|
|
ඉන්දියානු සිනමා කතාව 07රෝම රාජ්‍යයෙන් උත්තේජනය ලද රාම රාජ්‍යයේ සිනමාව
ප්‍රංශයේ උපන් සෙකා ප්‍රංශයේ පැතේ ෆෙරර් සමාගමට එක් වනුයේ සහාය අධ්‍යක්ෂවරයකු ලෙසටය. මේ යුගය චිත්‍රපට අධ්‍යක්ෂ හෝ රඟපාන නළු නිළියන්ගේ වතගොත එතරම් විද්‍යාමාන වූ යුගයක් නොවීය.සෙකා පමණක් පැතේ වරුන්ගේචිත්‍රපට සිය ගණනක් නිර්මාණයට දායකවූයේය. එමෙන්ම ඔහු ක්‍රිස්තුස් වහන්සේ ගේ චරිතය පාදක කර ගෙන චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කොට ඇත්තේය. මේ චිත්‍රපට අද මෙන් පැය ගණන් දිග ඒවා නොවෙන බව අමතක නොකළ යුතුය. වැඩිම වුවහොත් විනාඩි 45 කි.එහෙත් සෙකා අතින් තැනුණ ක්‍රිස්තුස් වහන්සේ චිත්‍රපටය සිනමා ඉතිහාසයේ වැදගත් චිත්‍රපටයක් ලෙස මේ ලිපි මාලාවට ඇතුළත් කරනුයේ එය මුල් යුගයේ තැනුණ නිසාම නොවේ. එය මුල්ම ඉන්දියානු වෘතාන්ත සිනමා කෘතියට මග හෙළි කර දුන් බැවිනි. කොටින්ම කිව හොත් මේ වසරේ ඉන්දියානු සිනමාව සිය සියවස සපුරාලනුයේ සෙකාගේ චිත්‍රපටයෙන් ලත් ආශ්වාදයෙන් එක් ඉන්දියානුවෙකු මත් වූ බැවිනි. සියවස් ගණනකට එපිට රෝම රාජ්‍යයයේ මහත් පෙරළියකට මුළ පිරූ ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ පුවත අදින් සියවස කට එපිට රාම රාජ්‍යයයේ මිනිස් සිත් සතන් වෙනස් කරලීමේ කාර්යයට මගක් හෙළි කරලීම පුදුම අන්දමේ දෛවෝපගත සිදුවීමකි.
එය සිදුවූයේ මේ ආකාරයටය. බොම්බායේ
ඇමරිකා ඉන්ඩියා සිනමාහලේ තිර ගත කරවන ලද මේ චිත්‍රපටය නරඹන්නට අති විශාල ජනතාවක්
ඇදී ආහ. ඒ පිරිස අතර එක් අයෙක් වූයේ දුන්දිරාජ් ගෝවින්ද් පාල්කේය.ඒ වන විට තරුණ විය
ඉක්මවමින් සිටි පාල්කේ ක්‍රිස්තු චරිතය සිනමාවට නැගී ඇති අයුරු නරඹා ශාලාවෙන් එළියට
එන්නේ මෙබඳු චිත්‍රපටයක් කළ නොහැක්කේ මන්දැයි තමන්ගෙන් විමසමිනි.එහෙත් ඔහු ඒ සඳහා
ඉක්මන් නොවෙයි.ඔහුට අවශ්‍ය ගෙඩි පිටින් කොපි කරන්නට නොවේ. අනාදිමත් කාලයක් මුළුල්ලේ
රාමායණය,මහා භාරතය,කතා සරිත් සාගරය කියවූ රටක උපන් පාල්කේට අවශ්‍ය තමන්ගේ රටේ
කතාවක් සිනමාවට නගන්නටය. එයට පෙර ඔහු සිනමාව පිළිබඳ යම් හැදෑරිමක් කරන්නට උත්සුක
වෙයි.ඉන්දියානු සිනමාවේ සියවස සපිරෙද්දි එහි පීතෘවරයාණන්ගේ ජීවිත කතාව පසුගිය දිනක
දොරට වැඩියේ ද සයිලන්ට් ෆිල්ම් නමිනි.
