|
|
මම තවම මාව සොයනවාචාන්දනියෙ සමඟ එන වේලායුදම් විනෝදරන්
තරගකරුවන් 147,886 ක් අතර, වේලායුදම් විනෝදරන් නම් තරුණයෙක් ද විය. සහෝදර තරගකරුවන් වූ සසිඳු හා වේලායුදම්ගේ මිතුරු සමාගමය වර්ධනය වන්නේ, කිරුළ සඳහා තරගකරුවන් 950 දෙනකු ඉතිරි වෙද්දී. “ ඩ්‍රීම් ස්ටාර් සීසන් 4 ” තරඟාවලියේ, වේලායුදම් හට හිමිවන්නේ 5ස් වෙනි ස්ථානයයි. එදා, වේලායුදම් ඉවත්වන දිනයේ, වේදිකාවේ හඬා වැටුණු සසිඳු විජේසිරිගේ හැඬුම තුළ, රටටම කියන්නට ආදර්ශවත් කතාවක් ගැබ්ව තිබිණ. තරගාවලියට සහභාගි වන්නට, සසිඳු සතුව සුදුසු කලිසමක් නොවීය. තමන් සතු වූ අලුත්ම, කලිසම මිතුරාට දී, තමන් හට තිබුණා වූ ඇඳුමකින් තරගයට සහභාගි වී තෘප්තිමත් වන්නට තරම්, වේලායුදම් පරිත්‍යාගශීලී වූයේය. තරග උද්ේයීගයෙන් හා ආත්මාර්ථකාමී බවින්, හිස උදුම්මවා නොගෙන, මෙය රටක් හමුවේම තබන්නට තරම්, සසිඳු නිහතමානී විය. කළ ගුණ, කෙළ බිඳුවක මට්ටමට පත්ව ඇති යුගයක සසිඳුගේ කෘතවේදීබවත්, වේලායුදම්ගේ පරෝපකාරී බවත්, සමස්ත සමාජයටම ආදර්ශයකි. “ අද වෙනකොට, මගේ ජීවිතයට බොහෝ දෑ ලැබී තිබෙනවා. මම උපන්නෙ නුවර. මගේ ගම් පළාත දිගන. මට ඉන්නේ අයියලා තුන්දෙනෙක්. මම පවුලේ බඩපිස්සා. මගේ එක සහෝදරයෙක්, සමාජයේ විශේෂ අවශ්‍යතා ඇති දරුවෙක් ලෙසයි සැලකෙන්නේ. මගේ අම්මා සිංහල කාන්තාවක්. තාත්තා දෙමළ, ඔහු ව්‍යාපාරිකයෙක්. ” පවුලේ තොරතුරු පිළිබඳ, ඒ ආකාරයට මේ තරුණයා කරුණු ඉදිරිපත් කළා. දෙමළ වුනත්, ඔබ හොඳට සිංහල කතා කරනවා, ඔබ දෙමළ යැයි විශ්වාස කළ නොහැකි තරමටම, මම කීවෙමි. වේලායුදම් කළේ සිනාසීම පමණි. මේ වන විට ඔබේ ජීවිතය ගතවෙන්නෙ කොහොමද? මගෙන් ඔහුට පැනයක්, “ මම මොබිටෙල් ආයතනයේ අලෙවි කළමනාකරුවෙක් ලෙස සේවය කරනවා. රාජකාරී කටයුතු භාරගෙන හරියටම දවස් 2යි. ( අප සම්මුඛ සාකච්ඡාව කරන මොහොත වන විට ) දෙවැනි දවසේ, මේ ඔබත් සමඟ කතා කරන දවස මට සුවිශේෂීයි. සරසවිය පුවත්පතට ලබාදෙන මගේ පළමු සම්මුඛ සාකච්ඡාව. මේ වන විට මට, ආයතනයෙන් මෝටර් රථයක් සහ නිවෙසක් හිමිවෙලා තියෙනවා. ” කුඩා කාලයේ සිටම, සංගීතයට ඉතා ලැදි පරිසරයක හෙතෙම හැදී වැඩෙයි. ඔහුගේ සංගීත දිවියට පදනම වැටෙන්නේ, ඒ හරහා. ගමේ අවුරුදු උත්සවය, වේලායුදම්ගේ ගායන හැකියාව ඔපමට්ටම් කළ වේදිකාවයි. එහිදී ලත් ජයග්‍රහණ ඔහුගේ ඉදිරි ගමනට නොමඳ ආශිර්වාදයක් වූවා සේම ශක්තියක් ද විය. තවමත් 22 හැවිරිදි මෙම තරුණයා, අනාගත අභියෝග දෙස බලන්නේ සුබවාදීවයි.