‘හෝ ගාන පොකුණ’ ඉන්දියානු සිනමා උළෙලේ මෙවර ශ්‍රී ලංකා නියෝජනයයි
‘හෝ ගාන පොකුණ’
ඉන්දියානු සිනමා උළෙලේ
මෙවර ශ්‍රී ලංකා නියෝජනයයි
ලාංකික සිනමාව ලෝක සිනමා ඉතිහාසයේ ලියන්නට මුල පිරුනේ 1965 වසරේ ඉන්දියානු අගනුවර
නවදිල්ලයේ පැවැනි තුන් වැනි අන්තර් ජාතික සිනමා උළෙල නිසාවෙනි.ඒ එම සිනමා උළෙලේ
පිරි නැමෙන ඉහලම සම්මානය ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන ගම්පෙරැළිය දිනා ගැනීමත්
සමගය.
එයින් පසු ඉන්දියානු අන්තර්ජාතික සම්මාන උළෙල හරහා අනෝජා වීරසිංහ,මාලිනී
ෆොන්සේකා මෙන්ම ඉන්දියානු සිනමා නිළි අංජලී පටිල් ද අපේ චිත්‍රපට වෙනුවෙන් ලංකාවට
සම්මාන දිනා දුන්හ.ඉන්දියානු රජයේ ප්‍රවෘත්ති සහ ගුවන් විදුලි අමාත්‍යංශය මගින්
සංවිධානය කරනු ලබන මෙම අන්තර් ජාතික සම්මාන උළෙල කලක් එක් වසරක් නවදිල්ලියේ
පැවැතියේ නම් ඊළඟ වසරේදී පවත්වන ලද්දේ වෙනත් ප්‍රාන්ත අග නගරයකය.
දැනට දස වසරකට ආසන්න කාලයක් මෙම උළෙල පැවැතුවනුයේ ගෝවේ ප්‍රාන්තයේ අගනුවර වන
පාන්ජිම් නගරයේය.එහෙත් දීර්ඝ කාලයක් භාරතීය ජනතා පක්ෂය මගින් පාලනය කරනු ලබන ගෝවේ
ප්‍රාන්තය ට ඉන්දියානු අන්තර් ජාතික සිනමා උළෙල සින්නක්කරව පැවරුනේ මේ වසෙර්ය.
මෙතැන් පටන් වෙනත් ප්‍රාන්ත සහ සිනමා සංගම් මගින් නිරතුරුවම ඉන්දියාව පුරා සිනමා
උළෙලයන් පැවැත්වුව ද රන මයුර සම්මානය පිරිනමන අනතර්ජාතික රාජ්‍ය සිනමා උළෙල
පවත්වනුයේ ගෝවේ ප්‍රාන්තයේ පාන්ජිම් නගරයේය.
මුම්බායි නගරයේ සිට ගුවන් මගින්
පන්ජිම් වෙත පැමිනේනට ගතවන කාලය පැයකුත් මිනිත්තු දහයකි.ගෝවේ යනු ඉන්දියාවේ කුඩාම
ප්‍රාන්තයයි.
දිගු කලක් පෘතුගීසින්ට යවත් ව තිබූ එය ඉන්දියාවට බාර කරනුයේ 1961
වසෙර්ය.එමෙන්ම පාන්ජිම් ඉන්දියාවේ සෙසු නගර සමග සසඳද්දී ඉතා කුඩා නගරයකි.අහස සිඹින
ගොඩනැගිලි එහි තවමත් නැත.වර්තමානයේ ඉන්දියානු සංචාරක ව්‍යාපාරය කේන්ද්‍ර කර ගනුයේ
එම ප්‍රාන්තයයි.එබැවින් ලොව නම් දැරූ සියළුම තරු පහේ හෝටල් මෙහි ඇත්තේය.නිළ වශයෙන්
කැසිනෝ වැනි ක්‍රීඩාවන් ද ඇත්තේය.
එම ක්‍රීඩාව සදහා වෙන්වන පාවෙන මාලිගා බඳු නෞකාවන්
නගරය අසලින් අරාබි මුහුදට ගලා යන මන්දාවි නදියේ ඇත්තේය.සිනමා උළෙල පාන්ජිම් වෙත
සින්නක්කර ලියා ගැනීමේ කර්තව්‍යට මග පෑදු එහි හිටපු මහ ඇමැති මනෝහර් පරිකාර් ඉතා
ඉක්මනින් ආසියාවේ කාන් උළෙල ගෝවේ වනු ඇතැයි අනාවැකි පළ කෙළ්ය.ඔහු දැන් ඉන්දියානු
ආණ්ඩුවේ ආරක්ෂක ඇමැති තුමන්ය.
