|
නන් ශ්‍රී සාවිත්රිපහුගිය කාලෙ වෙච්ච දේවල් හීනයක් වගෙයි නන් ශ්‍රී සාවිත්‍රි යන නම කලක් බොහෝ සෙයින් ප්‍රචලිතව පැවතිණ. චණ්ඩින්ගෙත් චණ්ඩියා, ආදරයක මහිම, අලිබබා සහ හොරු හතළිහ වැනි චිත්‍රපට ඔස්සේ සිය රංගන හැකියාව විදහා ලූ ඇය වේදිකා නාට්‍ය කිහිපයකම ප්‍රධාන චරිත මැව්වාය. ක්‍රම ක්‍රමයෙන් ලද ජනප්‍රියත්වය සමඟින් තවත් නිර්මාණවලට දායක වන්නට තිබූ අවස්ථාවන් මඟ හැරී ගියේ ඇයවත් නොසිතූ පරිද්දෙනි. එතැන් සිට කතාව ඇය පවසන්නට සූදානමිනි. කලාකාරිණියක වීම මා ලද පිනක්. නිර්මාණ බොහොමයකට සම්බන්ධ වී සිටිමින් බොහොම කාර්යබහුල දිවියක් මා ගෙව්වා. ඒත් මිනිස්සුන්ට කරදර වන්නේ හිටි අඩියේ. මටත් එහෙම දෙයක් තමයි වුණේ. මං හදිසියේම අසනීප වුණා. කාලයක් ඇවිද ගන්නත් බැරිව ඇඳට වෙලා හිටියා. හරියටම මීට අවුරුදු අටකට කලිනුයි මේ සිද්ධිය වුණේ. එතකොටත් නිර්මාණ රැසකටම කතා කරලා තිබුණා. එවකට තිබූ ජනප්‍රියත්වයත් එක්ක ඒ සිදු වුණ දේ කොහොමද ඔබ දරා ගත්තේ? පුදුම විදිහට දුකක් දැනුණා. ඒත් මං හිතා ගත්තා කවදා හරි රඟපාන්න එනවා කියලා. මොකද මගේ තිබුණු එකම හීනය මැරෙනකම්ම රඟපාන එක. ටිකෙන් ටික අධිෂ්ඨානයෙන් මං ආයෙත් නැගිට්ටා. ආයෙත් දැන් ඔබට රඟපාන්න හැකියි? අනිවාර්යයෙන්ම. පුරුදු විදිහට රඟපාන්න එන්න හිතාගෙන ඉන්නවා. මං අසනීප වනවාත් සමඟ ෆීල්ඩ් එකේ අයට මාත් එක්ක තිබුණු කන්ටැක්ස් නැතිව ගියා. 0754020347 මේ අංකයේ දැන් මම ඉන්නවා. මගේ පැරණි හිත මිතුරන්ට ඒ අංකය ඔස්සේ මගෙත් එක්ක කතා කරන්න පුළුවනි. ඔබේම අධ්‍යක්ෂණයක් වේදිකාවට ගේන්න බලාපොරොත්තුවක් තියනවා නේද? ඔව්. ඒකෙ නම මාගරට් අක්කා. මමමයි එහි නිෂ්පාදක. එහි පෙර පුහුණුවීම් අරඹන්න හිතාගෙන ඉන්නවා. තව ටික දිනකින්ම ඒක වේදිකා ගතවේවි. අද වන විට කලා ක්ෂේත්‍රයේ ගොඩක් වෙනස්කම් සිදු වෙලා? ඇත්ත. ඉස්සර අපි මුදල් බලාගෙන නෙවෙයි රඟපෑවේ. ඒත් අද එහෙම නෙවෙයි. සමහර නළු නිළියෝ තමන්ගේ කොටස රඟදැක්වූවාට පසු තවත් දර්ශන තලයකට දුවන්න බලාගෙනයි ඉන්නේ. එහෙම වෙන්න හොඳ නැහැ. වැඩිපුරම රඟන්නට කැමැති සිනමාපටයකද? ටෙලි නාට්‍යයකද? වේදිකා නාට්‍යයකද? මාව වඩාත් ප්‍රේක්ෂකයන් අතරට ගියේ සිනමාවෙන්. සිනමාවට ඇති ඇල්ම තවමත් එහෙමමයි. ඒත් රංගන ශිල්පිනියක් වුණාම එක තැනකට සීමා වෙලා ඉන්න බැහැ කොච්චර ආසාව තිබුණත්. මේ මාධ්‍යයන් තුනෙහිම රංගනයේ යෙදෙන්න මං ප්‍රියයි. අවසන් කොට මොනවද ඔබට පවසන්න තියෙන්නේ? රසික රසිකාවන්ගේ ආදරය විඳීන්න මං ආසයි. ඔවුන්ද මං ගැන හොයා බලන්න ඇති කියලා මං විශ්වාස කරනවා. ඒ අයට ගොඩක් තුති පුදනවා. |