ඒ සුප්‍රකට ලේඛිකාවක වූ ශරායු පාල්කේ සුමන්වීර් අතිනි.ඇය එක් අතකින් පාල්කේගේ මී මිණිබිරියක ද වන්නීය.ඇය සිය විශිෂ්ට මුත්තනුවන් පිලිබඳ ලියන්නට උපයෝගී කර ගන්නේ පාල්කේ විසින් සිය නෑ හිත මිතුරන්ට ලියන ලද ලිපි වල අඩංගු කරුණු ය. ඒ හැරෙන්නට සිය ඥාතියා පිළිබඳ පවුලේ ඇත්තන් විසින් එකතු කර ගත් මතකය ද ඇයට මහත් උපකාරයක් වෙයි. ඉන්දියානු සිනමාවේ වර්තමානය කෙතරම් දීප්තිමත් වුව ද පාල්කේ ඉන්දියානු සිනමාව ගොඩ නංවන්නට කළ කැපවීම මහත් වෙහෙසකර එකක් විය.එමෙන්ම ඔහුගේ අවසානය කටුක සහ දුක්ඛ දායක එකක් විය. ඉන්දියානු සිනමාව ලොව දිනද්දී පාල්කේ ආර්ථික අතින් පිරිහී ගියේය. ක්‍රිස්තු චරිතය පිලිබඳ චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව පාල්කේ ගේ එකම අවශ්‍යතාවය වූයේ චිත්‍රපටයක් නිර්මාණය කිරීමය. ඒ වන විටත් සිය සම්ප්‍රදායික පවුලේ උරුමය ඉක්මවා ගිය දුන්දිරාජ් පාරම්පාරිකව තමන්ට උරුම වූ සංස්කෘත භාෂාව හැදෑරීමට වඩා වෙනත් ජිවන මාර්ග රැසක් ඔස්සේ ඉදිරියට යන්නට සිත යොමු කර සිටියේය. ඒ අනුව ඔහු විටක ඡායාරූප ශිල්පියකු විය. විටෙක මැජික් කරුවක් විය.
සුපතල බ්‍රාහ්මන පඬිවරයකු වූ දුන්දිරාජ්ගේ පියාණන් වූ දාජි ශාස්ත්‍රී සිය දරු මල්ලන් සමග උපන් ගමවූ නාසික් නගරයට නුදුරින් වූ ත්‍රයිම්බකේශ්වරය අත හැර බොම්බායට පැමිණෙනුයේ එහි විල්සන් විද්‍යාලයයේ සංස්කෘත විෂයය පිළිබඳ මහාචාර්ය පදවියට පත් වන හෙයිනි.බොම්බායට පැමිනෙන දුන්දිරාජ් සිය වැඩි අවධානය යොමු කරනුයේ චිත්‍ර කලාව කෙරෙහිය.පුත්‍රයාගේ චිත්‍ර කලාව පිළිබඳ ඇල්ම පිලිබඳ අවබෝධ කර ගන්නා මව්පියන් ඔහු පළමුව සර් ජේජේ(ශ්‍රීමත් ජම්ශෙට්ටි ජිජීබෝයි) කලා පාසලට ඇතුළත් කරයි. එයින් පසු ඔහු බැරෝඩා හි කලා පාසලට ඇතුළත් වෙයි . බැරෝඩාව දුන්දිරාජ් ගේ කලා ජීවිතයට මහත් තෝතැන්නක් විය.ගෘහ නිර්මාණ සැලසුම,මූර්ති කලාවන් ඉගෙනුම ලබන ඔහු මැජික් ශිල්පයට අත් පොත් තබනුයේ එහිදීය.නාට්‍ය පිටපත් රචනයේ ද යෙදෙන දුන්දිරාජ් පාල්කේ 1890 වසරේ දි කැමරාවක් ද මිළයට ගත්තේය. සිය බැරෝඩා ජීවිතය පිළිබඳ පසුකලක හෙළි දරව් කරන හෙතෙම චිත්‍රපට නිෂ්පාදනයෙහි ලා ඇවැසි දෑ පිළිබඳ තමාට මුල් පාඩම් ඉගෙනුම ලබන්නට හැකි වූයේ එහිදී බැව් කියා සිටී.