ලොව ඉහලම සිනමා උළෙල පවත්වනු ලබන ප්‍රංශයේ කාන් නගරය
සංචාරක පුරවරයක් ලෙස වඩා ප්‍රසිද්ධියක් උසුලයි. ඒබැවින් පාන්ජිම් නගරය කාන් බවට පත්
කරලීමේ අභිලාෂය ඒතරම් සුළු කොට තැකිය නොයුත්තේ ඉස්තරම් සිනමා උළෙලක් කොළඹ පවත්වා
උණුසුම තවම පහව නොගිය බැවිනි.
පසුගිය වසෙර් පාන්ජිම් සිනමා උළෙල පැවැත්වන සමයේ එවකට
මහ ඇමැති තනතුර හොබවද්දී සිනමා ශාලා සංකීර්ණයේ නිතර සැරිසරනු දැක්ම සාමාන්‍ය
කරුණකි.කෙසේ වෙතත් ගෝවේ ගුවන් තොටුපළ වන ඩයබොලිම් ගුවන් තොටුපළ ලහි ලහියේ නවීකරණය
වන අන්දම අපි දුටුවෙමු.
එමෙන්ම සිනමා උළෙල වාර්ෂිකව පවත්වනු ලබන පෘතුගීසි ගොඩනැගිලි
සංකීර්ණයක් වන වර්තමානයේ එන්ටර්ටේන්ට්මන්ට් සොසයිටි ඔෆ් ගෝවා පවත්වා ගෙන යන
මැකිනොන්ස් මාලිගය සහ වෛද්‍ය විද්‍යාල ගොඩනැගිලි ඇතුළත්ව නවීන අයිනොක්ස් සිනමා
සංකීර්ණය ද ලබන වසර වන විට නවීකරණය කිරීමට පිඹුරුපත් සැකසෙන පුවරුවක් ද සවි කොට
තිබිණ. මෙකී පැරණි ගොඩනැගිලි සංකීර්ණය ආශිකී 2, ගෝල්මාල් ඇතුළු චිත්‍රපට රැසක දර්ශණ
සඳහා යොදා ගෙන තිබිණ.
ඉන්දියානු සිනමා උළෙල සඳහා මෙවර ශ්‍රි ලංකාව නියෝජනය කරනුයේ ඉන්දික ෆර්ඩිනැන්ඩස්
නිර්මාණය කළ “හෝ ගාන පොකුණ” චිත්‍රපටයයි.එය අයිනොක්ස් ශාලාවේ තුන් වැනි සිනමාහලේ දී
තිර ගත වන්නට නියමිතව ඇත්තේ විසි පස් වැනි දාය.එම අවස්ථාවට සහභාගිවීම සඳහා හෝ ගාන
පොකුණ චිත්‍රපටයේ අධ්‍යක්ෂක ඉන්දික ෆර්ඩිනැන්ඩස් ඕස්ට්‍රේ‍්‍රලියාවේ සිට මෙම
අවස්ථාවට පැමිණිමද විශේෂත්වයකි.
සිනමා උළෙල නැරඹිම සදහා මෙවර සහභාගි වූයේ මා සමග
චිත්‍රපට සහාය අධ්‍යක්ෂ දමින්ද ඩී.මඩවල පමණී.උළෙට සමගාමි දිනයන්හි නගරයේ වෙනත් තැනක
පැවැත්වෙන අන්තර්ජාතික සිනමා වෙළෙඳපොළ සදහා පැමිණි ප්‍රසන්න විතානගේ ගුවන් තොටුපලේ
දී අපෙන් වෙන්ව ඒ සදහා සහභාගි වන්නට ගියේය.
මෙවර ගෝවේ ගුවන් තොටුපල වෙනදාටත් වඩා
අන්තර්ජාතික සිනමා උළෙල සඳහා සැරසී ඇති වග අපට වැටහුණේ එය සරසා ඇති අන්දමිනි.උළෙලේ
ප්‍රධාන අමුත්තා වූයේ අමිතාබ් බච්චන්ය.
එමෙන්ම ඉන්දියානු සිනමා උළෙල් දී පසුගිය වසරේ
සිට පිරි නැමෙන සියවස් සිනමා තරුව සම්මානය මෙවර පිරිනැමුනේ රජිනිකාන්ත්ටය.එබැවින්
අම්තාබ් සහ රජිනිගේ දැවැන්ත පුවරු සහ ගෝවේ විසිතුරු ඇතුළත් කෙරුණු සැරසිලි ගුවන්
තොටුපලේ ද සවි කර තිබිණ.
