|
|
ප්‍රියංකාට මනාලයෙක්
කෙසේ වුවත් මේ වසරේ ජූලි 18 වැනිදා තිස් එක් විය සපුරන ප්‍රියංකාට විවාහයක්කර දීමේ සිතිවිල්ල ඇයගේ මාපියන්ට නම් තදබල ලෙසින් ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. අලුත්ම ආරංචිවලට අනුව ප්‍රියංකාගේ නැන්දණිය ඇයට මනමාලයකු තෝරා ගෙන අවසන්ය. ඒ මහාදේවි රූපවාහිනී නාටකයේ ශිව දෙවිඳුන්ගේ චරිතය නිරූපණය කළ අකා මෝහිත් රෙයිනාය. ප්‍රියංකා සැම විටම පැවසුවේ තම තනිකඩ දිවිය නිමා කිරීමට කෙනකු අවශ්‍ය බවයි. මේ වචනය හොඳින් සිතට ගත් නැන්දණිය කලක සිට දියණියගේ තනිය නැති කිරීමට කෙනකු සොයමින් සිට ඇත. ඒ අනුව අවංක සහ මනා හැසිරීමකින් යුතු මෝහිත්ට ඇයගේ සිත ගොස් තිබේ. මේ ගැන මාධ්‍යවේදීන් මෝහිත්ගෙන් විමසූ විට ඔහු නිරුත්තර වී ඇත. එහෙත් තමන්ව ප්‍රියංකාට යෝජනා කිරීම ගැන ස්තුතිවන්ත වන බව නම් ප්‍රකාශ කළේය.
ආදායම් බදු අක්ෂේ පසුපස
ජනප්‍රියභාවය සීමාව ඉක්මවා යනු දැකීම සෑම බොලිවුඩ් තරුවකගේම සිහිනයයි. ජනප්‍රියකමේ තරමටම අතමිට සරු වුණත් එය නම් ලෝකයාගේ උකුසු ඇසෙන් සඟවන්නට ඔවුන් කැමැතියි. එහෙත් ආදායම් බදු නිලධාරීන්ගෙන් බේරී සිටීමට ඔවුන්ට ජනප්‍රිය බව නිසාම ඉඩක් ලැබෙන්නේ ද නැත. වසර අවසානයේ සෑම තරුවකගේම අතේ මිටේ ඇති මුදලේ ගණන් සියලුම මාධ්‍යයන්ගෙන් කලඑළියට එන්නේ ඒ නිසයි. ලැබෙන අලුත්ම ආරංචිවලට අනුව ආදායම් බදු නිලධාරීන්ගෙන් ගැලවීමක් නැතිම නළුවා බවට පත් වනු ඇත්තේ අක්ෂේ කුමාර්ය. ඔහු ඉන්දියාවේ එදා මෙදාතුර කිසිදු නළුවකු උපයා නැති තරමේ ආදායමක් ලැබීම ඊට හේතුවයි.
අක්ෂේ, බොලිවුඩයේ අධ්‍යක්ෂවරුන්ට ධන උල්පතකි. හවුස් ෆුල් 2, රව්ඩි රතෝර්, ඛිලාඩි 786 සේම මේ වසරේ තිරගත වූ ස්පෙෂල් 26 ද ඉහළ ආදායම් වාර්තාවක් තබමින් තිරගතවේ.
ජනප්‍රියභාවය සීමාව ඉක්මවා යනු දැකීම සෑම බොලිවුඩ් තරුවකගේම සිහිනයයි. ජනප්‍රියකමේ තරමටම අතමිට සරු වුණත් එය නම් ලෝකයාගේ උකුසු ඇසෙන් සඟවන්නට ඔවුන් කැමැතියි. එහෙත් ආදායම් බදු නිලධාරීන්ගෙන් බේරී සිටීමට ඔවුන්ට ජනප්‍රිය බව නිසාම ඉඩක් ලැබෙන්නේ ද නැත. වසර අවසානයේ සෑම තරුවකගේම අතේ මිටේ ඇති මුදලේ ගණන් සියලුම මාධ්‍යයන්ගෙන් කලඑළියට එන්නේ ඒ නිසයි. ලැබෙන අලුත්ම ආරංචිවලට අනුව ආදායම් බදු නිලධාරීන්ගෙන් ගැලවීමක් නැතිම නළුවා බවට පත් වනු ඇත්තේ අක්ෂේ කුමාර්ය. ඔහු ඉන්දියාවේ එදා මෙදාතුර කිසිදු නළුවකු උපයා නැති තරමේ ආදායමක් ලැබීම ඊට හේතුවයි. ඛාන් රජවරු ත්‍රිත්වයම පරදා අක්ෂේ කුමාර් පවුම් කෝටි 2000 ක් ඉපයූ ප්‍රථම ඉන්දියානු නළුවා බවට පත් වී තිබේ. අක්ෂේ, බොලිවුඩයේ අධ්‍යක්ෂවරුන්ට ධන උල්පතකි. හවුස් ෆුල් 2, රව්ඩි රතෝර්, ඛිලාඩි 786 සේම මේ වසරේ තිරගත වූ ස්පෙෂල් 26 ද ඉහළ ආදායම් වාර්තාවක් තබමින් තිරගතවේ.
තනිකඩයාගේ
ලොකුම ඉල්ලුම
|



ප්‍රියංකා චොප්රා රංගනයෙන් ඉදිරියට යන්නේ පෙම් සබඳතා ගැන ද පුවත් මවමිනි. කිසිදු
නිළියක සමඟ සබඳකම් පවත්වා නම කළුකර නොගත් ෂාරුක්ගේ නම ද ඇය හා සම්බන්ධ කෙරී වැඩිකල්
නැත.
ඛාන් රජවරු ත්‍රිත්වයම පරදා අක්ෂේ කුමාර් පවුම් කෝටි 2000 ක් ඉපයූ ප්‍රථම ඉන්දියානු
නළුවා බවට පත් වී තිබේ.
භාරත සිනමා රාජධානියේ වැඩිම
ඉල්ලුමක් ඇති තනිකඩයා වන සල්මන් ඛාන්, ගූගල් වෙබ් අඩවිය හරහා රසිකයන් වඩාත්ම සොයා
බලන තරුව ද වෙයි.