වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.

Friends With Kids

‘ෆෙ‍්‍රන්ඩ්ස් විත් කිඩ්ස්’ හාස්‍ය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. ජෙනිෆර් වෙස්ට්ෆීල්ඩ් විසින් රචනා කර අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය මිනිත්තු සියයක ධාවන කාලයකින් යුතු වේ.

ඇඩට් ස්කොට්, ජෙනිෆර් වෙස්ට්ෆීල්ඩ්, ජෝන් හාට්, ක්‍රිස්ටීන් විග්, මායා රුඩොල්ප්, ක්‍රිස් ඔඩොව්ඩ්, මිගැන් ෆොක්ස්, එඩ්වර්ඩ් බර්න්ස් මෙහි ප්‍රධාන චරිත සඳහා පණ පොවති.

The Raven

‘ද රේවන්’ ත්‍රාසජනක සිදුවීම් පෙළක් වටා ගෙතුන කතා පුවතක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්.

ජේම්ස් මැක්ටිග්‍යු විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ජෝන් කසැක්, ඇලිස් ඊව්, බ්‍රෙන්ඩන් ග්ලේසන්, ලුක් ඉවැන්ස් ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘ද රේවන්’ මිනිත්තු එකසිය එකක ධාවන කාලයකින් යුතු වේ.

The Divide

‘ද ඩිවයිඩ්’ ත්‍රාසජනක ක්‍රියාදාම ඇතුළත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්.

ක්ෂේවියර් පේන්ස් විසින් අධ්‍යක්ෂණය කළ ‘ද ඩිවයිඩ්’ මිනිත්තු එකසිය විසි දෙකක ධාවන කාලයකින් යුතු වේ.

ලොරෙන් ජර්මන්, මයිකල් බීහ්න්, මයිලො වෙන්ට්මිග්ලා,කෝර්ට්නි බී. වේන්ස්, අයිවන් ගොන්සාලේස්, මයිකල් එක්ලුන්ඩ්, ඇබී නික්සන්, ඇෂ්ටන් හෝම්ස් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.

Stand Up Guys

මිනිත්තු 94 ක ධාවන කාලයක් රැගත් ‘ස්ටැන්ඩ් අප් ගයිස්’ හාස්‍යජනක සිදුවීම් පෙළක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. ෆීෂර් ස්ටීවන්ස් විසින් අධ්‍යක්ෂණය කළ ‘ස්ටෑන්ඩ් අප් ගයිස්’ හි අල් පැසින්කො, ක්‍රිස්ටෝපර් වෝල්කන්, ඇලන් ආකින් ප්‍රධාන චරිත වෙනුවෙන් පණ පොවති.

The Paperboy

ලී ඩෙනිල්ස් විසින් අධ්‍යක්ෂණය කළ ‘ද පේපර්බෝයි’ චිත්‍රපටය ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. පීටර් එස්ටර්ගේ ‘ද පේපර්බෝයි’ නවකතාව ඇසුරින් නිර්මාණය කළ මෙය මිනිත්තු එකසිය එකක ධාවන කාලයකින් යුතු වේ.

මැතිව් මැක්කොනහෙ, සැක් එෆෝර්න්, ඩේවිඩ් බයෙල්වෝ, මැකී ග්‍රේ, ජෝන් කසැක්, නිකොල් කිඩ්මෑන් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

Gangoobai

‘ගැන්ගෝබායි’ ප්‍රියා ක්‍රිෂ්ණස්වාමි විසින් අධ්‍යක්ෂණය කළ හින්දි චිත්‍රපටයක්.

කොලනියක ජීවිතය ගෙවන කාන්තාවක වටා ගෙතී ඇති කතා පුවතක් මෙය තුළ ඇතුළත්වේ.

සරීටා ජෝෂි, බුරබ් කොහිල්, මේතා වාෂිට්, රාජ් සුෂී, ගෝපි දේසායි, රුෂාඩ් රානා, නිධි සුනිල්, බෙහ්රාම් රානා මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

Matru Ki Bijlee Ka Mandola

‘මත්රු කී බ්ජ්ලි කා මන්ඩෝලා’ හාස්‍ය රැගත් නවතම හින්දි චිත්‍රපටයක්.

විශාල් භාරද්වාජ් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ඉම්රාන් ඛාන්, අනුෂ්කා ෂර්මා, පන්කර් කපූර්, ෂබානා අස්මි, ආර්යා බබ්බාර්, නිව්නීට් නිෂන්, රන්වීර් ෂෝරේ ප්‍රධාන චරිත නිරූපණය කරති.

There Naal Love Ho Gaya

ආදරණීය කතා පුවතක් රැගත් ‘තෙරේ නාල් ලව් හෝ ගයා’ නවතම හින්දි චිත්‍රපටයක්.

මන්දීප් කුමාර් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි රිකේෂ් දේශ්මුක්, ජිනේලිල් බිසෝසා, ඕම් පූරි, තීනු ආනන්ද්, ස්මිතා ජේකර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.