|
|
ලාංකේය ටෙලි නාට්‍යය පේ‍්‍රක්ෂකයන්ට නවමු අත්දැකීමක් රැගෙනසංජය ගුණවර්ධනගේ ‘දෙවෙනි වේදිකාව’ දැන් TNL නාළිකාවේසතියේ දින පහේම රාත්‍රී 8.05 ට
සංජය ගුණවර්ධනගේ නවතම ටෙලි නාට්‍යය නිර්මාණය ‘දෙවෙනි වේදිකාව’ දැන් සෑම සතියේ දිනකම රාත්‍රී 8.05 ට ටී. එන්. එල්. නාළිකාව ඔස්සේ විකාශය වේ. තුන්කොන් ආදරයක් වටා ගෙතුණු මෙම අපූරු කතා පුවත ඒකාකාරී ටෙලි නාට්‍ය නරඹා වෙහෙසට පත්ව සිටින ප්‍රේක්ෂකයන්ට නැවුම් අත්දැකීමක් වනු ඇත. ප්‍රවීණ හා ජනප්‍රිය නළු නිළියන් රැසකගේ දායකත්වයෙන් හැඩ වූ ‘දෙවෙනි වේදිකාව’ සංජයගේ දොළොස් වැනි ටෙලි නිර්මාණයයි. මින් පෙර ඔහු ‘මතක මං පෙත’, ‘අමායා’, ‘වසන්තය අරන් ඇවිත්’, ‘ගජමුතු’, ‘ඉහිරුණු කිරි’, ’ලාබයි ඇපල්’, ‘හිරුට පිපෙන සූරිය කාන්ත’, ‘සත් රළ පෙළ’ වැනි ටෙලි නාට්‍ය ප්‍රේක්ෂකයාට තිළිණ කර ඇත. ඔහුගේ ‘සැළමුතු වෙරළ’ ටෙලි නිර්මාණය ළඟදීම විකාශය වීමට නියමිතය. අද පැවැත්වෙන 19 වැනි සුමිති ටෙලි සම්මාන උළෙලේදී ඔහු විසින් නිර්මාණය කළ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ ‘ඉහිරුණු කිරි’ ටෙලි නාට්‍යය සම්මාන හතක් සඳහා නිර්දේශව තිබීම ද විශේෂත්වයකි.
|



තුන්කොන් ආදරයක
පේ‍්‍රක්ෂක
අභිලාෂය





