වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




වෙන්ව ගියත් අද මෙන්

වෙන්ව ගියත් අද මෙන්

යොලන්ඩා ෆොස්ටර් සහ ග්‍රැමී සම්මාන ලාභි කැනේඩියානු සංගිතඥ ඩේවි ෆොස්ටර් සිය දික්කසාදය නිවේදනය කළේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි. විවාහය සිදු වූ කාලය සහ යොලන්ඩා සහ ඩේව් එක්ව ජීවත් වූ කාලය ගතහොත් එය වසර නවයක්. වෙන්වීමේදී යොලන්ඩා වන්දි ඉල්ලා ඇති බවත් ආරංවියි.

වෙන්වීම නිවේදනය කළත් දෙදෙනාම පවසන්නේ දෙදෙනාට එක්ව ජීවිත ගත කළ කාලයේදී ආදරය, මිත්‍රත්වය හා අභියෝගවලට මුහුණදීම ඉතා සාර්ථක වූ බවයි.

නමුත් පසුගිය 11 වැනිදාට යෙදී තිබූ යොලන්ඩාගේ 52 වැනි උපන්දිනය සැමරුවේද ඩේව් සමඟින්.