|
අර්ජුන්ගෙන් අහන්නමුවන්පැලැස්ස 1 සහ 2 ආදී වශයෙන් චිත්‍රපට නිෂ්පාදනය වී ඇත. ඒ අයුරින් කොටස් වශයෙන් නිෂ්පාදනය කරන ලද අනෙක් චිත්‍රපට මොනවාද? රත්න කහඳව - කුකුලාවල – අලව්ව ජොලි හලෝ 1, 2, මොනරතැන්න 1, 2, චණ්ඩියා 1, 2, ඇගේ වෛරය 1, 2, චෙරියෝ ඩොක්ටර්, රෑ දනියෙල් දවල් මිගෙල්. සිකුරුලියා චිත්‍රපටයේ රඟපෑ බන්දුල ගලගෙදර හා ඊ. ඒ. පී. සමාගමේ ජයරත්න ගලගෙදර ඥාතීන් ද? වික්ටර් පල්ලිමුල්ල – හැඳල මුලින් නම් මම හිතුවෙත් එහෙමයි. එහෙත් ජයරත්න ගලගෙදර ගෙන් ඇහැව්වාම එහෙම කිසිම සම්බන්ධයක් නැහැ යනුවෙන් පැවසුවා. නාරද දිසාසේකර ගයන ‘මුළු හදින් මම ඇයට පෙම් කොට’ ගීතයේ පද රචනය කාගේද? විමල් රණසිංහ – ග්‍රෑන්ඩ්පාස් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකුව සිටි එඩ්මන් ජයසූරිය මහතාගේ. නැඟීගෙන ආ දක්ෂතම නිළියක වූ ජූඩි ද සිල්වා දැන් කෝ? මිල්ටන් ප්‍රනාන්දු – උතුරු මූදුකටුව ඇය දැන් රඟපාන්නේ නැහැ. කලක් ඇය විදේශගතව හිටියා. ‘අදට වැඩිය හෙට හොඳයි’ චිත්‍රපටය කාගේ අධ්‍යක්ෂණයක් ද? එහි රඟපෑ නළු නිළියන් කවුද? එච්. එච්. ජයලත් - පෙතියාගොඩ – ගම්පහ එය එම්. මස්තාන්ගේ අධ්‍යක්ෂණයක්. ආනන්ද ජයරත්න, ජීවරාණී කුරුකුලසූරිය, ගාමිණී ෆොන්සේකා, විජිත මල්ලිකා, හියුගෝ ප්‍රනාන්දු, ඇන්තනී සී. පෙරේරා ආදීන් එහි රඟපෑවා. චිත්‍රපටයකට පවා නැඟුණු ‘සාරංගා’ චිත්‍ර කතාවේ රචකයා හා චිත්‍ර ශිල්පියා කවුරුන්ද? දයාරත්න ගනේගොඩ -කැලණිය එය ඇන්දෙ ජනක රත්නායක, තිර රචනය සුගත් වටගෙදර. අද චිත්‍රපට විචාරකයාගේ කාර්යභාරය නිසි ලෙස ඉටු වෙනවාද අර්ජුන්? ආනන්ද වික්‍රමාරච්චි – ඉහළ තල්දූව චිත්‍රපට විචාර කාර්ය හරිහැටි ඉටු වෙන්න, හරියට චිත්‍රපට හැදෙන්නත් ඕනෑ. මා දන්නා තරමින් හොඳ සිනමා විචාරකයන් කිහිප දෛනෙක් අපට සිටිනවා. ඔවුන් කිසි විටෙකත් දෙන්නම් බැටේ කියලා හිතාගෙන විචාරයේ යෙදෙන්නේ නැහැ. පිට කසන්න විචාර ලියන්නෙත් නැහැ. නමුත් කවුරුන් හෝ විචාරකයෙක් කාගේ හරි නොහොඳ ලිව්වොත් ඔහු සිනමාව නොදන්නා කෙනෙක් කියලා බනිනවා. ඒ වගේම කාගේ හරි හොඳ ලිව්වොත් ඔහු තරම් හොඳ විචාරකයෙක් නැහැ. විචාරකයන්ට සිනමාව උගන්වන්න කලින් බහුතර සිනමාකරුවන් සිනමාව ඉගෙන ගත්තොත් හොඳයි. එහි වඩාත්ම අවශ්‍ය වන්නේ තමන් කරන සිනමා කෘතිය මොන මට්ටමේ වුණත් එකී කෘතියට අවංක වීමයි. අපේ අම්මලා, තාත්තලා කියනවා ඒ කාලේ අපිට දැවැන්ත සිනමා යුගයක් තිබුණා කියලා. නමුත් අද වන විට එය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලානේ. එහෙම වෙන්න හේතුª මොනවාද? ඈෂ් ඩොනර් – ගම්පහ ඔබ පරක්කු වෙලා ඉපදීම තමයි හේතුව. කලින් ඉපදුනා නම් ඒ සිනමාව දැකගන්න තිබුණා. එයට හේතුව ලෝකය වෙනස් වෙනවා. හැමදාම එකම දෙයක් එකම විධියට තියෙන්නේ නෑ. ඒ කාලයේ බිහි වූ ගාමිණී – මාලිනී, විජය, ගීතා, සනත් සබීතා, වැනි නළු නිළියන් මේ කාලයේ සිංහල සිනමාවේ බිහි නොවන්නේ ඇයි අර්ජුන්? ආනන්ද පෙරේරා - ශ්‍රාවස්තිපුර තරු සංකල්පය මැවූ සිනමාකරුවනුත්, චිත්‍රපටත් දැන් නැති නිසානේ. වර්තමානයේ බොහෝ ටෙලි නාට්‍යවල නිවාසවල මෙහෙකරුවන්, ජෝකර්ලා බවට පත්වෙලා නේද? ලක්ෂ්මන් රණසිංහ - හේකිත්ත – වත්තල මෙහෙකරුවන්, ජෝකර්ලා වෙන එක ටෙලි නාට්‍යයට පැමිණෙන්නේ සිනමාවෙන්නේ. මතකද මනප්පු – ජොසි බබා. මෙම පැන විසඳුම් තීරය සමහර දිනවල පල නොවන්නේ ඇයි? සුරවීර නාකන්දල – ධර්ගා නගරය අසා එවන ප්‍රශ්න ඒකාකාරී නිසා. ඒවායේ නැවුම් ගතියක් නැති නිසා. එයට පිළිතුරු දෙන්න අර්ජුනට කම්මැලි නිසා. ‘තරු මිහිර’ විශේෂාංගයට ප්‍රවීණ රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා රැගෙන එන්නේ කුමන මාසයේද? චම්පිකා නෙරංජනී ගලප්පත්ති – පටන්විල – ගාල්ල නුදුරු අනාගතයේදී පැමිණේවි. ආර්. මුත්තුසාමි පසුබිම් ගී ගැයූ සිංහල චිත්‍රපට මොනවාද? සුනිල් චන්ද්‍රසේකර - කොටුගොඩ මට මතක විදියට සිතක මහිම, රන් රස, ඇතුළු කිහිපයක්.
|