මේ අවදියේම මුද්‍රණාලයක් පවත්වන්නට සිය මිතුරන් සමග කටයුතු කරන්නට සැරසෙන නමුත් තමන් ව්‍යාපාරිකයකු නොවන වග වටහා ගන්නා විට මිතුරන් එම ව්‍යාපාරයෙන් ලාභ ලබා හමාරව තිබිණ.එහෙත් මුද්‍රණ කටයුතු පිළිබඳ කදිම දැනුමකින් ඔහු සමන්විත විය. 1910 වසර වන විට ඔහු සිනමා ලෝලියකුව උන්නේය. බොම්බායේ සිනාමහල් වල නැතහොත් කූඩාරම් වල පෙන්වන නමක් ඇති හෝ නැති චිත්‍රපට තොග ගණනේ නරඹන්නට මේ අවදිය වන විට ඔහු පුරුදුව සිටියේය. ඔහුගේ බිරින්දෑ සරස්වතී ඔහුටම ගැලපෙන ගැහැනියකව උන්නාය.සිය සැමියාගේ අදිටන් පිළිබඳ ඈ හොදින් දැන උන්නාය.ඔහු බොහෝ හැකියාවන් ඇති ඒ නිසාම දහසක් සිහින මවන මිනිසකු වග ඇය වටහා ගත්තාය. මේ අවදියේ මිනිත්තුවක කෙටි චිත්‍රපටයක් අත්හදා බැලීමක් ලෙස නිර්මාණය කරන්නට ඔහු සමත්විය. ඒ මෑ ඇටයක් පැල කිරීම පිළිබඳවය.එහි ලා ඔහුට උපකාරීවූයේ ඡායාරූප උපකරණ ආනයන කරුවකු වූ යේශ්වන්ත් නාගරාජ්ය. මේ නිර්මාණයෙන් පසු දුන්දිරාජ් සිනමාව වඩා හොඳීන් ඉගෙන ගැනීම සහ සිය මව්බිමේ ගොඩ නැංවීමේ අරමුණින් යුතුව 1912 වසරේ පෙබරවාරි 12 වැනි දින එංගලන්තය බලා නැව් නැංගේය.
උපකරණ පිළිබද ක්‍රියාකාරිත්වය හැදෑරීම මෙන්ම පහසු මිළකට උපකරණ ආනයනයත් ඔහුගේ
අරමුණු අතර විය.එපමනක් නොව තමා බලාපොරොත්තු වන සිනමා කෘතියේ කතා පිටපත ද ඔහු සතු
විය. ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ කතාවකින් උද්දාමයට පත් පාල්කේ සිය චිත්‍රපටය සදහා
තෝරා ගත්තේ මහා භාරතයේ එන හරිශ්චන්ද්‍ර රජු පිළිබඳ කතා පුවතයි.ලන්ඩනයේ චිත්‍රපට
උපකරණ වෙළෙන්දන් ළඟ දින ගණනක් රවුම් ගැසූ දුන්දිරාජ් පාල්කේ හෙම්බත් විය. ඒවා යේ
මිළ ගණන් එකිනෙකට වඩා වෙනස්ය.එමෙන්ම එහි ක්‍රියාකාරිත්වය පිලිබඳ කියා දෙන්නට වැඩි
වුවමනාවක් ඔවුනට නොවීය. විකිණීමට වඩා ඉන්දියානුවා අන්දන්නට සුද්දන්ට තිබූ වුවමනාව
පාල්කේ අවබෝධ කර ගත්තේ ඉක්මනිනි.කෙසේ වෙතත් වීක්ලි බයිස්කෝප් සඟරාවේ කාර්යාලයට ගිය