නගරය මෙවර සිනමා උළෙලට සහභාගි වන අන්දම ගුවන් තොටුපලේ සිට
අප නැවතී සිටි හෝටලය දක්වා යද්දී පැහැදිලිව පෙනුන කරුණක් විය.ඒ සෑම හන්දියකම සිනමා
උළෙලට අදාල පුවරු සවි කිරීමෙනි.එමෙන්ම මෙවර වෙනදාටත් වඩා විදේශිකයන් ද සිනමා උළෙලට
පැමිණ තිබින.
උළෙල සඳහා සහභාගි වන රටවල් සංඛයාව 79 කි.සිනමාව උදෙසා සිය ජීවිතය කැප
කළ සිනමාකරුකුට ජිවිතයේ එක් වරක් පිරි නැමෙන සිනමා සම්මානය මෙවර පිරිනැමීමට නියමිත්
ව ඇත්තේ චීන සිනමා කරු වොං කාර් වයිටය.
හොංකොං නගරයේ සිනමාකරුවකු වන වොං කා වයි මෑත
භාගයේ ලොව වඩා අවධානය දිනා ගත් ආසියානු සිනමා කරුවෙකු විය.ඉන්දියානු අන්තර්ජාතික
සිනමා උළෙල ලොව පුරා ජීවත් වන විශිෂ්ට සිනමාකරුවන්ට යාවජීව සම්මානය පිරිනමන්නට පටන්
ගත්තේ 1999 වසරේ සිටය.එය මුලින්ම පිරිනැමුණේ බර්නාඩෝ බර්ටොලුචිටය.
දෙවැනි වර 2000
වසරේ දී එය පිරිනැමුණේ අපේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ටය.මේ අවස්ථා දෙකටම
සහභාගිවන්නට මට ද ඉඩ ලැබී තිබින.45 වැනි ඉන්දියානු සිනමා උළෙල මා සහභාගි වන නව වැනි
ඉන්දියානු සිනමා උළෙලයි.

උළෙලේ සමාරම්භක අවස්ථාව පවත්වන ලද්දේ දස දහසකට පහසුවෙන් අසුන් ගත හැකි ලෙස
අභිනවයෙන් ගොඩ නගන ලද ආචාර්ය ශ්‍යාම් ප්‍රකාශ් මුඛර්ජි ස්ටේඩියම්
හිය.චාරිත්‍රානුකූල පහන් සිළු දල්වන ලද්දේ ප්‍රවීණ සිනමාවේදී ගුල්සාර්,අම්තාබ්
රජිනි සහ ඔහුගේ භාර්යාව ලතා ගෝවේ ආණ්ඩුකාර මෘදුලා සිං, ඇතුළු පිරිසය.එහි නිවේදන
කටයුතු මෙහෙයවන ලද්දේ ජනප්‍රිය හින්ද තරු යුවළක් වන අනූපම් කේර් සහ රවීනා ටැන්ඩන්
වීම විශේෂයකි.
රජිනිකාන්ත් වෙත සම්මානය පිරිනමන ලද්දේ අමිතාබ් බච්චන් අතිනි.උළෙල
ඇමැතූ පිරිස අතරින් අමිතාබ් බච්චන් කියා සිටියේ අඳුරු සිනමා ශාලාවක් තරම් මිනිස්
වර්ගයා බැඳෙන තවත් තැනක් ලොව නොමැති තරම් බවය.අඳුරු සිනමාහලේ තමාගේ අසල්වැසි අසුනේ
සිටින තැනැත්තා කවුරුන්ද ඔහුගේ ජාතිය කුලය හෝ ආගම කිසිවක් ඒ කාලය ඇතුළත නොවැදගත් වග
බච්චන් විග්‍රහ කර සිටියේය.
මෙවර සිනමා උලෙලේ ආරම්හක චිත්‍රපටය වූයේ ඉරාන සිනමාකරු මෝෂන් මකමල්බාෆ් නිර්මාණය
කරන ලද ප්‍රෙසිඩන්ට් චිත්‍රපටයයි.බෝම්බ පුපුරන රටකට ප්‍රජාතන්ත්‍රවාදය තෑගි කිරීම
විිහිළුවක් බව මකමල්බාෆ් කියා සිටියේය.
මෙවර සිනමා උළෙල සඳහා චිත්‍රපට 179 ක් ඇතුළත් වන අතර අයනොක්ස් ශාලා සංකීර්ණයේ
සිනමාහල් හතර මෙන්ම මැකිනොන්ස් මාලිගයේ සිනමා ශාලා යුගල ද කලා ඇකඩමි ශාලාව ට අමතරව
පොදු මහජනයා වෙනුවෙන් විවෘත ක්‍රීඩාංගනයක් දිනපතා දැවැන්ත සිනමා තිරයක් මගින්
ජනප්‍රිය හින්දි චිත්‍රපට තර ගත කරවීමට ද මෙවර කටයුතු සම්පාදනය කර තිබිණ.එමෙන්ම
මුල් වරට අයිනොක්ස් සංකීර්ණය ආරාධිතයන් සදහා නිදහස් අන්තර්ජාල කලාපයක් කර
තිබිණ.
