|
|
කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල මාර්තු 28 දා සිට
මෙරට රංගන කලාවේ ප්‍රගමණයට ජාත්‍යන්තර දායකත්වය ලබා ගනිමින් නූතන තරුණ තරුණියන්ගේ සංවෘත දැනුම විවෘත දැනුමකට පරිවර්තනය කිරීම හා නූතන ප්‍රේක්ෂකාගාරයක් ඇති කිරීමේ අරමුණ ඇතිව දෙවන වරටත් සංවිධානය කෙරෙන කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල ලබන මාර්තුª 28 වැනිදා සිට අප්‍රේල් 4 වැනිදා දක්වා කොළඹ බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසලේදී පැවැත්වේ. මාර්තු 27 වැනිදා ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වෙන සමාරම්භක උත්සවයෙන් අනතුරුව, 28 වැනිදා සිට ඉන්දියාව, ඔස්ට්‍රියාව, අසර්බයිජානය, සෞදි අරාබිය, ඊජිප්තුව, නේපාලය, ශ්‍රීී ලංකාව නියෝජනය කරමින් නාට්‍ය වේදිකා ගතවීමට නියමිතය. මෙම නාට්‍ය උළෙල නූතන නාට්‍ය නිෂ්පාදනවලින් සමන්විත වේ. මේ පිළිබඳ දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවක් 21 වැනිදා ජර්මන් සංස්තෘතික මධ්‍යස්ථානයේදී පැවැත් විය. එහිදී එහි අධ්‍යක්ෂ එම්. සෆීර් පවසා සිටියේ, නාට්‍ය දර්ශනවලට අමතරව වැඩමුළු සහ දේශීය රංග කලාවට ප්‍රාදේශීය මට්ටමේ සිට අප්‍රමාණ දායකත්වයක් ලබා දීම හා දේශීය රංග කලාවට විද්‍යාර්ථීන් බිහි කිිරීම උදෙසා කැප වූ නාට්‍ය කරුවන්ට සම්මාන ප්‍රදානයක් ද සිදු කරන බවයි. මෙවර නාට්‍ය උළෙල සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ‘කවීතා’ වැඩසටහනේ තෝරාගත් විශ්ව විද්‍යාල හතරක නාට්‍ය හා වැඩමුළු පැවැත්වීමට නියමිතය.
පැරැණි හින්දි ගීත 03 දා ලුම්බිණියේ
පැරැණි හින්දි චිත්‍රපට සහ ගීත රසික සමාජය ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන පැරැණි හින්දි ගීත ඇතුළත් සංගීතමය ප්‍රසංගයක් මෙම මස 03 වැනිදා එනම් එන ඉරිදා සවස 2.00 ට කොළඹ 05 හැව්ලොක්ටවුම ලුම්බිණි රඟහලේදී නොමිලයේ පැවැත්වේ. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී. බී. ඒකනායක මහතා මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වේ. එදා ශ්‍රීී ලාංකික රසික හදවත් අමන්දානන්දයට පත්කළ ආන්, අනෝකි, ආදා, බූට් පොලිෂ්, අල්බේලා, ආරාධනා, ගීත් වැනි ජනප්‍රිය හින්දි චිත්‍රපටවලට ඇතුළත් වූ සුමියුරු ගීත රාශියක් සජීවීව මෙහිදී ගායනා කරනු ලැබේ. සංගීතය සරත් ද අල්විස්ගෙනි. පැරැණි සුමියුරු ගීත රසික රසිකාවන්ට මේ සඳහා සංවිධායක කමිටුව ඇරැයුම් කර සිටියි. |



