|
|
||
ලෙස්ටර් ප්‍රත්‍යවලෝකන උළෙලක් මුල් වරට පැවැත් වූ ඩොනල්ඩ් රිචී මිය යයි
ආසියානු සිනමාව වඩා පුළුල් ලෝකයට හඳුන්වා දීමේ සුවිසල් මෙහෙවරක් කළ සිනමා විචාරකයකු ලේඛකයකු වූ ඩොනල්ඩ් රිචී 1924 අප්‍රේල් 17 වැනි දින අමෙරිකාවේ ඔහියෝ නගරයේ දී උපත ලද්දෙකි. රිචී පළමුව අමෙරිකානු නාවික සෙබලෙකු විය.ජපාන සිනමාව පිළිබඳ මහා ඇල්මකින් යුතු වූ රිචී සුප්‍රකට ජපාන සිනමාවේදී යශුජිරෝ ඔශුගේ සමිපතම මිතුරකු ද විය. අකිර කුරොසාවාගේ කැගෙමුෂා,රෙඩ් බියර්ඩ්,ඩ්‍රීම්ස් වැනි චිත්‍රපට මෙන්ම ඔශු ගේ චිත්‍රපට බොහොමයක් ඉංග්‍රීසි උපශිර්ෂ ගැනුවූයේ ද රිචී විසිනි.ඔහු ජපාන සිනමාව පිළිබඳ ලියන ලද කෘතින් ලොව සිනමා අධ්‍යයනයෙහිලා මහත් ඉහලින් සළකනු ලබයි.ජපාන සිනමාව පිළිබඳ ඔහු කෙතරමු ඇලුම් කළේ ද යත් ජපන් භාෂාව ඉතා හොඳීන් උගත් හෙතෙම පසුව සිය නිත්‍ය වාසස්ථානය කරගත්තේ ද ටෝකියෝවයි. මෙරට සිනමාව පිළිබඳවද රිචී විශාල අවධානයකින් සිටියෙකි.ඔහු ආචර්ය ලෙස්ටර් ගේ චිත්‍රපට ඇතුළත් කොට ප්‍රත්‍යවලොකන සිනමා දැක්මක් පැවැත්වූයේ 1969 තරම් ඈත කාලයේය. ඒ අමෙරිකාවේ නිව්යෝක් නගරයේ නුතන කලා ඇකඩමියේ අධ්‍යක්ෂවරයාව සිටියදීය.පසුගිය 19 වැනි දින රිචී මිය යන විට 88 හැවිරිදි වියේ පසු විය.
‘ප්‍රතිබැහැ දැක්ම’ ග්‍රන්ථය එළිදුටු දාරජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සහ චිත්‍රපට අංශය මඟින් සංවිධානය කරන ලද ප්‍රතිබැහැ දැක්ම 2013 වාර්තා හා කෙටි චිත්‍රපට දැක්ම පසුගියදා ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදීී ඇරැඹුණේ ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම උළෙලේදී ප්‍රතිබැහැ දැක්ම ග්‍රන්ථය ද එළිදුටුවා. ඈෂ්ලි රත්න විභූෂණ විසින් සංස්කරණය කරන ලද මෙම ග්‍රන්ථය කෙටි හා වාර්තා චිත්‍රපට පිළිබඳ ලිපි එකතුවකින් සමන්විතයි. තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මහාචාර්ය ආරියරත්න ඇතුගල, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වන ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ හා තිස්ස ලියනසූරිය, ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මෙම උළෙලේ සමාරම්භක දිනයේ ආරාධිතයන් ලෙස සහභාගි වුණා.
