වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




ජලා හුටා වලව්වේ මැණිකෙත් වැවේ...

ජලා හුටා වලව්වේ මැණිකෙත් වැවේ...

දමයන්ති ෆොන්සේකා වැවකට පැනලා කියලා ආරංචි වුණා. තවත් කෙනෙකු සමඟයි ඇය ඒ වැඩේ කරලා තියෙන්නේ. අපිත් පොඩ්ඩක් විපරම් කරලා බැලුවා. කතාව ඇත්ත. කුලියාපිටියේදී තමයි දමයන්ති මෙහෙම වැවකට පැනලා තියෙන්නේ. ජෝසප් ජෙරම් පෙරේරා නාට්‍යයක් කරනවා දන්තුර්යා කියලා.

එහි දමයන්ති වලව්වේ මැණිකේ. ඉතින් වැව් කණ්ඩියක් උඩ ඉඳලා කෙනෙකුට බනින දර්ශනයක් තිබුණලු. දමයන්ති කට එහෙම හදාගෙන සීන් එකට අවතීර්ණ වෙලා. ඇය ගමේ කෙනෙකුට බැනගෙන බැනගෙන යනවලු. ඒ බහින් බස්වීම දුරදිග ගිහින් පිටපතට අනුව දමයන්ති අර කෙනාව වැවට තල්ලු කරන්න ඕනෑ. දමයන්ති එහෙම කරලා. ඒ තල්ලු කරපු පාරට දමයන්ති කන්ට්‍රෝල් නැතුව එයත් වැවට වැටිලා.

වලව්වේ මැණිකෙගේ මාල වළලු එහෙම වැවේ පාවෙනවලු. ජෙරම් මොකද දන්නවාද කරලා තියෙන්නේ. එතැන් පටන් දර්ශනය මැණිකේ වැවට වැටිලා ඉන්න තැනින් පටන් ගත්තලු.