|
|
අර්ජුන්ගෙන් අහන්නදමයන්ති ජයසූරිය හා නුවන් නයනජිත් ගායනා කරන ‘ආ මග කෙටියි’ ගීතයේ පද රචකයා, සංගීතඥයා කවුද?
ඩඩ්ලි ගෝමස් – මොරටුව පද රචක කුලරත්න ආරියවංශ. සංගීතය රෝහණ වීරසිංහ.
ඉනියවන් චිත්‍රපටය කාලෝචිත චිත්‍රපටයක් යැයි ඔබ සිතනවාද? සුනිල් චන්ද්‍රසේකර - කොටුගොඩ ඇත්ත වශයෙන්ම එය කාලෝචිත චිත්‍රපටයක් හැටියට මා විශ්වාස කරනවා.
මීට පෙර චිත්‍රපට පිළිබඳ විචාරයන් පළ වුණා. එම නිසා තිරගත වන චිත්‍රපට පිළිබඳ ප්‍රවීණ විචාරකයකුගෙන් සිනමා විචාරයන් ඉදිරිපත් වෙනවා නම් හොඳයි. ප්‍රභාත් රාජපක්ෂ – නාවලපිටිය පෙර කාලයට සාපේක්ෂව සිනමා විචාර මෙකල පල වන්නේ අඩුවෙන්. සිනමාව නැමැති විෂයය පිළිබඳ වර්තමානයේ වැඩි වැඩියෙන් අධ්‍යනයක නියැලෙන්නන් වැඩියි. සිනමා විචාරයෙන් ඔබ්බට ගිය සිනමා විචාර රටාවක් කළ හැකි නම් හොඳයි. එහෙත් ඔබ වැනි පාඨකයන්ට නාට්‍ය, ටෙලි නාට්‍ය පිළිබඳ අදහස් පළ කරන්න මේ තීරුවේ ඉඩ තියෙනවා. එහෙත් ප්‍රශ්නයකට තියෙන්නේ බොහෝ දෙනා අතීත කාමයෙන් පිළුණු අදහස්වලට කොටුවීමයි.
‘වරද කාගේද’ සිංහල චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කාගේදැයි කියා දෙන්නකෝ? තිලකරත්න විල්වල – මැණිකේ විල්වල – කෑගල්ල දක්ෂිණ මූර්තිගේ.
වස්තුව, කෝකිලයෝ, සිකුරු දසාව, තන්හා ආශා තුළින් ස්වතන්ත්‍ර මධුර තනු රැගත් සිනමා සංගීතයක් අපට දායාද කළ සුමේධ හේවාවිතරණ ගැන ඔබේ අදහස. ජනක ඉලුක්කුඹුර – කඩවත වස්තුව හා සිකුරු දසාව යන චිත්‍රපටවල මියුරු ගී තනු කිහිපයක් තිබුණා මට මතකයි. එහෙත් සිනමා සංගීතය යනු තනු සැපයීම පමණක්ම නොවේ. ඒත් සුමේධ හේවාවිතාරණගෙන් තවත් චිත්‍රපට රැසකට මියුරු ගී රැසක් අසන්නට තිබුණා නම් හොඳයි. ලෝකයේ ප්‍රථම චිත්‍රපට නළුවා කවුද? චාමර ප්‍රේමනාත් විජේසිංහ – පිළියන්දල, මිරිස්වත්ත 1891 ෆේරඩ් ඕට්ස් කිවිසුමක් යැවීමත් 1896 ජෝන් රයිස්, මේරී ආර්වින් හාදුවක් දෙන දර්ශනය රූ ගැන්වුණා. ඒ අනුව ඔවුන් ප්‍රථම සිනමා රංගනයේ යෙදුණ නළු නිළියන් ලෙස හැඳින්විය හැකියි.
ප්‍රථම හින්දි කතානාද චිත්‍රපටය කුමක්ද? එහි රඟපෑ නළු නිළියන් කවුද? සරත් සේනාධීර – ජාඇළ – කලඑළිය ‘අලම් අරා’ 1931 වසරේ තිරගත වූයේ. එහි රඟපෑවේ මාස්ටර් විතාල් සමඟ සුබෙයිදා.
රුක්මණී දේවිය රඟපෑ චිත්‍රපට ගණන කීයද? ඇය ගායනා කළ ගීත ප්‍රමාණය කොපමණද? උමංගා ද සිල්වා - මොරටුව ඇය රඟපෑ චිත්‍රපට ගණන 98 යි. ගායනා කළ ගීත ප්‍රමාණය 178 යි.
