වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු

මන්දාකිණියේ ඈත ඈත දුරක සිට බොහෝ අනාදිමත් කාලයක ස්ටාර් වෝර්ස් ගැන කියවමු

මේ දිනවල ලෝකය කලඹන දැවැන්ත චිත්‍රපටය පිළිබඳ ඔබ නොදත් තවත් කතා 4

ගිය සතියේ ලිපිය අවසන් කලේ ඔරිජිනල් ස්ටාර් වෝස් ති‍්‍රත්වයේ අවසන් පරිචිඡේදය වූ නැතහොත් 3 වන චිත්‍රපටය වන රිටන් ඔෆ් ද ජෙඩයි හී කතාවත් සමගයි. කතාවේ අවසානය චිත්‍රපටය මෙතෙක් නොරැඹූ පාඨකයන් ට නරඹා බලාගන්නට ඉතිරි කලේ සිනමා භාෂාවෙන් කියනවා නමි ස්පොයිලර්ස් ඉදිරිපත් කිරීමෙන් වැලකීමටයි.

අද මා ඔබ වෙත ගෙන එන්නේ 1983 තිරගත වූ රිටන් ඔෆ් ද ජෙඩයි ට වසර 16 කට පසූ එනමි, වසර 1999. 2002 සහ 2005 තිරගත වූණු ස්ටාර් වෝස් මහා කාව්‍යමය අභ්‍යාවකාශ ඔපෙරාවේ පලවෙනි පරිචිඡේද 3 නැතහොත් චිත්‍රපට වශයෙන් ගත්තොත්, 4,5,6 අනූපිළිවෙලට තිරගත වූනූ සිනමා කෘති ති‍්‍රත්වයයි.

මේ වන විට සිනමා කර්මාන්තය 21 වන සියවසට පා තැබූයේ දෘශ්‍ය ප්‍රයෝග විශේෂ ප්‍රයෝගවලින් ඉතිහාසයේ කවදාවත් නොවුණු තරමටම සන්නද්දවයි. එතරම් දියුණුවට පත්වූ දෘශ්‍ය ප්‍රයෝග හේතුවෙන් මූළු ලොවක් පූරා මිලියන ගණනක් රසික ප්‍රජාවකගේ හදවත දිනාගත් චිත්‍රපට මාලාවක් සමිපූර්ණයෙන් විනාශයට පත්වුණේ කොහොමද යන කනගාටූදායක පුවත අද ලිපියෙන් ඔබට පැහැදිලි කරන්නමි.

නවෝත්පාදකයෙකු වන ස්ටාර් වෝස් හී පියා ජෝජ් ලූකස් මේ දියූණූවත් සමග පෙළහර පාන්නට යෑම අරුමයක් නොවුණත්, ඔහුගේ මේ ඩිජිතල් උන්මාදය, අන්තර්ගතය අභිබවා යන්නට සමත් වූයෙන්, එයින් මූළු ස්ටාර් වෝස් රසික ප්‍රජාවටම වුණේ මහත් අසාධාරණයක්. ස්ටාර් වෝස් වීම නිසා ආදායමි වාර්තා තබමින් තිරගත වෙන්නට චිත්‍රපට ති‍්‍රත්වයම සමත් වූනත්, ආදරණීය රසික කැලකගේ බිඳුණු හදවත් සූවපත් කිරීමට ලොව පහළවූ කිසිම දෘශ්‍ය ප්‍රයෝගයකට හැකි වූයේ නැහැ.

