සුවිච් එකට කැප් එකක් බැටරිවලට දහයියා
සුවිච් එකට
කැප් එකක්
බැටරිවලට දහයියා
60, 70, 80 දශකවල චිත්‍රපට පසුතල (Locations) ජීවිතය විනෝද සාගරයක් විය. චිත්‍රපට
රූ ගැන්වීම්වලදී ඉල ඇදෙන සිදුවිම් සිදු විය. ඒවා ඒ ස්ථානවලදීම අවසන් විය. එම නොකී
කතා සිනමා රසිකයන්ට මෙන්ම පොදු පාඨකයාට රසයක් ගෙන දෙනු ඇතැයි මට සිතේ.
ඩී. ආර්. ගේ විදුලි පන්දම
මෙය 1964 ටයිටස් තොටවත්ත ශූරීන්ගේ ‘සාගරිකා’ චිත්‍රපටය තනද්දී වැල්ලවාය තණමල්විල
ප්‍රදේශයේ සිදුවූවකි. එම චිත්‍රපටයේ රඟපෑවේ ඩී. ආර්. නානායක්කාර, රුක්මණී දේවි,
හියුගෝ ප්‍රනාන්දු, ටෝනි රණසිංහ, විමල් කුමාර ද කොස්තා, දොන් සිරිසේන ආදී නළු
නිළියන්ය.
නළු නිළියන් රෑ නේවාසික වූයේ වැල්ලවාය තානායමේ සහ ඒ අවට නිවෙස් කීපයකය.-npr--1.jpg)
තානායමේ නැවතුණු අය අතර ටෝනි, හියුගෝ, ඩී. ආර්. නානායක්කාර, දොන් සිරිසේන, විමල්
කුමාර ද කොස්තා සහ මම ද වීමු.
දහවලට ඈත ගමනක් යතොත් කුඩා විදුලි පන්දමක් ඉනේ සඟවාගෙන යෑම ඩී. ආර්ගේ සිරිත විය.
‘ඩී. ආර් මොකද දවල්ටත් ටෝච් එකක් අරගෙන නේ’ දිනක් ටයිටස් තොටවත්ත ඇසීය.
‘මේ සිනමාවේ ඉන්නවුන්ගේ එක කතාවක් නෑ නෙවැ. හවසට එනව කීවොත් ආපහු එන්නේ මහ රෑ
දෙපන්දමේ’ යි ඩී. ආර්. ගේ පිළිතුර විය.
ඩී. ආර්. නිදන්නේ කුඩා විදුලි පන්දම කොට්ටය යට තබාගෙනය. රෑට තුන් හතර වතාවක් දොට්ට
පිලට යෑම ඔහුගේ සිරිත විය.
එදා රෑ අප නැවතී සිටියේ වැල්ලවාය තානායමේය. ඒ කාලයේ තානායමට විදුලිය ලැබී නොතිබිණ.
තානායම වටේට පාණ්ඩු පාට හැරිකන් ලාම්පු එල්ලා තිබුණි.
රාත්‍රී පෙර පානය ගනිමින් සිටි ඩී. ආර්. සහ හියුගෝ දෙදෙනා කල් ඇතිවම නින්දට
වැටුණාහ.
ඉතිරි කිහිප දෙනා ඕමි අතක් බලමින් සිටියහ.
නිනද්ට වැටුණු ඩී. ආර්. සහ හියුගෝ ගොරවනු ඇසිණ.
‘අන්න අරුන්දල දෙන්නට හොඳ ගැට ලීයක් අහුවෙලා ඉරනවා’ විමල් කුමාර ද කොස්තා කීය.
‘මචං හොඳ වැඩක් තියෙනවා කරන්න. ඩී. ආර්ගේ කොට්ටේ යට තියෙන ටෝර්ච් එක අරගෙන හොඳ
වැඩක් කරමු’යි දොන් සිරිසේන යෝජනා කළේය.
‘මොකක්ද දොන්’ කොස්තා ඇසීය.
‘වැඩේට බඩු ගෙනැල්ල ඇත්තේ. අපි ඔය ටෝර්ච් එක අරගෙන බැටරි ගලවලා දහයිය ටිකක් පුරවල
සුවිච් එකට කැප් එකක් තියල කොට්ටේ යට තියමු. ඩී. ආර්. නැගිට්ටම තොයිලෙ බලන්න
පුළුවනි’ කී දොන් හෙමින් සීරුවේ ටෝර්ච් එක ගෙන බැටරි අයින් කර එයට දහයිය පුරවා
සුවිච් එකට කැප් එක සවි කළේය.
කොස්තා එය ගෙන ගොස් ඩී. ආර්.ගේ කොට්ටය යට තැබීය.
රැයකට හතර පස් වතාවක් දොට්ට පිලට යෑමට ඩී. ආර්. එළියට බැසීම සිරිතය.
වැඩේ ඇට වූ පසු අපි නින්දට ගියෙමු.
හදිසියේම පිබිදුණු ඩී. ආර්. දොට්ට යෑමට විදුලි පන්දම අතට ගත්තේය.
චටාස් යනුවෙන් විදුලි පන්දම පත්තු විය. විදුලි පන්දම විසි වී වැටිණ. ඩී. ආර්. එය
ඇහිද ගත්තේය.
මේ. . . . . . . . පුතාලගේ වැඩක්. ‘ටයි’ මට මේ . . . . . . . . පුතාලා එක්ක ඉන්න
බෑ. කැප් එකේ හඬට තානායම් භාරකරු ද එතැනට දුව ආවේය.
‘මැනේජර් මහත්තයා අපේ බල්ලන්ගේ වැඩක්. බැටරි ගලවල දහයිය පුරවලා. මුංගේ කඩප්පුලිකමට
සුවිච් එක ගලවල කැප් එකක් සවි කරලා. ටයි ඉන්න තැනට මාව ගෙනියන්න බැරිද? මට බෑ . . .
. . එක්ක ඉන්න’ යි ඩී. ආර්. ගෝරනාඩු කළේය.
‘මහත්තයෝ යන්න වාහනයකුත් නෑනේ’ කළමනාකරු කීය.
තානායමේ වූයේ සයිකල් කට්ටක් පමණි. ඔහු මට බයිසිකලය දුන්නේය. ඩී. ආර්.ගෙන් බේරෙන්නම
බැරි තැන ඩී. ආර්. බයිසිකලය මත තියාගෙන ‘ටයි මහත්තයාගේ’ බෝඩිමට ගියෙමි.
එහි පැදුරු සාජ්ජයකි. ඒ සමඟ බෝතල් පාටියකි.
එහි බැස්ස හැටියේම ඩී. ආර්. ආරූඪ විය.
‘මොකද ඩී. ආර්.’ අසමින් බෝතල් පාටියේ සිටි ටයි මහතා පැමිණියේය.
‘ටයි අර . . .. . . . . එක්ක මට ඉන්න බැහැ’ ඩී. ආර්. කෑගැසීය.
මම ටයි මහතාව පැත්තකට කතා කර සිද්ධිය කීවෙමි.
ටයි මහතා ඩී. ආර්. කැටිව බෝතල් පාටියට ගියේය.
ඉන් පසු කිසිදාක අප හිටි ලොකේෂන් එකක ඩී. ආර්. දක්නට නොලැබිණි.
වේහැල්ලේ පියතිලක
|