ඔහු එහි කතුවර කැබෝන් මුණ ගැසිණ. මේ ඉන්දියානුවා ධෛර්යමත් කරවිමට වඩා කැබෝන් කළේ ඔහු අධෛර්යමත් කරන එකය. සිනමාව අරඹා ගෙවුණ වසර ගණන ඇතුළත ඇති වුන නිෂ්පාදකයන්ට වඩා ඔහු කතා කළේ නැති වුන නිෂ්පාදකයන් ගැනය.සිනමා කර්මාන්කයේ යහපත් පැත්තට වඩා එහි අයහපත් ආදිනව පෙන්වා දුන් ඔහු වැඩිපුර පෙන්වා දුන්නේ චිත්‍රපට හදන්නට ගිහින් පිච්චියට වැටුණ මිනිසුන් පිළිබඳවය. කැබෝන් මේ ඉන්දියානුවාට පැවසුවේ අද කාලයේ මෙරට චිත්‍රපට වලට මුදල් යොදවන බහුතරයකට දෙන ජාතියේ උපදෙසකි. චිත්‍රපට හදන්නට තියෙන සල්ලි පරිස්සම් කර ගෙන ආපහු ඉන්දියාවට ගිහින් එළ හරකෙකු මිළයට ගෙන කිරි විකුණා ලොකු මිනිසකු වන ලෙසය. එහෙත් පාල්කේ ඉන්දියාවෙන් නැව් නැංගේ එලෙස ආපසු හැරෙන්නට හිතා නොවේ. ඔහුට වුවමනා වූයේ කෙසේ හෝ බයිස්කෝප් තනන්නටය. අන්තිමට කැබොන් කිව්ව නාහන එකා සිසිල් හෙප්වර්ත්ට හඳුන්වා දුන්නේය.ඒ අහිතකින් නොවේ. එපමනක් නොව පසුකලක කැබොන් ලියා ඇති පරිද්දෙන් එළවළු පමණක් කන හීන් අඩියක් වත් නොගසන මේ චාම් මිනිසා ඒ වනවිටත් සිනමාව පිළිබඳ දන්නා දේ පිළිබඳ මවිතයට පත් වූ බව හෙප්වර්ත්ට කියමිනි.සිසිල් හෙප්වර්ත් යනු බ්‍රිතාන්‍ය සිනමාවේ පුරෝගාමියාය. හෙප්වර්ත් ෆිල්ම් මනුෆැක්චරින් කම්පැනි ඒ වනවිට එංගලන්තයේ පැවැති විශාලතම චිත්‍රපට සමාගම විය.එහි චිත්‍රපටයක් නිර්මාණය කරන්නට අවශ්‍ය සියළු සම්පත්වලින් පරිපූර්ණ එකක් විය. හෙලප්වර්ත් උපකරණ පිලිබඳ හොඳ පාඩම් පෙළක් පාල්කේ ට කියා දුන්නේය.එපමනක් නොව අදාල උපකරණ සියල්ලම පාල්කේගේ අභිමතය පරිදි මිළයට ගන්නට උපකාර කළේය.ඒ වනවිටත් එංගලන්තයේ හොදම දෘෂ්ටි ප්‍රයෝග ක්‍රම විදි දැන සිටියේද හෙප්වර්ත්ය. ඔහු ගුරු මුෂ්ටියකින් තොරව ඒ සියල්ල මේ ඉන්දියානුවාට කියා දුන්නේය. හෙප්වර්ත් සතියක් ඇතුළත පාල්කේට දෘෂ්ටි ප්‍රයෝග පිළිබඳ අත්දැකීම් ලබා ගන්නට තරම් යහපත් ගුරුවරයකු විය.තවත් සති දෙකකින් ඔහු යළි ඉන්දියාවට පෙරළා පැමිණෙන විට විලියම්සන් කැමරාවක් ද සිනමා මුදුණ යන්ත්‍රයක් සහ දළ සේයා පට තොගයක් ද බඩු බාහිරාදිය සමග විය. එහෙත් බොම්බායේ ඔහුගේ නිවසේ කාලගුණය සිනමා චිත්‍රාගාරයකට සුදුසු නොවීය.එපමනක් නොව අගහිඟකම් ද ගෙට එබිකම් කර බලන්නට විය. පාල්කේ සිය පවුලේ සාමාජිකයන් ගේ විවිධ අවස්ථා සිනමාවට නංවා එය ආයෝජකයන් රැසකටම පෙන්වූයේ තම දැනුම පිළිබඳ විශ්වාසයක් ඇති කරන්නටය. එහෙත් මේ අලුත් ව්‍යාපාරයට මුදල් යොදවන්නට බොම්බායේ බොහෝ ආයෝජකයන් එකඟ වූයේ නැත.