සාර්ථක වීමට එක රහසක් වූයේ ලෝරන්ස් කැස්ඩෑන් ගේ රචනයත්, එම චිත්‍රපට 3 අධ්‍යක්ෂකවරුන් තිදෙනෙක් විසින් නිමවීමත් ය. ජෝජ් ලූකස් ගේ නිර්මාණශීලී දායකත්වය සීමා සහිත වූ බැවින්, එයින් උපරිම ඵල නෙළා ගැනීමට අනෙකුත් අධ්‍යක්ෂකවරුන් සමත් වූ බැවින්, චිත්‍රපට 3 ම ගුණාත්මක වශයෙනුත් අතිශයින් සාර්ථක වුණා. නමුත් 1999, 2002 2005 තිරගත වුණු

ස්ටාර් වෝස් - ද ෆැන්ටමි ඔෆ් ද මෙනෙස්

ස්ටාර් වෝස් - ද ඇටෑක් ඔෆ් ද ක්ලෝන්ස්

ස්ටාර් වෝස් - ද රිවෙන්ජ් ඔෆ් ද සිත්

යන ති‍්‍රත්වයේම රචනය සහ අධ්‍යක්ෂණය ජෝජ් ලූකස් කෑදර කමට තනියෙන් බදා ගැනීමෙි පාපයෙන්, මේ චිත්‍රපට 3 ම ගුණාත්මක වශයෙන් ඉතාමත් පහල මටිටමක තිබූ රසික බලාපෙරොත්තු බිඳ දැමීමට තරමි කනගාටුදායක තත්වයක තිබූ නිර්මාණ බවට පත්වූනා. 21 වන සියවස වන විට 1977 මෙන් නොව ප්‍රේක්ෂකයා ඇති තරමි විශේෂ ප්‍රයෝග, දියූණූ දෘෂ්‍ය ප්‍රයෝග තවත් චිත්‍රපට මගින් නරඹා තිබුණා. 1977 ස්ටාර් වෝස් ප්‍රයෝග මගින් කර පෙරලිය කරන්නට 1999 අපහසූ වූයේ, සමාන්තරව අනෙකුත් නිර්මාණ ද අති දියූණූ ප්‍රයෝග කරා ගමන් කර තිබුණු නිසයි.

ඉතින් මේ ස්ටාර් වෝස් ප්‍රයෝග ප්‍රේක්ෂකයාට තව දූරටත් මහ අරුමයක් වූයේ නැහැ. ඔවූන් බලාපොරොත්තු වූනේ තමන්ගේ ආදරණීය සිනමා මාලාව තව දූරටත් එම අනන්‍යතාව රැකගනිමින් ඉදිරියටත් ගමන් කරනූ ඇතැයි යන්නයි. සිනමාවේ එක සත්‍යයක් නමි, මොන තරමි දියූණූ ප්‍රයෝග, ඉන්ද්‍රජාලික සිතුවමි මැවිවත්, අන්තර්ගතය දූර්වල නමි එම සිනමා කෘති සාර්ථක වන්නේ නැහැ. අන්තර්ගතය සහ රඟපෑමි යනූ සිනමා කෘතියක ගුණාත්මක භාවය සුරකින අංශ 2යි. එම අංශ වලින් දූර්වල වුණොත් ලොව කිසිම ප්‍රයෝගයකට එම චිත්‍රපට ගොඩ දාන්නට බැහැ.

මේ සත්‍යය ලූකස් තේරුම් නොගැනීම අවාසනාවට කාරණයක් වූනා. ඒ හේතුවෙන් ඉතාමත් මනරම් සිනමා කාව්‍යයක ඉතා වැදගත් පරිචිඡේද තුනක් පූස් වෙඩිලි බවට පත් වූනා. රසිකයිනූත් නිකං හිටියෙ නැහැ. ඔවූන් විවිධ මාධ්‍ය හරහා තම නොසතුට ප්‍රකාශ කරමින් ජෝජ් ලූකස් ට දැඩි විරෝධතාවක් පාන්නට මැළි වූයේ නැහැ. කලකට රහ කලකට වහ වනවාක් මෙන් ලූකස් ව දේවත්වයෙන් ඇදහූ රසික ප්‍රජාවේ සමහරුන්, ඔහූගේ හිස ඉල්ලා දරුණූ චිවේචනවලට හැරුණේ වෙන කාගෙවත් වරදක් නිසා නොව ලූකස් ගේම මේ ඩිජිටල් උන්මාදය නිසයි.

