|
එක් අයකුට හොඳ දෙයක් තවත් අයකුට හොඳ නැත. ඔහුට සරිලන දේ වෙනත් අයකුට නොගැලපෙනු ඇත. කලාකරුවනට සහ කලා නිර්මාණයන්ටද එකී අදහස මනාව ගැලපේ. කලාකරුවකු කලා නිර්මාණයක් එක් අයකුට හොඳය. තවත් අයකුට නරකය. ඒ අතර වෙනස්ම මත දරන්නෝ වෙති. ප්‍රතිචාර තීරයට වැදගත් වනුයේ එවන් වූ වෙනස් මත වේ. මේ ඉඩකඩ වෙන් වී ඇත්තේ ඒ වෙනුවෙනි. හුදෙක් සුබ පැතීම්වලට වඩා මෙයට සැමට ප්‍රයෝජනවත් රසවත් අදහස් එවන මෙන් ඉල්ලා සිටිමි. ඒවා ක්ෂණිකව 0752805047 යන අංකයට කෙටි පණිවුඩ අයුරින් එවිය හැකිය. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිපිනය තැපැල් සහ සටහන් පත් වෙනුවෙනි.
රසික ආදරය ගිලිහී ගොස්හැත්තෑව අසූව දශකයේ ප්‍රේක්ෂක ජනතාව සිනමා තරු වලට දැක්වූයේ පුදුමාකාර ආදරයකි. චිත්‍රපටයක මංගල දර්ශනයේ දී තම ආදර නළු නිළියන් දැක ගැනීමට රිසියෙන් රසික රසිකාවන් ගේට්ටු පවා කඩාගෙන සිනමා ශාලාවලට ගියා මතකය. අද වනවිට එම තත්ත්වය ගිලිහී ගොස් ඇත. එසේ සිදුවීමට ප්‍රධාන හේතුව වන්නේ ඇතැම් නළු නිළියන් රසික රසිකාවන් ගණන් නොගැනීමයි. ඉන් ඔවුන් නොදැනුවත්ම සිදු වනුයේ තම ජනප්‍රියත්වය බිංදුවට බැසීයාමයි. එවන් වූ නළු නිළියන්ට ආදර්ශයකට ගත යුතු නිළියන් දෙපොළකි මාලිනී ෆොන්සේකා සහ රුක්මණී දේවිය. ඒ් අය තම රසික රසිකාවන්ට පෑ ආදරය ලෙංගතුකම, නිරහංකාරකම ගැන ලිවීමට සිංහල හෝඩියේ අකුරු මදිය. එමෙන්ම අද මෙන් දුරකතන පහසුකම් නොතිබෙන යුගයේ රසිකයන් ඔවුන්ට ආමන්ත්‍රණය කළේ ලිපි මඟිනි. කොතරම් කාර්යබහුල දිවි පෙවතක් ගත කළත් ඒවාට පිළිතුරු යැවීමට ඔවුන් වගබලා ගත්හ. කරු මන්දාවල නාත්තණ්ඩිය
බලධරයනි සිනමාවට නෙත යොමන්නකර්මාන්තයන් ලෙස පවතිනා අපේ සිනමාවේ පසුගිය වසරේ තිරගත වූයේ චිත්‍රපට 16 කි. එයින් නවක අධ්යක්ෂවරුන් 6 ක් කලඑළියට ආවෝය. අතීතයේදී ඉතා විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සිටි අප සිනමාවේ නොයෙක් අර්බුද සහ රූපවාහිනිය ආරම්භවීමත් සමඟ ප්‍රේක්ෂකයන්ගේ අඩුවීමක් සිදු විය. මේ පිළිබඳ සොයා බලා අදාළ බලධාරීන් සිනමාව ගැන මීට වඩා සොයා බැලුවොත් එය අපේ සිනමාවේ පැවැත්මට සුබදායී වනු ඇත. ප්‍රභාත් රාජපක්ෂ නාවලපිටිය
නමට අකුරු තුනයි කලා ලොවම දිනයි
විජය, ගාමිණී, තිස්ස අජිත්
රජිත, උපාලි, සුරේෂ් හා මේනක
ශ්‍රියානි, අනුලා, විජිතා මාලිනී
සබීතා, ගර්ලි, ගෞතමි සුජානි විරාජ් බණ්ඩාර නිකවැරටිය
නැවුම් ආරක්
සිරස සුපර් ස්ටාර් විනිශ්චය මණ්ඩලයේ කටයුතු කරන නිරෝෂා, හේෂාන් සහ ශිහාන් යන
තිදෙනාගේ විනිශ්චයන් නැවුම් ආරක් ගනියි. ඔවුන් නිසා වැඩසටහන බලන්න හිතෙනවා. ශෂිකලා සෙව්වන්දි ශාමිලා නදීමාලි
දිරිය දියණිය
සියලු බාධක හිරිහැරවලට අභීතව මුහුණ දෙන සුජාත දියණි හි චංගුමී දිරිය දියණියකි. සුජාතා ගුණවර්ධන කඩවත
