වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 07 වැනිදා බ්‍රහස්පතින්දා




රියල් ස්ටාර් අතර උපන් දින සාදයක්

රියල් ස්ටාර් අතර උපන් දින සාදයක්

‘රණවිරු රියල් ස්ටාර්’ ආකර්ෂණීය ලෙස පැවැත්වෙන රියැලිටි වැඩසටහනක්. එහි පූරක ලෙස අභිමානවත් මෙහෙවරක් ඉටු කරන්නේ රංගන ශිල්පී සාරංග දිසාසේකරයි.

පසුගිය දවසක ‘රණවිරු රියල් ස්ටාර්’ පැවැත්වෙන දිනයක සාරංගගේ උපන් දිනයත් යෙදිලා තිබුණා. වෙනම උපන් දින සාදයක් පවත්වනවා වෙනුවට රණවිරු රියල් ස්ටාර් රූ ගැන්වෙන පරිශ්‍රයේම, පුංචි පහේ චාම් උපන්දින සාදයක් පවත්වන්න සාරංග අමතක කළේ නැහැ. මේ අවස්ථාවට සාරංගගේ හිතවත්ම රසික පිරිසකුත් කැටුව ගියා. කලා ලොව වෙනුවෙන් ජැක්සන් ඇන්තනි, විශාරද එඩ්වඩ් ජයකොඩි, යශෝධා විමලධර්ම, නදිනි ප්‍රේමදාස හා ලකී ඩයස් මේ චාම් උත්සවයට එක් වුණා.

මේ උපන් දිනයේදීම රසිකයන්ට දෙන තෑග්ගක් විදියට සාරංගගේ කුලුඳුල් ගී තැටිය ‘වොයිස් ඔෆ් සාරංග’ නම් වූ සංගීත තැටියත් එළි දැක්වූවාලු. මේ අවස්ථාවට රණවිරුවනුත් එක් වුණා කියලා තමයි ආරංචි. සාරංගට සරසවිය අපිත් සුබ පතනවා.