නා කෙහෙනා, වීර් සාරා, පහේලි වැනි සිනමාපටයි. දෙකම්මුල් වළ ගැසෙන තවත් ගැළපෙන පෙම්වතියක වන්නේ ප්‍රීති සින්තාය. කල් හෝ නා හෝ, වීර් සාරා, කභි අල්විදා නා කෙහෙනා ඊට හොඳම සාක්ෂි වේ. තම පුතුට මධුරි ඩික්සිත්ගේ දියණිය විවාහ කරදීමට ෂාරුක් සිහින මැවූයේ ඇය සමඟ තිරයේදී බැඳි හාදකම නිසයි. මධුරි - ෂාරුක් රසික රසිකාවන්ගේ ප්‍රියතම පෙම්වතුන් වූයේ අන්ජාම්, කොයිලා, හම් තුමාරා හෛන් සනම්, දේව්දාස්, දිල් තූ පාගල් හෛ වැනි සිනමා රංගනවලිනි. කිසිදු සිනමා පෙම්වතියකගෙන් ෂාරුක්ගේ හොඳ නාමය කැළැල් නොවුණත් දොන්, දොන් 2 වැනි සිනමාපටවල පෙම්වතිය වු ප්‍රියංකා චොප්රා නිසා නම් ඔහුගේ නම කැළැල් විය. කොටින්ම ෂාරුක් බිරිය ගෞරි පවා ප්‍රියංකා සමඟ ෂාරුක් රඟනු දැකීමට අකැමැතිය. අනුෂ්කා ෂර්මා, ෂාරුක් ඛාන් රබ් නේ බනා දි ජෝදි, ජබ් තක් හෛ ජාන් පෙම්වතිය ලෙස ජනප්‍රිය වූයේ ඇය වසර තිස් තුනකින්ම වයසින් බාලව සිටියදීය. අනුෂ්කා මේ වන විට තිරයෙන් බැහැර පෙම්වතා ලෙස විරාත් කෝලිව ප්‍රසිද්ධියේම පිළිගෙන අවසන්ය. මොහොබතීන්, දේව්දාස් අයිශ්වර්යා - ෂාරුක් සිනමා ප්‍රේම වෘතාන්තයේ අමරණීය සිහිවටනයි. අශෝක, රා.වන්, චමක් චලෝ, කරීනා කපූර්ගේ හා ෂාරුක්ගේ ගැළපීමට ඇති හොඳම නිදසුන්ය. ‘ඕම් ශාන්ති ඕම්’ දීපිකාගේ ප්‍රථම සිනමාපටයයි. එහි ෂාරුක් මෙන්ම දීපිකා ද ද්විත්ව චරිත රඟපෑහ. දෙදෙනා ප්‍රධාන තරු යුවළ වීමම සිනමාපටයක් ආදායම් වාර්තා බිඳ හෙලන සිනමාපටයක් වීමට හොඳටම ප්‍රමාණවත්ය. චෙනායි එක්ස්ප්‍රස්, හැපි නිව් ඉයර්, ඕම් ශාන්ති ඕම් බොලිවුඩයේ වාර්තාගත ආදායමක් ලැබූ සිනමාපටය. ෂාරුක් – කත්‍රිනා පෙම් පුවත ද තිරයට මායාවකි. ඕනෑම ජනතා ඡන්ද විමසුමකදී ෂාරුක්ට වඩාත් ගැළපෙන පෙම්වතිය ලෙස තීරණය වන්නේ කාජල්ය. කුච් කුච් හෝතා හෛ, කභි කුෂි කභි ගම්, බාසිගර්, දිල්වාලේ, දුල්හනියා ලේ ජායෙන්ගේ, කරන් අර්ජුන්, මයි නේම් ඊස් ඛාන් ෂාරුක්, කාජල් ප්‍රේමයේ අග්‍රපලයි. ෂාරුක් කථා නායකයා පමණක් කේන්ද්‍ර කරගත් සිනමාපටවල රඟන්නට අකැමැතිය. ඔහු සැම විටම තෝරා ගන්නේ කථා නායිකාවට ද තිර පිටපතේ ප්‍රධාන තැනක් ඇති සිනමාපටය. ඉදිරි නිර්මාණවලදී ෂාරුක් – කාජල්, ෂාරුක් – අයිශ්වර්යා රංගන ද දැක ගැනීමට හැකිවන බවට රාවයක් පවතී. ෂාරුක්ගේ අලුත්ම පෙම්වතිය වීමට නියමිත ක්‍රිති සැනොන්ය. ඒ රාහුල් දෝලාකියාස්ගේ ‘රාඊස්’ සිනමාපටයෙනි. 1990 වසරේ උපන් ක්‍රිතිට තිරයේ පෙම් කිරීමට හැකිවීම 1965 උපන් ෂාරුක්ගේ වියපත් නොවන ප්‍රේමයට ඇති හොඳම සාක්ෂියයි.
|



ප්‍රේමයේ සිහින කුමරුන් වීමට ෂාරුක් ඛාන් පූර්ණ සුදුසුකම් ලබා ඇත්තෙකි.