ඉන් වසර ගණනාවක් ගෙවෙන විට ඉන්දියාවේ ඇතැම් නිළියක් දේවත්වයෙන් පුදනු ඇතැයි හෝ ඔවුන් නමින් දේවාල ඉදි වනු ඇතැයි එදා සිටි කිසිවකු හෝ සිතුවේ නැත.අවසානයේ අවන්හලක තේ හදමින් සිටි නාරි ලාලිත්‍යයෙන් හෙබි අන්නා සලුන්කේ නමැත්තා හරිශ්චන්ද්‍ර බිසව වූයේ දිනකට තේ හදා උපයන ආදායමට වඩා රුපියලක් ගෙවන පොරොන්දුව පිටය.පාල්කේ සිය සිනමා කෘතිය ඇරඹුවේ නිකම්ම නොවේ. ඔහු නළු නිළියන් පුහුණු කළේය. පසුතල දර්ශණ නිර්මාණය කළේ ද ඔහුය.කැමරාකරණය ද ඔහුගේය.පිටපත් මුදුණය කළේ ද සංස්කරණය කළේ ද ඔහුය. බොම්බායේ ගම්බදට වන්නට තිබූ පැරණි නිවසක් සිය චිත්‍රාගාරය බවට පත් කර ගත් ඔහු මාස හයක් පුරා හරියට නිදා ගත්තේ නැත. ආහාරයක් ගත්තේ නැත.ඔහුගේ එකම සිහිනය තිබුණේ චිත්‍රපටයක් තැනීමය.එය තනිකරම තනි මිනිසකුගේ ජයග්‍රහණයක් විය. 1913 වසරේ අප්‍රේල් 21 වැනි දින ඔහු ඉන්දියානු සිනමාවේ මුල්ම චිත්‍රපටයේ විශේෂ දැක්මක් බොම්බායේ ඔලිම්පියා සිනමාහලේ දී පැවැත්වූයේ විශේෂ ආරාධිතයන්ටය.තවත් දින කිහිපයක් ගෙවුන තැන එනම් මැයි තුන් වැනිදා බොම්බායේ කොරනේෂන් සිනමාහලේ දී මුල්ම ඉන්දියානු සිනමා කෘතිය රාජා හරිශ්චන්ද්‍ර තිර ගතවීම ඇරඹිණ. |



ලෝක සිනමා ඉතිහාසයේ වැඩිම වාර ගණනක් සිනමාවට නැගුනේ බයිබල් කතන්දරය. එය ගණනින්
මෙතැකැයි කිව නොහැකි තරම්ය.බයිබලයේ එන ඇතැම් කතන්දර ඇසුරු කොට ගෙන ලියැවුණු
සාහිත්‍ය නිර්මාණ ද එබඳු ආකාරයටම මිනිය නොහැක්කේය. ඒ බොහෝ කෘතින් ද සිනමාවට නැගී
ඇත්තේය.එය සිනමා වංශ කතාව ආරම්භයේ සිටම පෙනෙන්නකි. සිනමාව කතා කියන්නට ආරම්භ කළ
මුල් යුගයේම බොහෝ සිනමාකරුවන් අතට පත් වූ කතා බොහොමයක් බයිබලය හෝ ඒ ඇසුරෙන් තැණුන
කතා පුවත් විය. ඒ සදහා පැවැති ඉල්ලුම ද ඉහළ ම එකක් විය.මේ අතරින් ෆර්ඩිනන්ඩ් සෙකා
සහ ලුෂියන් නොන්ලට් විසින් තිරයට ගෙන එන ලද ද ලයිෆ් ඇන්ඩ් පැෂන් ඔෆ් ක්‍රයිස්ට්
සිනමා ඉතිහාසයේ ඉතා වැදගත් තැනක් ලබා ගනී. එයට එක් හේතුවක් වනුයේ එහිදී සෙකා විසින්
ඵල කරන ලද හැකියාවයි.

