|
|
නාට්‍ය කණ්ඩායමේ අපූරු සද්ක්‍රියාව සිහිනපුරයට 500 යි
රූගත කිරීම් අතර පැදුරු සාජ්ජ
ඒ වගේම බහුතරයක් මෙගා නාට්‍යවලට වැලඳෙන අතරමගදී නළු නිළියන්, කාර්මික ශිල්පීන්, අධ්‍යක්ෂ මාරුවීමේ රෝගයටත් මෙය ගොදුරු වූයේ නැහැ. මේ කරුණු කාරණා හින්දා සිහිනපුරය ගැන චුට්ටක් හොයලා බලන්න අප තීරණය කළා. ඒ සඳහා අමතන්න සුදුසුම කෙනා රන්ජන් ප්‍රසන්න. ඔහු තමයි මේතාක්කල් සිහිනපුරය මෙහෙව්වේ. සිහිනපුරයේ පන්සිය වැනි උපන් දිනය සමරද්දී ඒ සතුට නාට්‍යයේ හැමෝම වෙනුවෙන් වචනවලට මුසු කළේ මෙන්න මේ අයුරින්.
සිහිනපුරයේ ජීවත් වූ කිසිදු අයකු ඉන් ගැලවිලා ගියේ නැහැ. මොකක්ද රහස? මුල ඉඳලම ටීම් එකේ ඔක්කොම පවුලේ සාමාජිකයන් තරමටම ළං වුණා. කෙනකුගේ උපන් දිනයක් යෙදුණොත් හැමෝගෙම දායකත්වයෙන් පාටියක් සංවිධානය කළා. නිවාඩු වෙලාවට ට්‍රිප් ගියා. මේ වගේ දේවල් නිසා අපට කිසිසේත්ම වෙන් වෙන්නට බැරි වුණා. තවත් දෙයක්, සිහිනපුරයේ ඉන්න සමහර ආර්ටිස්ලව මං දන්නේ අවුරුදු 13 ක ඉඳලා. දැන් මට 35 යි. මෙච්චර කාලයක් හිතවත්කම් පවත්වපු නළු නිළියෝ් මාව තනි කළේ නැහැ. ඔවුන් මට ආදරෙයි. මෙන්න මේවයි කිසිදු පුද්ගල වෙනස්වීමකින් තොරව සිහිනපුරය කොටස් 500 ක් සපිරීමට හේතු.
මේ කාලය තුළදී පුංචිම
එහෙම නොවුණා කිව්වොත් ඒක බොරුවක්. අනන්තවත් මත ගැටුම් තිබුණා. ඒත් ඒවා නිර්මාණය සඳහා පමණයි. එහි ගුණාත්මකභාවය ඉහළ දමා ගන්නයි එවන් වූ මතභේද ඇති වූයේ. එතැනින් එහාට කිසිදු පුද්ගලික වාදයක් ඇති වූයේ නැහැ. මාගේ මේ කියමනට අපේ සියලු දෙනාම සාක්ෂියි. අනෙකුත් මෙගා නාට්‍ය අතර සිහිනපුරයට ඇත්තේ මොන වගේ තැනක්ද? මං ඒකට මෙහෙම උදාහරණයක් දෙන්නම්. මගේ හිතවත් ජජ් කෙනෙක් ඉන්නවා කඩුවෙල. ඔහු මට කියපු දෙයක් තමයි ‘මං නාට්‍ය ප්‍රතික්ෂේප කරන කෙනෙක්. ඒත් සිහිනපුරය බලනවා. ඒක විතරයි ටී. වී. ඒකේ බලන්න තිියෙන වැඩ සටහනකට තියෙන්නේ.’ ඉතින් මට ඒ ප්‍රකාශයම ඇති. මේ වගේ වැඩි ප්‍රේක්ෂක කොට්ඨාශයක් සිහිනපුරය නරඹනවා කියලා කියන්නේ මෙහි ‘අඬා ගත්තු ගමන් ඉන්න’ නිළියො නැති හින්දා. දැන් හිතාගන්න පුළුවන්ද අන් නාට්‍ය අතර සිහිනපුරයට තියෙන තැන. ඔබේ මතයට අනුව නාට්‍යයකින් සමාජයක් හදන්න හැකියාවක් තිබෙනවාද? සියයට සියයක් නොව යම්තාක් දුරට සමාජය හදන්න. ඒත් සිහිනපුරය සමාජය වෙනස් කරන්නට උත්සාහ දරන ටෙලි නාට්‍යයක් නොව සමාජය සතුටින් තියන්න නිර්මාණය කරපු එකක්.