කවුද මචං ඇලිස් රිදී තිරයට
රාජ් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන ලද්දේ හෝම් මූවිස් සඳහා ළැදි ප්‍රේක්ෂකයන් ඉලක්ක කරගෙනයි. එනමුදු එය සිනමා ශාලාවන්හි ප්‍රදර්ශනය කිරීමට ඔහු අදහස් කරගෙන සිටියි. ඒ ‘කවුද මචං ඇලිස්’ හි පූර්ව ප්‍රචාරක පටය නැරැඹූ බහුතර ප්‍රේක්ෂකයන්ගේ සහ හිතවතුන්ගේ දැඩි ඉල්ලීම මතය. ඒ අනුව තව නොබෝ දිනකින් මෙම සිනමා සිත්තම සිනමා ශාලා කිහිපයකදී තිරගත වනු ඇත. මෙරටට හඳුන්වා දෙන මලයාසියානු රංගන ශිල්පිනියක වූ ඩිවෝන් ගෝමි ප්‍රධාන චරිතය මවන ‘කවුද මචං ඇලිිස්’ ලෙස්ලි සිරවර්ධනගේ අධ්‍යක්ෂණයකි. රචනය ද ඔහු විසින් සිදු කොට තිබේ. විමල් කුමාර ද කොස්තා, විල්සන් ගුණරත්න, සමන්ති ලැනරෝල්, හර්ෂනී පෙරේරා කුලසේකර, රොනී ලීච්, උදාර රාජපක්ෂ, බිලී මෙහි චරිත මවන අනෙකුත් පිිරවරයි. සරත් සිල්වාගේ නිෂ්පාදන කළමනාකරණයකි. නිමල්සිරි රෝසා කැමරාව මෙහෙයවයි. සෑම් පෙරේරා අංග රචනයෙන් එක් වෙයි. නැටුම් අධ්‍යක්ෂණය ආර්. කේ. අලුත්වීදියගෙනි. ‘කවුද මචං ඇලිස්’ හි ඩී. වී. ඩී. පිටපත් නිර්මාණය සුරංග ද අල්විස් විසින් සිදු කරනු ලබයි.
වසර 50 යි, නිහාල් ඇවිත් 15 දා මියුසියස් ශ්‍රවණාගාරයේදී
‘ලස්සනට පිපුණු වනමල්’ ගීතය ගයමින් ගායන ලොවට ප්‍රවිශ්ට වූ නිහාල් පනස් වසරක් පුරා ප්‍රසංග වේදිකාවේ අඛණ්ඩව රැඳී සිටිනා ගායන ශිල්පිියෙකි. ඔහුටම ආවේණික ගායන විලාසයකින් හා නර්තන ශෛලියකින් ප්‍රසංග වේදිකාව රසවත් කළ නිහාල් ගේ ගී හඬට පෙම්බැඳි රසික රසිකාවන් නොයෙක් සමාජ ස්ථරවලට අයත්වේ. නිහාල් එදා මෙදාතුර ගැයූ ජනප්‍රිය, කඩඉම් ගීත විස්සක් පමණ සජීවී ලෙසින් ඔහු එදින ගායනා කරනු ලබයි. ‘වසර 50 යි, නිහාල් ඇවිත්’ ප්‍රසංගය සංගීතවත් කරනුයේ නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ ‘සන්ෆ්ලවර්’ සංගීත කණ්ඩායමයි. චන්දන වික්‍රමසිංහ ඇතුළු නර්තන කණ්ඩායම විසින් මෙම ප්‍රසංගය හැඩ ගන්වද්දී රොඩ්නි වර්ණකුල හා ප්‍රියන්ත සෙනෙවිරත්න අපූර්ව රංගනයකින් නිහාල්ගේ ගායනයන්ට දායක වේ. කථනය තිලක් කුමාර රත්නායකගෙනි. නිහාල්ගේ ජනප්‍රිය ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ද එදිනට එළිදැක්වීමට නියමිතය. ජනප්‍රිය කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් මෙම ගී ප්‍රසංගය පැවැත්වේ.