චිත්‍ර ශිල්පියකු විය.ඒ සියල්ල සිදුවනුයේ සිනමාකරුවකු
වන්නට පෙරාතුවය.සිනමා දෘෂ්ටි ප්‍රයෝග පිළිබඳ පුරෝගාමි මෙහෙවරක් කළ ප්‍රංශයේ ජෝර්ජ්
මේලියස් මෙන්ම දුන්දිරාජ් පාල්කේ ද මැජික් පෙන්වීමට සිනමා රූපය ද එක් කර
ගත්තේය.අනුන් විස්මයට පත් කරලීමේ ආසාවෙන් පෙළුණ පාල්කේ ට අවශ්‍ය වූයේ ද තම
ග්‍රාහකයා විශ්මයට පත් කරලීමටය.මේලියස් ජූල්ස් වර්න් ගේ හඳට ගිය අපූරු ගමනක්
ඇසුරෙන් සිනමා කාතියක් නිර්මාණය කරනුයේ තමා දන්නා මැජික් ශිල්පයට අලුත් අත්දැකීමක්
ගෙන එමිනි. පාල්කේ ද සිය සිනමා වේ දී දෘෂ්ටි ප්‍රයෝග භාවිත කරනුයේ ඒ අත්දැකීම
ඉන්දියානුවන්ට ලබා දෙමිනි.
එකඟ බව පෙන්වන ආයෝජකයන් පනවන
කොන්දේසි වලට පාල්කේ එකඟවූයේ නැත. එහෙත් සිය සැමියාගේ සිහිනය බිඳලන්නට සරස්වතී
සූදානම්වූයේ නැත. බොහෝ ඉන්දියානු වනිතාවන් සිය ජීවිතය හා සරි කොට සුරකින මඟුල් මාලය
ඇතුළු ඈ සතු සියළු ස්වර්ණාභරණ උකස් තබන්නට ඇය දෙවරක් සිතුවේ නැත. එහෙත් ගැටළු එයින්
සංසිදුණේ නැත.මේ වනවිටත් ශේක්ෂ්පියර් නාට්‍යයක් ඉන්දියාවේදී නිෂ්පාදනය වී ද එහි එන
ගැහැණු චරිත රඟපෑවේ පිරිමින්ය.ඉන්දියානු ගැහැනුන්ට රංගනය එතරම් අකැප වී තිබිණ.ඒ
වනවිට හොලිවුඩ් සිනමාව තරු සංකල්පය සිනමාවට ගෙනා මුල් අවදියයි. එහෙත් එය ඉතා
ඉක්මනින් ලොව පුර පැතිරිණ.මහා භාරතයේ රාජා හරිශ්චන්ද්‍ර කතාවේ ද ගැහැණු චරිත යක්
විය. ඒ හරිශ්චන්ද්‍ර බිසවගේ චරිතයයි. මේ චරිතය සඳහා නිළියක් සොයන්නට ඔහු පත්තර වල
දැන්වීම් පළ කළේය. ගණිකාවක හෝ කැමැතිවෙතැයි සිතා ඒ පසුපස ද ගියේය.ඉන්දියානු සිනමාවේ
මුල්ම සිනමා නිළියවීමේ අවමානය විඳීන්නට ඒ එකෙකු හෝ කැමැතිවූයේ නැත.