ඒ කියන්නේ සිහින පුරය මොකද නැත්තේ. ‘අයියෝ සල්ලි’ ‘කෝ සැලරි’ යන වචන අපි තමයි සමාජයට දැම්මේ. මේ වන විට ඒවා කොයි කාගෙත් මුවග රැව් දෙනවා. රූගත කිරීම් අතරතුරදී සාජ්ජ දාන්න දෙන එකම නාට්‍යය සිහිනපුරය යැයි මට දැනගන්නට ලැබුණා? ඒක නම් ඇත්තම ඇත්ත. මෙහි රඟපාන බර්ටි නිහාල් සුසිරිපාලගේ චරිතයේ සොබාවයට ඩොලැක්කියක් අවශ්‍ය වනවා. ඔහු සමහර අවස්ථාවලදී විවේක අවිවේක වෙලාවල් බලන්නේ නැතුව ඒක ගගහ පරණ සිංදු කියනවා. අනිත් අයත් ඒකට අඩු වැඩි වශයෙන් සම්බන්ධ වෙනවා. කොහොම හරි සිංදුව ඉවර වුණාට පස්සෙයි රූගත කිරීම ඇරැඹෙන්නේ. මං කවදාවත් ඊට බාධා කර රූගත කිරීම්වලට කාටවත් කතා කරන්නේ නැහැ. මේ කථාංග පන්සීය තුළ ඔබට අමතක නොවන රූගත කිරීම මතකද? ගිරිරාජ් අයියා පුටුවකින් පනින දර්ශනයක් තිබුණා. ඔහු පනිද්දී කකුල ලිස්සලා ගියා. දැන් අපට තේරුණා ගිරා අයියගේ කොන්දට යම් ආපදාවක් වුණා කියලා. ඒත් ඔහු ඒවගක් නොපෙන්වා ඊළඟ දෙබස් ටිකත් කිව්වා. මං කට් කියන විධානය දුන්නු පසුවයි ඔහු ‘බුදු අම්මෝ කොන්ද’ කියලා කෑගැහැව්වේ.
තව කොටස් කිහිපයක් විකාශය වේවි. හැබැයි කොටස් 600 ට පෙර නාට්‍යය නිමා කරනවා. අවසන් කොට තවත් යමක් කියන්නට ඇති? මේ වෙලාවේ සිහිනපුරයේ සියලුම දෙනාට, සුසිල නිෂ්පාදන ආයතනයට, නිෂ්පාදිකා සන්ධ්‍යා මෙන්ඩිස් මහත්මියට ස්තුති කරනවා. සිහින පුරයේ කණ්ඩායමට ලොකු සද්ක්‍රියාවක් කරන්නට ලැබුණා. ඒ අපේ ආහාරපාන සපයන කෙනාගේ නිවසට විදුලිය ලබා දීම. මං හිතන්නේ නාට්‍ය කණ්ඩායමක් එකමුතු වී ඔවැනි වැඩක් කළ පළමු අවස්ථාව මෙය වන්නට ඇති.
|



සිහින පුරය ටෙලි සිතුවමේ පන්සිය වැනි කථාංගය විකාශය වන්නේ අද. වසර දෙකක කාල පරාසයක්
ඔස්සේ දිග හැරුණ ද රසික රස වින්දන ධාරාව ඒකාකාරීව පවත්වා ගැනීමට එය සමත් වුණා.
කෙටියෙන්ම කිව්වොත් සිහිනපුරය පටන් ගත්තුª ගැම්ම අදටත් එහෙමයි.
ඇත්තටම මටම පුදුමයි සිහිනපුරයේ කොටස් පන්සීයක් විකාශය වීම ගැන. නාට්‍යය පටන් ගත්තේ
අද ඊයේ වගේ. එවන් වූ අලුත් බවක් මට විතරක් නෙවෙයි මේකෙ ටීම් එකටම දැනෙනවා. ඒ
ප්‍රබෝධයෙන් තමයි අප හැමදාමත් වැඩ කරන්නේ. ගොඩක් අය කියනවා මෙගා නාට්‍ය කරද්දී හරිම
බෝරිං කියලා. එපා වෙනවලු. ඒත් අපට එහෙම වුණේ නැහැ. මං හිතන්නේ අන්තර්ගතය හොඳයි නම්
ඕනෑම නාට්‍යයක් නෝ බෝරිං. අනික තමන් කරන දේ හරියටම දැනගෙන කළා නම් ගැටලුවක් මතු
වන්නෙත් නැහැ.
හෝ මත ගැටුමක් ඇති වුණේ නැතිද?
ඔස්සේ සමාජයට කිසිදු දෙයක්
එකතු වූයේ නැහැ?
සිහිනපුරයේ ඉදිරිය මොන වගේ වේවිද?