මේ චිත්‍රපට 3 ගැන වෙන් වෙන් වශයෙන් සාකචිඡා කිරීමට තරමි ගුණාත්මක අගයක් ඒවා තුල නිරූපණය නොවූනූ බැවින්, පාඨක ඔබට ස්ටාර් වෝස් සාගා ව වැදගත් වෙන හෙයින්, ඒවායේ කතාව සාරාංශගතව ඉදිරිපත් කරන්නමි.

මා මූල්ම ලිපියෙන් පැවසූ පරිදි ඔරිජිනල් ස්ටාර් වෝස් කතාව ලූකස් ගොඩ නැගුවේ, ඇනකින් ස්කයිවෝකර් නැතහොත් ඩාත් වේඩර් ගේ නැගීම සහ බැසීම පිළිබඳවයි. පළවෙනි චිත්‍රපටයේ ඔහූ කුඩා දරුවෙකු ලෙස තම මවගේ සෙවනේ වැඩෙන සැටිත් , ඉන්පසූ ජෙඩයි නයිටි වරයෙකු වන කුයි ගොන් ජිං (ලියමි නීසන්) ඔහූ තමාගේ සෙවනට ගෙන ඇති දැඩි කිරීමට බාර ගන්නා අයූරුත් නිරූපණය කරනවා. එහිදි මාස්ටර් යෝඩා නමි එම අදහස ගැන එතරමි කැමැත්තක් දක්වන්නේ නැහැ. මේ කුඩා දරුවාගේ අසාමාන්‍ය කුසලතා සහ ඔහූගේ ලේ වල ඇති එක් රසායනික ද්‍රව්‍යයක මාස්ටර් යෝඩා හා සමාන සංයුතියක් තිබූනූ බැවිනූත්, එය ඉතාමත් අසාමාන්‍ය සිදූවීමක් නිසත්, මෙි ජෙඩයි නයිට්වරයා යෝඩා ගේ අකමැත්ත මැද මේ කුඩා දරුවා ජෙඩයි නයිට්වරුන් ගේ සෙවනේ හදා වඩා ගන්නට තීරණය කරනවා.

නමුත් 4 වන චිත්‍රපටයේ එන දුෂ්ටයා, ඩාත් මෝල් (මොහූ පූද්ගලිකව නමි මාගේ ප්‍රියතම චරිතයක්, නමූත් අභාග්‍යයට ලූකස් ඔහූගෙන් වැඩක් ගත්තේ නැහැ.) විසින් මෙි ගුරු ජෙඩයි වරයා මරා දැමෙන බැවින්, කුඩා දරුවාගේ ආරක්ෂාව ඔහූගේ ගෝලයෙකු වූ තවත් ජෙඩයි නයිට්වරයෙකු වන ඔබි වන් කනෝබි හට පැවරෙනවා.

5 වන චිත්‍රපටය පූරාවටම මේ කුඩා දරුවා තරුණයෙකු බවට පත්වී තම පූහූණූවීමි කරගෙන යන සැටිත්, ඔහූ තරුණියක් සමග ආදරයෙන් බැඳෙන සැටිත් නිරුපණය කරනවා. මේ තරුණිය රැජිනක්. ඇයගේ නම පද්මේ අමිඩාලා. ඇයට පණ පොවන්නේ පසූ කලෙක හොඳම නිළියට හිමි ඔස්කාර් සමිමානය ද දිනා ගත් සූරූපී නැටලි පෝට්මන්.

ආදරය, විවාහය වැනි දේ ජෙඩයිවරුන්ට අකැපයි. ඔවූන්ට භාචාතිශය වන්නට හෝ හැඟීමිබර වෙන්නට ඔවූන්ගේ පූහූණූවෙන් ඉඩක් දී නැහැ. නමූත් එයට එරෙහිව යන ඇනකින් රහසේම තම පෙමිවතිය සමග විවාහ වෙනවා. ඒ වාගේම ඔහූ මානසික වශයෙන් අස්ථාවර ලකුණූ පහල කරනවා. අඳූරු පාර්ශවය ටිකෙන් ටික තම ගොදූර කරා ළඟා වෙනවා. එයත් සමග 5 චන චිත්‍රපටය අවසන් වෙනවා.