සුනෙත් මාලිංගගේ ‘ස්පන්දන’ වැඩ ඇරැඹෙයිසුනෙත් මාලිංග ලොකුහේවාගේ තෙවන චිත්‍රපටයෙහි වැඩ කටයුතු බොරැල්ල පුංචි තියෙටර්හි පැවැති කෙටි උත්සවයකින් අනතුරුව ආරම්භ කෙරිණ. තාරුණ්‍යය ඉලක්ක කොට තැනෙණ එම සිනමාකරණය ස්පන්දන යනුවෙන් නම තබා ඇත. මහේන්ද්‍ර පෙරේරා, දිල්හානි ඒකනායක, ගිහාන් ප්‍රනාන්දු, දර්ශන් ධර්මරාජ්, ශලනි තාරකා, බුවනි චාපා, තිසුරි යුවනිකා, නිමන්ති පෝරගේ, ගිවන්ත අර්ථසාත්, නිල්මිණි කෝට්ටෙගොඩ රංගනයේ යෙදෙන ස්පන්දන ජගත් එන්. යාපාගේ නිෂ්පාදනයකි. සහාය නිෂ්පාදනය මෙන්ම කැමරාකරණය ප්‍රභාත් රෝෂන්ගෙනි. අධ්‍යක්ෂණයට අමතරව පිටපත් රචනය සහ විධායක නිෂ්පාදනය ද සුනෙත් මාලිංග විසින් සිදු කරයි. ධනුෂ්ක ජයවර්ධන සහාය අධ්‍යක්ෂවරයාය. අජිත් හත්වැල්ලගේ කලා අධ්‍යක්ෂණයකි. උහාන් ඕවිට අංග රචනයෙන් එක්වන මෙහි පසුබිම් සංගීතය උදය ශ්‍රී වික්‍රමසිංහ නිම කරයි. නන්දන වික්‍රමගේගේ ගීත රචනයකි. නර්ථන අධ්‍යක්ෂණයෙන් ගයාන් ශ්‍රීමාල් ද නිෂ්පාදන කළමනාකරණයෙන් තාරක අධිකාරි ද දායක වෙති. මාධ්‍ය සම්බන්ධිකරණය ඇන්ටන් ජේ. ප්‍රනාන්දුගෙනි.
වික්ටර් ජන්ම දිනය සමරා දානමය පිංකමක්වික්ටර් රත්නායක 71 වස් සපිරීම නිමිති කොටගෙන 71 නමකට පිදෙන සාංඝීක දානයක් 2013. 03. 02 වැනිදා ලෙවන්ගම ශ්‍රී ධම්මිකාරාමයේදී සිදු කෙරේ. මෙම පින්කම ලෙවන්ගම සදානන්දාරාමාධිපති පූජ්‍ය පෑලියගොඩ සරණතිස්ස හිමිගේ අනුශාසකත්වය යටතේ සිදු කෙරෙන අතර, ලෙවන්ගම දකුණ ග්‍රාම නිලධාරි සුනිල් රාජපක්ෂ මහතා විසින් සංවිධානය කරනු ලබයි. දහවල් දානමය කටයුතු අවසානයේ පැපිලියාන සුනේත්‍රා මහා දේවි පරිවෙනාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගොඩ අබේතිස්ස හිමියන්ගේ ධර්ම දේශනයක් ද පැවැත්වේ.
ලෙවන්ගම දකුණ ග්‍රාම
හඳගමගේ දේශනයක් අදසිනමාවේදී අශෝක හඳගමයන්ගේ විශේෂ දේශනයක් මෙම මස 28 වැනිදා එනම් අද සවස රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පිහිටි බැංකුකරණය පිළිබඳ අධ්‍යයන ආයතනයේ ශබ්දාගාරයේදී පැවැත්වෙයි. ‘ශ්‍රී ලාංකේය සිනමාවේ නවයුගය බොහෝ සිහින සමඟ’ මෙම දේශනයේ මාතෘකාව වේ.