ගීත රචක, නිෂ්පාදක ශාන්ත දේශබන්දු ට,
පෑන් තුඩක් අතට අරන් රස තැන් සෙව්වා
එල්ලුම් ගහ පණ පොවන්න ඔවදන් දුන්නා
පී. ධම්මික දුමේන්ද්‍ර පාමංකඩ
මේ SMS ප්‍රතිචාර තීරයයි
සාරංග දිසාසේකරට චරිතයක් ලැබුණාම හරිම උනන්දුවෙන් රඟපාන බවක් පෙනනවා. සුගත් ලාල් ක්වේට් නිම්නාදි ගිනිගත්හේන
රිදී සිත්තම් නාට්‍යයේ අවසානය අන්තිමයි. කිසිම වැඩක් නැහැ. හෂිනි කළුතර
ගැඹුරු හඬින් අප සිත් පහන් කරවන අමරසිරි පීරිස්ගේ ජවය තරුණ ගායකයන් පරදයි. ශානිකා ගාල්ල
උපේක්ෂා ස්වර්ණමාලි තමයි මං දැකපු ලස්සනම නිළිය. දිනේෂිකා කුලියාපිටිය
මුදලට යට නොවු සුනිල් ශාන්ත නම් අසහාය ගායකයා සදා අමරණීයයි. රිචඩ් ෆ්‍රැන්සිස් කල්පිටිය
සේපාලිකා ටෙලි සිතුවමෙහි පබා සහ පැතුම් ලෙස රංගනයේ යෙදෙන කාවින්ග අයියට සහ පබා ලෙස රඟන නිරෝෂා අක්කට කෙදිනක හෝ සම්මානයක් ලැබේවි. සෙව්වන්දි වලස්මුල්ල
ඩ්‍රීම් ස්ටාර් රියැලිටි වැඩසටහනින් ගායිකාවක් වූ පවිත්‍රා සෙව්වන්දිට ගායන දිවියේ දිගු ගමනක් යාමට හැකි වේවා. චමෝද් වලස්මුල්ල
ශ්‍රී එෆ්. එම්. හි භාෂිනී අක්කා ඉදිරිපත් කරන මිස්ටර් ඇන්ඩ් මිසිස් ශ්‍රී එෆ්. එම්. වැඩසටහන නියමයි. ෆාතිමා වැලිගම
මහේන්ද්‍ර පෙරේරා මහත්මයාණෙනි නාට්‍ය රංගන පාසලක් ආරම්භ කර ආධුනික අයට අත දෙන්න. සනත් රත්නපුර
සන්ධ්‍යා කුමාරි, මාලිනී ෆොන්සේකා, දිල්හානි අශෝකමාලා තමයි මං දැකපු ලස්සනම නිළියන් තිදෙනා. කමලා නාවල
මවුස් ඇත්තටම හොඳ චිත්‍රපටයකි. එය දරුවන්ට මෙන්ම මව්පියන්ට ද ඉතා වැදගත් චිත්‍රපටයකි. කමල් බෙලිහුල්ඔය
නව පරපුරේ ගායන ශිල්පියකු සංගීතඥයකු වන සංඛ දිනෙත්ගේ ඔබ හීනයක් හීනයක් ගීතය වගේම ඔහුගේ අලුත්ම ගීය හිත රිදවන සුසුමක් වගේ ඉතාම රසවත්. විවිධ ශෛලීන්ගෙන් යුතු ගී ගැයීමට හපනෙක් වූ ඔහු රසික රසිකාවන්ට හිතවත්ව කටයුතු කිරීම ගැන සංඛට මා තුති පුදනවා. ලක්මාලි වරකපොළ
අප රිදී තිරයේ හැඩකාරයා රොෂාන් රණවනයි. සඳුනි ඔරුගොඩවත්ත මෙත්සර පොළොන්නරුව
විජය කුමාරතුංග අප හැරගොස් වසර විසි පහක් ගත වුව ද ඔබ නැති අඩුව සිංහල සිනමාවෙන් පහව ගොස් නැත. ශමිත එපිටවල
තිසරි යුවනිකා ඔබත් ඔබේ මව වැනි දක්ෂ නිළියකි. දුලීකා නුගේගොඩ
සිරස ගුවන් විදුලියේ උදෑසන 8 – 10 දක්වා විකාකශය කරන සූරිය සිරස වැඩසටහන පැය තුනක් දක්වා දීර්ඝ කරන්න. රණවීර මාතර
වසර ගණනාවක් සිනමාව පුංචි තිරය හරහා රංගනයෙන් අප හමු වූ සීතා කුමාරි රංගනවේදියනි, ඔබට දීර්ඝායුෂ පතමි. කවිඳු කුරුණෑගල
අපේ දවස රනින් හැඩ කරන ගුවන් විදුලියයි රන්. හේෂාන් වීරකැටිය
මහේෂි මධුසංඛා මුතුªªවරුසාවලට පෑයූ තාරකාවයි. දිනේෂ් මීගමුව
විශ්වනාත් කොඩිකාර වෙත, ඔබ ආදර බර දර්ශනවලදී තවත් හැගුම්බර වෙන්න. මලිඳු රාජගිරිය
සිටු මැදුරහි නෙහාරාගේ රංගනය සංවේදීයි. ගම්ලත් පාදුක්ක
|