|
|
මැජික් වගේ ග්‍රැෆික් තනා සම්මාන දිනූ ඩන්ස්ටන් මන්ජුන
ඒ නිසාම පසුගිය දා පැවැති රූපවාහිනී සම්මාන උළෙලේ දී මේ තරුණ ශිල්පියා හොඳම පරිගණක සජීවිකරණ ශිල්පියාට හිමි තැන තමාගේ කරගත්තේ නිතරගයෙනි. අප දිනපතා දකින පරිගණක සජීවිකරණ අත්දැකීම් ඉතාමත් සූක්‍ෂමව නිමවන හෙතෙම ඩන්ස්ටන් මන්ජුන නම් වන්නේය. මේ ඩන්ස්ටන් හා සරසවිය හමු වූ මොහොතකි. අපි මේ කතාබහ මුල සිටම කතා කරමු. කුඩා කාලයේ ඉඳළම පරිගණකය ආශි‍්‍රත නිර්මාණවලට මගේ තිබුණේ පුදුම කැමැත්තක්. ඒ නිසාම උසස් පෙළ විභාගයෙන් පසුව මම පරිගණක සජීවිකරණය පිළිබඳ පාඨමාලාවක් හැදෑරුවා. ඉන් පස්සේ සසින්ද කාරියප්පෙරුම ගුරුවරයා සමඟ වැඩ කටයුතු වලට සම්බන්ධ වුණා ඉන්පසුව සිසිල් රත්නායක මහතාගේ මඟ පෙන්වීමෙන් 2003 වසරේ දී සිරසT.Vසමඟ සම්බන්ධ වුණා. මේ කාලයේ දී මට නිර්මාණකරන්නට උපන් ආශාව දිනෙන් දින දලුලා වැඩෙමින් තිබුණා. ඒ නිසාම නව නිර්මාණ වෙනුවෙන් කාලය කැප කළේ ඉතාමත් ආශාවෙන්. මේ කාලයේ දී මා අතින් නිර්මාණය වූ News 1st සජීවිකරණ ලාංඡනය සඳහා රාජ්‍ය සම්මාන උළෙලේ දී හොඳම සජීවිකරණ ශිල්පියාට හිමි සම්මානය හිමිවුණා. ඒ 2006 වසරේ දී. ඒ වගේම සිරස Weekend Tv වෙනුවෙන් නිර්මාණය කළ තේමාව හොඳම පරිගණක සජීවිකරණය වෙනුවෙන් නිර්දේශ වුණා. ඒ වගේම Yes Fm හි Urban challenge වැඩ සටහන ප්‍රවර්ධනය සඳහා නිර්මාණය කළ ප්‍රචාරක පටය සම්මාන සඳහා නිර්දේශ වුණා. මේ කටයුතු අතරතුර සිරස සුපර් ස්ටාර්, සිරස කුමරිය, සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහන් සඳහා සජීවිකරණ කටයුතු වලින් සම්බන්ධ වුණා. සිරස රූපවාහිනියේ කටයුතු කරන කාලයේ දී කාව්‍යා, සිහින වසන්තය වැනි ටෙලි නාට්‍යවල නාමාවලි සජීවිකරණය කරන්නට හැකි වුණා.
