වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




‘සන්නාලි සිහිනය’ සිහිනය සැබෑ වූවෝ

‘සන්නාලි සිහිනය’ සිහිනය සැබෑ වූවෝ

ගායන අංශයේ කිරුළ චනුකට අනු සූරතාව ගයාන්ට

රට පුරා විසිරී ඇති හයිඩ්‍රාමණි කර්මාන්ත ජාලයේ සේවය කරන තරුණ තරුණියන් 30,000 ක පමණ පිරිසකගේ සෞන්දර්යය හා සාහිත්‍ය කලා හැකියාවන් ඇති තරුණ පිරිසක් වෙනම හඳුනා ගැනීමේ වැඩ පිළිවෙළේ පළමු අදියර ‘සන්නාලි සිහිනය’ රියැලිටි තරග මාලාව කළ එළි දුටු දා ජයග්‍රහණ ලබාගත් අපේ සහෝදර සහෝදරියන් පිළිබඳ කෙටි පිළිසඳරකි මේ.

ඇඟලුම් ක්ෂේත්‍රයට රියැලිටි වැඩසටහන ගෙන එමින් නර්තන, වාදන, ගායන හැකියාවන්ට අමතරව තරුණ තරුණියන් තුළ සැඟව ඇති කවි, ගී, කෙටි කතා ලිවීමේ සාහිත්‍යමය හැකියාවන් ද, චිත්‍ර ඇඳීමට හා නිවේදන කටයුතුª කිරීමට ඇති හැකියාවන් ද ලොවට පෙන්වීමට ගත් පළමු උත්සාහයයි මේ.

චනුක රිද්මාල්

සේද කිරුළ තරග මාලාවේ ගායන අංශයෙන් ප්‍රථම ස්ථානය චනුක රිද්මාල් හිමිකර ගත්තේ ජනප්‍රිය ගායක සේනානායක වේරලියද්ද ගායනා කළ මීන නුවන් යුග ගීතය ගායනා කරමිනි. සී. කේ. ටී. ඇහැලියගොඩ ආයතනයේ කාර්ය අධ්‍යයන නිලධාරී ලෙස කටයුතු කරයි.

යටියන්තොට ජාතික පාසලෙන් සහ එලගල්ල කනංගමුව රාජසිංහ විද්‍යාලවලින් අධ්‍යාපනය ලැබූ චනුක ඇඟලුම් ක්ෂේත්‍රය පිළිබඳ හදාරා ඇත්තෙකි. පාසල් අවදියේ සිට වාදනයට, ගායනයට මෙන්ම ක්‍රීඩාවට ද යොමු වී සමස්ත ලංකා තරඟ රැසකින් ජයග්‍රහණ ලැබූවෙකි. වැඩිමල් සහෝදරයාගේ මඟ පෙන්වීම ඔස්සේ මෙම ආයතනයට බැඳුණු ඔහු දැනට වසර 1 1/2 ක පමණ කාලයක සිට එහි සේවය කරයි.

පවුලේ වැඩිමලා වූ චනුකට පාසල් යන සහෝදරියක් සහ සහෝදරයෙක් සිටී. මවුපිය සෙනෙහසේ වැඩෙන චනුකගේ ඉදිරි බලාපොරොත්තුව වනුයේ තම ආයතනයේ යෙදී සිටියදීම ගායන හැකියාව තුළින් ඉදිරියට යෑමයි. තරගයේ ජයග්‍රහණයෙන් ලැබුණු රුපියල් ලක්ෂ තුනක මුදල උසස් අධ්‍යාපනය සඳහා යොදවන්නට බලාපොරොත්තුවෙන් සිටී.

සේද කිරුළට හිමිකම් කියූ චනුක තම ආයතනයේ කළමණාකාරීත්වයටත්, තරග මාලාව සංවිධානය කළ සැමටත්, තම සහෝදර සේවක සේවිකාවන්ටත්, තරගයේදී පුහුණු අවස්ථා ලබාදුන් සැමටත්, පාසල් අවදියේ සිට අත්වැල් බැඳගත් යහළු යෙහෙළියන්ට සහ ඔහුගේ ආදරවන්තියට ස්තුති කරන්නට ද අමතක නොකළේය. චනුකගේ ඉදිරි බලාපොරොත්තුව දිනෙන් දින සඵල වේවායි සරසවිය අපගේත් පැතුමයි!

ගයාන් අරෝෂ්

සේද කිරුලේ ගායන අංශයේ අනුශූරතාව ඔහු දිනා ගත්තේ සුනිල් එදිරිසිංහයන්ගේ සදාකාලික නොවූ ලෝකයේ ගීතය ගායනා කරමිනි. සී. කේ. ටී. කිරිඳිවෙල ආයතනයේ නිෂ්පාදන පුහුණු සුපරීක්ෂක ලෙස ගයාන් සේවය කරයි. මහරගම ජනාධිපති විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ගයාන් උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරා ඇත. පාසල් අවදියේ සිට සංගීතයට මෙන්ම ක්‍රීඩාවට යොමු වී සමස්ත ලංකා තරග රැසකින් ජයග්‍රහණ ලැබූවෙකි. තවමත් මවුපිය සෙනෙහසේ වැඩෙන ගයාන්ට පාසල් යන සහෝදරියක් සිටී.

සේවයට බැඳී මාස පහක වැනි කෙටි කලක් තුළ තම දක්ෂතා පෙන්වමින් රුපියල් එක් ලක්ෂ පනස් දහසක ත්‍යාග මුදලක් හිමි කරගත් ගයාන්ගේ බලාපොරොත්තුව වන්නේ තම ආයතනයේ නම රැක ගනිමින් තම රැකියාවෙන් සහ ගායන අංශයෙන් ඉදිරියට යෑමයි.

අධ්‍යාපනය ලැබූ පාසලේ ගුරුවරුන්ටත්, තම පවුලේ ඥාතීන්ටත්, ආයතනයේ කළමනාකාරීත්වය ඇතුළු සමස්ත සේවක සේවිකාවන්ටත්, ඔහුට මෙම දක්ෂතාව ලොවට පෙන්වීමට ඇඟලුම් ක්ෂේත්‍රයට රියැලැටි වැඩ සටහන හඳුන්වා දුන් සැමටත් තම ආදරවන්තිය වන හිරුටත් ස්තුති කළේ ජයග්‍රහණයේ සතුට බෙදාහදා ගනිමිනි.