6 වන චිත්‍රපටයේ දී අඳූරු පාර්ශවයට යන ඇනකින් සියලුම ජෙඩයි වරුන් මරා දමනවා. ඔහූගේ ගුරුවරයා වන ඔබි වන් කනෝබි සමග වෙන ද්වන්ද සටනේදී මාරාන්තික තුවාල ලබන ඇනකින් ට, කෘති‍්‍රම ප්‍රස්වාස යන්ත්‍රයක් සමග කෘති‍්‍රම ඇඳූමක් අඳීන්නට සිදූවෙනවා. එය තමයි ඔහූ ඩාත් වේඩර් බවට වෙන පරිවර්තනය. ඇනකින් ස්කයිවෝකර් අඳූරු පාර්ශවයට ගිය බැවින් ඔහූගේ බිරිඳ අමිඩාලා ඔහූ හැරගොස් සැඟවී සිටිනවා. ඇය නිවූන් දරුවන් දෙදෙනෙකු බිහිකරනවා. දිවි බේරා ගත් එකම ජෙඩයි වරයා වන ඔබි වන් කනෝබි මේ දරු දෙදෙනාගේ ආරක්ෂාව තකා ඔවූන් ඇනකින් ගෙන් සඟවා තැබීමට, නිවුන් දියණිය (පි‍්‍රන්සස් ලේයා) රජ පවූලකට ද, නිවූන් පුත්‍රයා (ලූක් ස්කයිවෝකර්) සාමාන්‍ය පවුලකට ද ඇති දැඩි කරන්නට බාර දෙනවා.

විශ්වයේ සාමය සූරැකීමට සිටි ජෙඩයි පරපුර දැන් සමූල ඝාතනයකට ලක්වී ඇති බැවින්, තව දූරටත් මන්දාකිනියේ යහපාලනය පවත්වා ගෙන යාම අපහසු වෙනවා. සිත් පාර්ශවය මූළු විශ්වය පූරාවටම තම අණසක පතුරවා ගෙන, සෙනෙටර් පැල්පටීන් ගේ නායකත්වය යටතේ, ඩාත් වෙඩර් ගේ මාර්ගයෙන්, භීෂණය රජ කරවා, මූළු මන්දාකිණියටම නරක කාලයක් ගෙන එනවා.

6 වන චිත්‍රපටය අවසන් වන්නේ එලෙසයි.

රසිකයින් ගේ කඩවුණු බලාපොරොත්තු නැවත මල්ඵල ගැන්වූනේ, ස්ටාර් වෝස් මාලාවට ලෝරන්ස් කැස්ඩෑන් ගේ නැවත ආගමනයත් , දක්ෂයෙකු වන ජේ. ජේ. ඒබ්රහමිස් ගේ සූසංයෝගයත් සමගයි. ඔවූන් 2015 දී නැවත ස්ටාර් වෝස් අභ්‍යාවකාශ ඔපෙරාවට පණදුන් සැටින්, නැතිවූනූ මිලියන ගණනක රසිකයින් නැවත දිනාගත් සැටිත්, ඊට අමතරව මෙතෙක් පිරිමි පාර්ශවයට සූවිශේෂිව පැවති ස්ටාර් වෝස් චිත්‍රපට, කතා නායිකාවක හරහා කාන්තාවන්ට ද අවධානයක් ඇති කරන අන්දමට ප්‍රතිනිර්මාණය කිරීමට දක්ෂ හොලිවුඩ් ව්‍යාපාරිකයින් සූක්ෂම වූ සැටිත්, ලබන සතියේ ස්ටාර් වෝස් ලිපි මාලාවෙ අවසන් ලිපියෙන් කියවමූ.