එකම දිනක වැඩිම ආදායමසිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයට වාර්තාගත වෙයිශ්‍රී සිද්ධාර්ථ ගෞතම සිනමාපටය තවත් වාර්තාවක් තබා ඇති බව එය තිරගත වන ඊ. ඒ’ පී. මණ්ඩලයේ මෙහෙයුම් විධායක ජයරත්න ගලගෙදර පවසයි. එය පසුගිය ඉරු දිනයේ ලක්ෂ 69 ක ආදායමක් ලබාගෙන ඇත. ඒ අනුව දිනක් තුළදී චිත්‍රපටයක් ලැබූ වැඩිම ආදායම ලත් චිත්‍රපටය ලෙස එම චිත්‍රපටයේම වාර්තාව අලුත් කරමින් ඉතිහාසයට එක් විය. කොටුගොඩ නා හිමි ධර්ම දේශනා 05 වැනිදා දොරට වඩීපූජ්ය බොරැල්ලේ කෝවිද හිමියන් විසින් සම්පාදනය කරන ලද ‘පූජ්‍ය කොටුගොඩ නා හිමි ධර්ම දේශනා’ බෞද්ධ ග්‍රන්ථයේ දෙවැනි මුද්‍රණය මාර්තු 05 වැනිදා කොළඹ මරදානේ, පූජ්‍ය ඇස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී. පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස අනු නා හිමිපාණන් වහන්සේ විසින් විවිධ අවස්ථාවන්හිදී දේශනා කරන ලද ධර්ම දේශනා අතුරින් තෝරා ගන්නා ලද සුවිශේෂී දම් දෙසුම් රැසක් මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ.
‘ඇප්ට් ආර්ට්’ චිත්‍ර දැක්ම අද‘ඇප්ට් ආර්ට්’ ඇකඩමියේ සිසු සිසුවියන්ගේ චිත්‍ර හා මූර්ති ප්‍රදර්ශනය පෙබරවාරි 28 දින (අද) කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. මෙහිදී ඇප්ට් ආර්ට් ඇකඩමියෙහි වසරක ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ සිව්වන සහ පස්වන කණ්ඩායම්වල සිසු සිසුවියන්ගේ චිත්‍ර හා මූර්ති නිර්මාණ ප්‍රදර්ශනය කෙරේ. එම සිසු සිසුවියන්ගේ ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානෝත්සවය 28 වැනිදා නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි, යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. තිලකරත්න, කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්ද්‍රසිරි රාජපක්ෂ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය. |
||



ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ප්‍රත්‍යවලෝකන උළෙලක් මුල් වරට විදේශ රටක සංවිධානය
කරමින් මෙරට සිනමාව පිළිබඳ ජාත්‍යන්තර අවධානය දිනා දුන් ලෝපතල සිනමා විචාරක ඩොනල්ඩ්
රිචී පසුගියදා ජපානයේ දී අභාවප්‍රාප්ත විය.
නොම්මර එකයි, පෙරළිකාරයෝ, චාන්දනී, ඩබල් ට්‍රබල්, ඔළුව ජපන් කඳ ජර්මන් වැනි
චිත්‍රපට නිෂ්පාදනය කළ රාජ් රණසිංහගේ නවතම නිර්මාණකරණය වූ ‘කවුද මචං ඇලිස්’
ඩී.වී.ඩී චිත්‍රපටය ගැන තොරතුරු පසුගිය සරසවිය කළාප තුළින් අපි ගෙන ආවෙමු. මේ ඒ
පිළිබඳ වාර්තාවන අලුත්ම ආරංචියයි.
ජනප්‍රිය ගායන ශිල්පී නිහාල් නෙල්සන්ගේ ගායන දිවියට පනස් වසරක් සපිරීම නිමිත්තෙන්
‘වසර 50 යි, නිහාල් ඇවිත්’ ගී ප්‍රසංගය මාර්තු 15 සවස 6.00 ට කොළඹ මියුසියස්
විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

නිලධාරි කොට්ඨාශයේ සහ ඉඹුල්ගොඩ ප්‍රදේශවාසීන් සියලු දෙනාගේ
සහයෝගය මෙම පින්කමට ලබා දෙන බව ද පැවසේ.