ඉන් පසුව සම්බන්ධ වුණේ ස්වාධීන රූපවාහිනී සේවයට. රන් සමනලයෝ, මුතු පිහාටු වැනි ටෙලි නාට්‍යවල නාමාවලි සජීවිකරණ කටයුතුවලට අවස්ථාව උදාවුණා. නුවර පෙරහැර පූර්ව ප්‍රචාරක පටයත් මා අතින් නිර්මාණය වූවක්. මෙවැනි අවස්ථා හරහා කෙටි සාර්ථක දුරක් එන්නට මට හැකිවීම සතුටක්. සම්මානය ලැබීම වගේම හැකියාවන් අගැයීම මට ලොකු ශක්තියක්. පරිගණක තාක්‍ෂණික හැකියාවට අමතරව මෙම විෂයට නිර්මාණශීලී භාවිතය වගේම චිත්‍ර පිළිබඳ හැකියාවත් තිබිය යුතුයි නේද? ඔව්, මම ඉගෙන ගත්තේ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ. ඒ කාලයේ චිත්‍ර කලාවට මං තදින්ම ඇලුම් කළා. ඒ වගේම චිත්‍ර ඇඳීමට මට හොඳ හැකියාවක් ද තිබුණා. දිය සායම්, තෙල් සායම් වැනි මාධ්‍ය ඔස්සේ මං චිත්‍ර නිර්මාණය කළා. ඒ චිත්‍ර සඳහා හොඳ අගැයීමක් ද ලැබුණා. සිතිවිලි ශ්‍රී ලංකා වැනි තරගවලින් මට සහතික හිමිවුණා. ඒ වගේම බුද්ධශාසන අමාත්‍යාංසය මඟින් 1992 වසරේ පැවැත් වූ චිත්‍ර තරගයෙන් මට දෙවැනි තැන හිමිවුණා. මේ වර්ධනය කරගත් හැකියාවන් එදාට වඩා අදට මට ඉතාමත් වටිනවා. හොඳ පරිණත නිර්මාණ ශිල්පියකුට චිත්‍ර පිළිබඳ අවබෝධය තිබිය යුතුයි. ඔබ කලා පවුලක පුරුකක්? මගේ තාත්තා කලා භූෂණ ගෝමස් හේවා. එතුමා ටවර් හෝල් යුගයේ නාට්‍ය ශිල්පියෙක්. මගේ අම්මා චිත්‍ර කලා ගුරුවරියක්. නිර්මාණශීලී පරිසරය මට හිමි වුණේ අම්මාගෙන් සහ තාත්තාගෙන්. ඒ ලැබූ ආභාෂය තුළ මම අදටත් ජීවත් වෙනවා.
මේක ඇත්තටම ප්‍රායෝගිකව විය නොයුතු දෙයක්. හුදු මවා පෑමක්. නිර්මාණශීලිත්වය හා තාක්‍ෂණය එක්වූ දැවැන්ත නිර්මාණයක්.
මේ වෘත්තිය ගැන ඔබ තෘප්තිමත් ද?
වෘත්තියකට වඩා මේ නිර්මාණ ඇතුළේ මම ජීවත් වෙනවා. මම කරන නිර්මාණයක් නැවත නැවත බලලා විඳින සතුට අපමණයි. වෙන වෘත්තීන් වගේ නෙවෙයි කලාව තුළ ජීවත්වීම කියන්නේ හරිම වාසනාවක්. ඉදිරිය මොනවගේ වේවිද? දෘශ්‍ය ප්‍රයෝග අධ්‍යක්‍ෂවරයෙක් වීම තමයි මගේ බලාපොරොත්තුව. ඒ වගේම මං ඉන්න ක්‍ෂේත්‍රයෙ උපරිම තැනක කටයුතු කරන්නට බලාපොරොත්තු වෙනවා. නවකයන්ට මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම මේ කටයුත්ත භාවනාවක් වගෙයි. එක මොහොතින් නිර්මාණයක් කරනවා වෙනුවට තමන්ගේ අදහස් ගොනු කරමින් ක්‍රමාණුකූලව නිර්මාණ කිරීම සාර්ථකත්වයට මඟ කියාවි.
|



ඔහු අනගි සිතුවම් මවන පරිගණක සිත්තරෙකි. ඔහුගේ නිර්මාණශීලී හැකියාවෙන් බිහි වූ බොහෝ
නිර්මාණ අපට අතිශය සමීප වුවත් මේ චරිතය අපේ ඇස ගැටුණේ නැති තරම්ය. පරිගණකයත්,
නිර්මාණශීලී හිතත්, ඒ හා බැඳුණු පරිණත බුද්ධියත් එක්කාසු කරගත් හෙතෙම විය නොහැකියයි
සිතෙන ඇතැම් දෑ සජීවිකරණය කරන්නට උපන් කෙනෙකි.
ඉන් කලකට පසුව මම සියත
T.V සමඟ සම්බන්ධ වුණා. ඉදිරිපත් කිරීමේ අංශයේ කළමනාකාරවරයා
විදිහට සියතට සම්බන්ධව නිර්මාණ කටයුතු රැසක් කළා. සියත නිල ලාංඡනය නිර්මාණය කළේත්
මේ අතරතුර.
මොකක්ද ඇනිමේෂන් කියන්නේ කියලා කෙටියෙන් කියමුද?