|
|
මෙලීගේ සුවිශේෂ උපන් දිනය
මෙලී මෙවර සැමරුවේ ඇයගේ විසිදෙවැනිච උපන් දිනය යි. එදින ඇය සැරසී සිටියේ තරමක් වෙනස් ඇඳුමකින්. මෙලීගේ ඇඳුම් මෝස්තර ගැන හොලිවුඩයේ විශාල ජනප්‍රියත්වයක් උසුළන්නේ බොහෝ අවස්ථාවලදී ඇය උඩුකය නිරුවත් ඇඳුම් ඇඳිම නිසාවෙන්. එහෙත් මෙවර උපන්දින ඇඳුම එවැන්නක් නොවුනත් එහි තිබූ විශේෂත්වය නිසා එය කා අතරත් කතා බහට ලක් වුණා. ඒ විතරක් නොවෙයි මෙලී සමගින් උපන්දින සාදයට සහභාගි වූ විශේෂ පුද්ගලයා ගැනත් කාගේත් අවධානය යොමු වෙලා. ඔහු තමයි පැට්‍රික් ස්වාසනේගර්. හොලිවුඩයේ සුපිරි නළුවෙකු දේශපාලනඥයෙකු වූ ආර්නෝල්ඩ් ස්වාසනේගර්ගේ පුත්‍රයා. පැට්‍රික් ස්වාසනේගර් අමෙරිකාවේ ජනප්‍රිය නිරූපණ ශිල්පියෙක් වගේම නළුවෙක්. මේ වසර තුළ මෙලී සයිරස්ගේ ජීවිතයේ සිදු වූ හොඳම සිදුවීම පැට්‍රික් සමග ප්‍රේමයෙන් බැඳීම බවයි කාගේත් අදහස. ඒ නිසා පැට්‍රික් සමගින් සැමරූ විසිදෙවැනි උපන් දිනයත් ඇයට සුවිශේෂ එකක් වෙන්න ඇති. |



අමෙරිකානු ගායිකාවක, නිළියක මෙන්ම ගීත රචිකාවියක ද වන මෙලී සයිරස් පසුගියදා සිය
උපන් දිනය සැමරුවා. පසුගිය විසිතුන් වැනි සෙනසුරාදා රාත්‍රියේ ඇය උපන් දිනය සැමරුවේ
බටහිර හොලිවුඩයේ පිහිටි සමාජ ශාලාවකදීයි.