වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




ගුණරත්නයන්ගේ ‘කන්දෙ මාළිගාව‘ 21 දා දොරට වඩී

ගුණරත්නයන්ගේ ‘කන්දෙ මාළිගාව‘ 21 දා දොරට වඩී

සම්මානලාභී ලේඛකයකු වන ගුණරත්න ඒකනායක විසින් රචිත ‘කන්දෙ මාළිගාව’ යොවුන් නවකතාව ලබන 21 වැනි දා මොරටුව, සොයිසා පුර නිපුන් පොත් මැදුරේ දී දොරට වැඩීමට නියමිතය.

‘History of Sri Lanka’  22 දා දොරට වඩී

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සේවා සම්මානිත මහාචාර්ය ඩබ්ලිව්. අයි. සිරිවීර මහතා ලියූ ‘History of Sri Lanka’  ග්‍රන්ථයේ තෙවැනි මුද්‍රණය ලබන 22 වැනි දා මරදානේ පූජ්‍ය එස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.

ශ්‍රී වික්‍රම පද්මාවතී අලුත් පරම්පරාවට තිළිණ වෙයි

සියවසකට එපිට මෙරට අතිශය ජනප්‍රියත්වයට පත්වූ නාට්‍ය දෙකක ගීත මතු පරපුරට දායාද කිරීමේ අදහසින් යුතුව එහි ගීත පටිගත කිරීමේ අවස්ථාවක් පසුගිය දා ටවර් හෝල් රගහල පදනමේ දී සිදුවිණ.ඒ චාල්ස් ඩයස් ශූරීන්ගේ පද්මාවතී සහ නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ ශ්‍රී වික්‍රම යන නාට්‍යයන් ද්විත්වයෙහි ගීත පටිගත කිරීමයි. අමාත්‍ය ටී.බී.ඒකනායක මහතාගේ සහ කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙන් මෙම උළෙල පැවැතුවූයේ පසුගිය දෙවැනිදාය.මේ පැරණි නිර්මාණ නව පරපුරට දායාද කිරීමට ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ නාට්‍යවේදී ඩග්ලස් සිරිවර්ධන කරන උත්සාහයේ තවත් අවස්ථාවක්.

සඳසිරි ගී සිරි ගී 18 වැනිදා

සඳසිරි අධිකාරි ගේ සඳසිරි ගී සිරි ගී ප්‍රසංගය සහ සීතා මා නූර්ති ගී සංයුක්ත තැටිය දොරට වැඩීමේ උළෙල මේ මස 18 වැනි දින කොළඹ ලුම්බිණි රඟහලේ දී පැවැත්වෙයි.

‘විකෘති’ 20 වැනිදා

සෝමලතා සුබසිංහගේ විකෘති මේ විසි වැනි දින කොටිකාවත්ත රාජසිංහ විදුහලේ දී වේදිකා ගත වෙයි.