සිනමා උළෙල ජාත්‍යන්තර තරගකාරි අංශය,ලෝක සිනමා අංශය,මහා සිනමාකරුවන්ගේ
අංශය,සිනමා කැලිඩස්කොප් අංශය,ආසියානු ආත්ම අංශය,වාර්තා චිත්‍රපට අංශයඇනිමේෂන්
චිත්‍රපට අංශය, ප්‍රත්‍යවලෝකන සහ සිහිපත් කිරීම් ඉන්දියානු සිනමා පැනෝරාමාව යන අංශ
වලින් සමන්විත අතර මෙවර සිනමා උළෙලේ අවධානය යොමු කළ සිනමාව වනුයේ චීන සිනමාව
කෙරෙහිඓමෙන්ම සියවසක ඉන්දියානු සිනමාවේ වඩා විශිෂ්ට නර්තනයන් ඇතුළත් චිත්‍රපට
ගොන්නක් ද ප්‍රදර්ශණය කෙරිණ.
ස්කැන්ඩියානු සිනමාවේදී ජාන් ට්‍රොල් ප්‍රණාම,දකුණු
ආසියානු කාන්තාව පිළිබඳ කවුළුවක් ක්‍රයිස්ටෝෆ් කිසලොව්ස්කි ප්‍රණාම.මෝෂන් මකමල්බාෆ්
ප්‍රණාම.
චාලි චැප්ලින් ප්‍රණාම ෆ්‍රාංශුවා ටෲෆෝ ප්‍රණාම මෙන්ම මේ වසරේ සදහටම වෙන්ව
ගිය රොබින් විලියම්ස්,රිචඩ් ඇටන්බරෝ, ඇලන් රෙනේ,ගෝර්ඩන් විලීස් සිහි කිරීම උදෙසා ද
චිත්‍රපට තිර ගත කෙරිණ.
ඉන්දියානු අංශයේ දී ගුල්සාර් සහ ජානු බරුවා ප්‍රත්‍යවලෝකන
ඉන්දියානු සිනමාවේ මියගිය කලාකරුවන් වෙනුවෙන් නිළි නන්දා අක්කිනි නාගේෂ්වර
රාඕ,සුචිත්‍රා සෙන්,ඇතුළු ශිල්පින් දායක වූ චිත්‍රපට කිහිපයක් ද එක් ව තිබේ.
එමෙන්ම මෙවර ආරාධිතයන්ට අමතරව තෝරා ගත් ඇතැම් චිත්‍රපට මුදල් ගෙවා සාමාන්‍ය
ප්‍රෙක්ෂකයන්ට ද නැරඹීමට අවස්තාව සලසා දී තිබිණ.
කෙසේ වෙතත් සිනමා උළෙල පැවැත්වෙන
දින එකොළහ පුරාම සිනමා ශාලා ආශ්‍රිත පෙදෙස් සැණකෙළි ස්වරූප ගන්නේය.
සිනමා වැඩ මුළු
දේශන වලට අමතරව පොදු මහජනයා ට විනෝද විය හැකි බොහෝ දේ එහි තිබිණ.වඩාත්ම ජනප්‍රිය
වූයේ සුපිරි තරු මෙන් සැරසුණ නැතහොත් සිනමාවේ සුපිරි චරිත ලෙස තැනුණු ප්‍රතිරූප සමග
ඡායාරූප ගැනීමය.ඔබද ලක්ෂපති ආසන තල ය ද මෙලෙස මහා මාර්ගයේ සවි කොට තිබිණ.
මෙවර අන්තර්ජාතික සිනමා උළෙලේ ජූරි සබාපති පදවිය පෝලන්ත සිනමාකරු ස්ලැවොමීර්
ඉද්සියාක් විසින් හොබවන ලද අතර සෙසු සාමාජිකයන් වූයේ චීන සිනමාකරු ශාංග්
ජියන්යා.අමෙරිකානු තිර නාටක රචිකා මාර් බ්‍රෙනර් ඉන්දියානු නිළි සීමා
බිස්වාස්,ලෝකාර්නෝ සිනමා උළෙලේ ප්‍රධානි නාද්යා ද්‍රෙස්ටි යන පිරිසය.
මෙම සිනමා උළෙලේ විහිෂ්ට සිනමා අත්දැකීම් ලබන සතියේ සිට
පාඨක ඔබට ගෙන එන්නට
බලාපොරොත්තු වෙමි...
|