සංගීත විශාරද විභාගය සමත් වේලායුදම්, දකුණු ඉන්දියාවට යන්නේ, සිතෙහි වූ බලවත් විශ්වාසයක් නිසාමය. ඒ තුළ අධිෂ්ඨානයක් ද විණි. ගායකයෙක් සතුව ඇති නිධානය, ඔහුගේ කටහඬයි. “ මගේ හඬ හොඳට හදාගන්න ලොකු උ‍්‍රවමනාවක් තිබුණා. ඒ නිසා, මදුරාසියේ, ඉසෙයි කල්ලූර් පාසැලේ හඬ පුහුණුව ලබා ගත්තා. මාස 6ක කාලයක් එහි රැඳී සිටියා.ඒ සංගීත පාසැල මට හරිම විශේෂයි. ඔස්කා සම්මානලාභී සංගීතවේදී ඒ.ආර්. රහුමාන් කුඩා කළ ශිල්ප හැදෑරූ පාසැලයි ඒ ” අප රටේ, ඇතැම් සංගීත පාසැල් සම්බන්ධව තමන් තුළ පැහැදීමක් නොමැති බව, වේලායුදම් කියා සිටිනවා. එම වෙනස, ඔහු ඉන්දියාවේ ගත කළ කාලසීමාව තුළ, අවබෝධ කර ගත් බව හෙතෙම කියයි. කෙසේවෙතත්, තම සංගීත ජීවිතයේ සුවිශේෂී කඩඉමක් පිළිබඳව ද, ඔහු සරසවියට හෙළි කළා. “මගේ කුලුඳුල් මියුසික් විඩියෝව, චාන්දනියේ, මේ දිනවල ටී.වී. දෙරණ නාලිකාවේ විකාශය කෙරෙනවා. ඊට අමතරව සිරස, තව නොබෝ දිනකින් හිරු ටී.වී. ඔස්සේ ද මෙය නැරඹිය හැකියි. ප්‍රථම වතාවටයි, මෙතෙක්, ඩ්‍රීම් ස්ටාර් තරඟ ඉතිහාසයේම, තරගකරුවකුගේ ගීයක්, නාලිකා කිහිපයක් ඔස්සේ ම විකාශය කෙරෙන්නෙ. ” රියැලිටි වැඩසටහන් ගණනාවකින්, ගායක ගායිකාවන් වූ තරු, අප දැක තිබෙනවා. කාලයත් සමඟ මෙම තරු, අපේ මනසින් අමතකව යනවා. එය මේ කාලයේ ඉතා සුලබව දක්නට ලැබේ. මෙය ඇත්තටම අභියෝගයක්. ඔබ, කොයි ආකාරයෙන් ද මෙම අභියෝගයට මුහුණ දෙන්නෙ ? “ තරු සංකල්පය අද සමාජයේ ප්‍රවණතාවක් බවට පත්වෙලා. මට ඕනෑ, හැමදාම මිනිසුන් අතර දිදුලන තරුවක් වෙන්න. හොඳ නිර්මාණ එළි දක්වන්න. මගේ මතයේ හැටියට පේ‍්‍රක්ෂකයෝ හරි දේ නෙවෙයි ඉල්ලන්නෙ. පේ‍්‍රක්ෂකයා තුළ හරි අවබෝධයක් නැහැ. මෙය සාපේක්ෂ කාරණයක්. නමුත්, ක්ෂේත්‍රය තුළ රැෙඳන්නට, ඔවුන් ඉල්ලන දේ, පමණකට ලබා දෙන්නත් සිදු වෙනවා. අපේ පෙරදිග සංගීතය හා බටහිර සංගිතය එකට මුසුකර, අර්ථවත් ගී සංකල්පනා හා නිර්මාණශීලී සංගීතවේදීන්ගේ ඥානයෙන්, උසස්, ප්‍රමිතියෙන් යුතු නිර්මාණ බිහි කළ හැකීයි. ” “තරගාවලිය තුළ, මා, වඩාත් සිත් ගත් චරිතය, නදීක ගුරුගේ. ඔහු අති දක්ෂ, සංගීතය පිළිබඳ පෘථුල දැනුමක් ඇත්තෙක්. විනිශ්චයකරුවෙක් ලෙස පමණක් ම නොවෙයි, ගුරුවරයෙක් ලෙස, ක්ෂේත්‍රයේ දක්ෂයෙක් ලෙස, මා සෑහෙන්න දේ ඔහු තුළින් ලබා ගත්තා. මෙවැනි චරිතයක් ඇසුරු කරන්නට ලැබීමත් වාසනාවක්. ඔහුගේ ප්‍රතිභාව පිළිබඳ මගේ පැහැදීම නිසාම, ඔහු ලවා මගේ චාන්දනියේ ගීතයේ සංගීතය නිර්මාණය කර ගත්තා.” ස්ව අනන්‍යතාවක් ගොඩනගා ගැනීම තුළ, තමන් හට දුර ගමනක් යා හැකි බව වේලායුදම් විශ්වාස කරයි. “ මං කැමැතීයි මං වෙන්න. වේලායුදම් විමෝදරන් නම් ගායන ශිල්පියා වෙන්න. ඒ සඳහා මා වෙහෙස වෙනවා. මම මාව සොයනවා. නිර්මාණ අධ්‍යයනය කරනවා, පර්යේෂණ කරනවා. නිතරම ස්වයං අධ්‍යයනයක යෙදෙනවා. මගේ රැකියාවත් ඒ සඳහා පිටිවහලක්. mtunes දෙමළ ගීත දර්ශකය, සකස් කිරීමේ වගකීම, පැවරිලා තියෙන්නේ මට. ඒ හරහා මා විශාල ආත්ම තෘප්තියක් ලබනවා. රැකියාව මට සතුටක්, වාසනාවක් ” සති අන්තයේ ටී.වී. දෙරණ තුළින් විකාශය වන, “ ස්ටාර් චැලෙන්ජ් ” වේදිකාවේ, මේ දිනවල වේලායුදම් දැකිය හැකිය. බාචි සුසාන් ගේ කණ්ඩායමේ සාමාජිකත්වය ඔහුට හිමිව තිබේ.” කලාකරුවන්ගෙන් සුථ පිරිසක් සිටිනවා, හරිම කුහක, එකිනෙකාට මානසිකව රිදවමින්, අබිබවා යෑම පමණයි ඔවුන්ගේ මනසේ තිබෙන්නෙ. සමාජයේ පවතින රැල්ල නිසා, මෙය සිදුවනවා වන්නටත් පුථවන් ” මොබිටෙල් ආයතනයේ වත්මන් සභාපති නිමල් වෙල්ගමයන් ගේ අතහිත දීම, මේ තරුණයා ගෞරව පූර්වකව සිහිපත් කරයි. “ මීට පෙර, නිමල් වෙල්ගම නම් චරිතය දිවයින පුවත්පතට සේවය සලසන විට, ලිපියක් සඳහා මට ආරාධනා කළා. එම අවස්ථාවේ ඇති වූ දැන හැඳුනුම්කම මතයි, එතුමා මේ තාක් දුර මා ඉදිරියට ගෙන ආවේ. ” අනාගතයේ වේලායුදම් විනෝදරන් සමඟ, කලා ක්ෂේත්‍රයේ බොහෝ දෑ සිදුවනු ඇත. ඒ පිළිබඳ තොරතුරු වාර්තා කරන්නට, සරසවියේ අපි ද, විමසිල්ලෙන් බලා සිටිමු.
|



වේලායුදම් විනෝදරන් පිළිබඳ මුථ රටම කතා කළේ, ජනපි‍්‍රය රූපවාහිනී නාලිකාවක “
රියැලිටි වැඩසටහනක් ” නිසයි. වැඩසටහන “ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 4 ”. එම සුවිශේෂී
සිදුවීම වූයේ, වේලායුදම්, සිහින තරු මාවතෙන් ඉවත් වූ දිනයයි. තම සගයාගේ ඉවත්වීම ගැන
ඔහුටත් වඩා සංවේදී වූයේ, හිතමිතුරු සසිඳු විජේසිරි...., ඔව්, පසුව, “ඩ්‍රීම් ස්ටාර්
“ කිරුළේ හිමිකරු වූයේ ඔහුයි.