වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

A DARK TRUTH

‘අ ඩාර්ක් ට්රූත්’ ත්‍රාසජනක සිදුවීම් රැගත් හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටයක්.

ඩේමියන් ලී අධ්‍යක්ෂණය කළ මෙහි ඇන්ඩි ගාර්සියා, ෆොරස්ට් විට්කාර්, ඊවා ලොන්ගොරීයා, කිම් කොඒට්ස් ඇතුළු පිරිසක් ප්‍රධාන චරිත සඳහා දායකත්වය ලබා දෙති. ‘අ ඩාර්ක් ට්රූත්’ මිනිත්තු 106 ක ධාවන කාලයකින් යුතු වේ.

WAR OF THE BUTTONS (2012)

ක්‍රිස්ටෝපර් බැරටියර් අධ්‍යක්ෂණය කළ ‘වෝ ඔෆ් ද බටන්ස්’ පවුලේ චිත්‍රපටයක්.

මිනිත්තු සියයක ධාවන කාලයකින් යුතු මෙම චිත්‍රපටයේ ලෙමිටියා කැස්ටා,ජීන් ටෙක්සර්, ක්ලෙමන්ට් ගුඩිගෝරේ, ලුවිස් ඩුසොල්, හැරල්ඩ් වර්නර් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

HOPE SPRINGS

මිනිත්තු සියයක ධාවන කාලයකින් යුතු ‘හෝප් ස්ප්‍රින්ග්ස්’ චිත්‍රපටය විනෝදාත්මක පවුලේ චිත්‍රපටයක්. ඩේවිඩ් ෆ‍්‍රැන්කෙල් අධ්‍යක්ෂණය කළ මෙහි මෙරිල් ස්ට්‍රෙප්, ටොම් ලී ජෝන්ස්, ස්ටීව් ජින් ස්මාර්ට්, මෙරින් අයර්ලන්ඩ් ඇතුළු පිරිසක් චරිත මවති.

JEENA HAI TOH THOK DAAL

මනිෂ් වත්සල්‍ය විසින් අධ්‍යක්ෂණය කළ ‘ජීනා හායි තොහ් තෝක් ඩාල්’ ත්‍රාසජනක සිදුවීම පෙළක් රැගත් හින්දි චිත්‍රපටයක්.

රවී කිෂෙන්, මනිෂ් වත්සල්‍ය, යාෂ්පාල් ෂර්මා, රාහුල් කුමාර්, පූජා වෙලින්ග්, අෂ්විනි කල්සේකර්, ෂෝභා ඛෝටේ, ගනේෂ් යාදේව් මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

SILENT NIGHT

1984 වසරේ චාර්ස් ඊ. සෙලියර්ස් විසින් අධ්‍යක්ෂණය කළ ‘සයිලන්ට් නයිට්’ චිත්‍රපටයේ නව නිෂ්පාදනය වන මෙහි අධ්‍යක්ෂණය ස්ටීවන් සී. මිලර් විසිනි.

ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් ‘සයිලන්ට් නයිට්’ හි ජැමී කින්ග්, මැකලම් මැක්ඩොවෙල්, ඩොනල් ලෝගි්‍යු, ඇලන් වොන්ග්, බ්‍රෙන්ඩන් ෆෙගර් ඇතුළු පිරිසක් චරිත නිරූපණය කරති.

‘සයිලන්ට් නයිට්’ නව නිෂ්පාදනය මිනිත්තු 94 ක ධාවන කාලයකින් යුතු වේ.

LAST AMONS SAINTS

‘ලාස්ට් අමොන්ස් සෙඉන්ට්ස්’ හොලිවුුඩ චිත්‍රපටය මාර්ටින් පෑපාසියන් ගේ අධ්‍යක්ෂණයක්.

පිරිමි ළමයෙකු වටා ගෙතුන අපූරු කතා පුවතකින් යුතු මෙම චිත්‍රපටය මිනිත්තු 107 ක ධාවන කාලයකින් යුතු වේ.

ලොවුරා සැන්, මාර්ටින් පැපාසියන්, ට්‍රිස්ටාක් ලේක්, චාල්ස් එස්. ඩුටොන්, රොනි බ්ලෙවින්ස්, ටේලර් කිනි, ඩග් පෘඩි මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති.

THE RAVEN

‘ද රවෙන්’ හොලිවුඩ් චිත්‍රපටය ජේමිස් මැක්ටිග්‍යුගේ අධ්‍යක්ෂණයකි.

ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් මෙහි ජෝන් කසෑක්, ඇලිස් ඊව්, බ්‍රෙන්ඩන් ග්ලීසන්, ලුක් ඉවැන්ස් ප්‍රධාන චරිත සඳහා පණ පොවති.

‘ද රවෙන්’ මිනිත්තු 111 ක ධාවන කාලයකින් යුතු වේ.