අමරසිරි කලංසූරිය ප්‍රථම වරට රඟපෑ සිංහල චිත්‍රපටය කුමක්ද? රංගන වික්‍රමසිංහ – ගලබොඩ ‘රැයක් දවාලක්’
අඟර දඟර චිත්‍රපටයේ ‘මුලු ලොව ලැබුණත් වෙනස් නොවේ’ ගීතය ගයන්නේ රොජර් සෙනෙවිරත්න සහ ශ්‍රේෂාද්‍රිද? සමන් නයනානන්ද - කොටුගොඩ
අඟර දඟර චිත්‍රපටයේ රොජර් සමඟ ගගනි ලෙස රඟපාන්නේ ශ්‍රේෂාද්‍රි නොවේ. ඇගේ නැඟනිය
ෂනුද්‍රියි. ඒ වගේම එම ගීතයේ මුල් ගායනය මිල්ටන් පෙරේරාගේ සහ නිලන්ති කරුණාරත්නගේ.
අඟර දඟරට එම ගීතය ගයන්නේ රොජර් සෙනෙවිරත්න.
රුක්මණී දේවි ගායනා කළ ‘දුස්මන්ත අහෝ කිමදෝ’ ගීතය කිනම් චිත්‍රපටයක තනුවක්ද? එස් චන්ද්‍රසේකර – යාගොඩමුල්ල ‘බව්චි බව්රා’ චිත්‍රපටයේ
අතීත සිනමා නළු නිළියන් සමඟ ඡායාරූපවලට පෙනී සිටීමට, අත්සන් ලබා ගැනීමට රසික පිරිස් රුචියක් දැක්වුවත් එම තත්ත්වය දැන් නැත්තේ ඇයි? රන්මුතුගල - සරත් ලියනගේ, ඉසුරි, ඉසුරු ඉන්ද්‍රානි එම තත්ත්වය තාමත් තියෙනවා. පැරැණි තරු සම්ප්‍රදාය බිඳ වැටුණත්, නළු නිළියන් සමඟ ඡායාරූප ගන්න, සමරු සටහන් ගන්න තවමත් රසිකයන් උත්සුක වෙනවා. වෙනස තියෙන්නේ තාක්ෂණයත් එක්ක. ෆේස් බුක් එහෙම ලොග්වෙලා බලන්නකෝ. අනික ඒ සඳහා හොඳම උදාහරණය තමයි සරසවිය ‘තරු මිහිර’.
ප්‍රවීණ තර්නතනාචාරිනී රැජිනි සෙල්වනායගම් මහත්මිය සිංහල අයටත් වඩා හොඳට සිංහල කතා කරනවා. එතුමිය සිංහල ද? සෝමසිරි විතානාච්චි – පන්නිපිටිය එතුමිය දෙමළ ජාතික කාන්තාවක්. ඇය ශ්‍රී ලාංකිකයි.
පැරැණි සිනමා නළු නිළියන් දැන් ටෙලි නාට්‍යවලින් දැකගත හැකියි.අමරසිරි කලංසූරිය රංගන ශිල්පියා එහෙමවත් දකින්න නැත්තේ ඇයි? සුජාතා ගුණවර්ධන – කඩවත අමතක කරන්න එපා. අමරසිරි කලංසූරිය තමයි මෙරට පළමු ටෙලි නාට්‍ය නළුවා කියලා.
රසික රසිකාවන් වෙනත් පැණ පිළිතුරු වලින් ඇසූ ප්‍රශ්නමයි ඔබෙන් නැවතත් අසන්නේ? වික්ටර් පල්ලිමුල්ල - හැඳල ආ . . . ඇත්තද? ඒක අපි දන්නේ නැහැනේ.
‘කිංග් ඔෆ් කිංග්ස්’ චිත්‍රපටය පිළිබඳ යමක් කියන්න. පෝල් පෙරේරා - ගයියාල – කුලියාපිටිය 1961 දී තැනුණු මේ චිත්‍රපටය බයිබලය පදනම් කර ගත්තක්. නිකොලස් රේ මෙහි අධ්‍යක්ෂවරයා. එම්. ජී. එම්. සමාගම නිෂ්පාදනය කළ මෙහි ජෙෆ්රි හන්ටර්, සුගෝන් මැකේනා ආදීන් ප්‍රධාන චරිත නිරූපණය කළා. මේ චිත්‍රපටයේ වඩාත් වැදගත්ම දේ වන්නේ නිකොලස් රෝසාගේ සංගීතයයි.
හින්දි ‘ඉන්සානියාත්’ (මනුෂ්‍යත්වය) චිත්‍රපටයේත් ඩබ්ලිව්. ඒ. සිල්වාගේ විජයබා කොල්ලය නවකතාවේත් ඇත්තේ එකම කතාව නේද? එසේ නම් කතාව කොල්ල කෑවේ ඉන්දියාව ද අපි ද? රේමන් ලියනගේ – මුදුන්ගොඩ මේ කතා දෙකේ යම් යම් සමානතා තිබුණත්, අපේ කතාව පැත්ත පලාතකින් ‘ඉන්සානියාත්’ තියන්න බැහැ යැයි මගේ හැඟීම.
|




