|
|
ම ත ක පො තසහාය අධ්‍යක්ෂ සමඟ සහාය අධ්‍යක්ෂ
මේ ඡායාරූපයේ සිටින්නේ අපේ සිනමාවේ යුග දෙකක සුවිශේෂ චරිත දෙකක්. සිංහල සිනමාවේ ජ්‍යෙෂ්ඨතම සහාය අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි සහ මේ දිනවල කාර්යබහුලම සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත. මේ දෙපළ මේ විදිහට හමුවෙලා තියෙන්නේ රුක්මණී දේවි රඟහලේ පැවැති ‘ඇන්ටන් ග්‍රෙගරි සිනමාවලෝකනය’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේදීයි.
මියුරු ගීත මතකයක
මේ 1960 දශකයේ අග භාගයේදී මහනුවර පැවැති සංගීත ප්‍රසංගයකට යන අතරතුරේදී ගන්නා ලද ඡායාරූපයක්. ගීත රචක චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ, ජේ. ඒ. රොම්ලස් පෙරේරා, ලක්ෂ්මන් රුද්‍රිගු, මිල්ටන් පෙරේරා ගායන ශිල්පීන් සමඟින් ළමා ගායිකා ශිරෝමාලා ප්‍රනාන්දු සහ ක්ලෝඩ් ද සොයිසා. එදා ඒ සංගීත ප්‍රසංගය සංවිධානය කරලා තිබුණේ ඇ. ලයනල් ද සිල්වා විසින්. මේ ඡායාරූපය රූප පොතේ මතක අතරට එක් කළේ එවකට මල්පියලි සහාය සංස්කාරක ලෙස කටයුතු කළ චන්ද්‍රලාල් තේවහෙට්ටිගේ විසින්.
පාඨක ඔබ ළඟත් මෙවැනි වූ සොදුරු මතක සටහන් තිබේ නම් ඒවා තවත් අමරණීය මතකයන් බවට පත් කිරීමට සරසවියට එවන්න. එවිට ඒ මතක ඔබ අප කා අතරත් සුන්දර මතකයන් ලෙස රැඳෙනු ඇත.
|




