වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




FUN MUSIC

FUN MUSIC

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු

 

මිතුදම් බැදීදා
රැව් දී වාතලේ
දසතින් පැතිරෙයි
ජයගී කාහලේ
හසරැල්ලේ දහසක් පැතුම්
පිබිදුණා වාගේ
නොකියූ හැඟුම් සැඟවුණා සේ

සියොතුන් සේ එක රෑනේ
යමු පියඹලා අහසේ
හෙට දවසේ එක හීනෙන් ඉමු
ඇහැරිලා මෙලෙසේ

ගායනය - සජාඩ් හසන්

පදරචනය - නිලාර් එන් කාසිම්

සංගීතය - සජාඩ් හසන්

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - උපේක කවුමඩ්

ජාතික සහයෝගිත්වය ගැන කියවෙන මෙම ගීතය ගයන ගායකයා මෙන්ම පද රචකයා මුස්ලිම් ජාතිකයෙක් වීම විශේෂත්වයකි. දිගු කලකට පසු නව පරපුරේ ගායකයකු විසින් ගායනා ලද වෙනස්ම ගීතයක් ලෙස මෙය හැඳින්විය හැකිය.

 

හීනයක් පේ‍්‍රමයක් ඈතකදි දැකලා
ළං වුණා ජීවිතේ ආදරේ කියලා
ළඟ නැති හින්දා තනිකම වින්දා
රැවටුණු තරමක් මේ හිත ඔය නෙතු හින්දා

ගායනය - රහල් අල්විස්

පද රචනය - රචිතා වාකිෂ්ඨ

සංගීතය - තිළිණ රුහුණගේ

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - රහල් අල්විස්

මෙය රහල්ගේ පස්වැනි විඩියෝවයි. මෙහි පද රචනය සහ සංගීත අධ්‍යක්ෂවරයා අතින් නිර්මාණය වූ ජනපි‍්‍රය ගී අතර හිත දුර හන්දා, ආයෙමත් ආදරයෙන් (ආත්මා ලියනගේ) තාරම්පම්පම් (අනුපමා ගුණසේකර) වේ.

 

මේ හිත ළඟ නතර වෙලා
පෙර උන්නෙ මාගෙ විතරයි කියා
ඉන්නම මේ ලෙස දුරස් වෙලා
හදා ගත්තෙ හිත කොහොමද තනි වඩයා

ගායනය - ඩිමංක වෙල්ලාලගේ

පද රචනය - සුජිත් පි‍්‍රයාන්

සංගීතය - චන්දන වල්පොළ

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - ළහිරු මුදලිගේ

නිදුකින් ඉනු මැන ගීතයෙන් ජනපි‍්‍රය වූ ඩිමංකගේ පස්වැනි මියුසික් වීඩියෝව මෙය වේ. මේ දිනවල අතිශය ජනපි‍්‍රය ගීතයක් වන අවසාන පේ‍්‍රමයයි මාගේ ගීතය ගයන්නේ ද ඩිමංක වේ.

 

ඇයි මේ ආයෙ අමතලා
දෙන්නේ හේතු කාරණා
ජීවිතේ මාගෙ අවුලුවා
කෙලෙසදෝ ඉන්නෙ හිනැහිලා
ඇයි මා තනි කළේ
නැතිවදෝ ළය උණු වුණේ
අමතලා ආයෙ අමතලා
පාරනා වේදනා

ගායනය - උදය ශ්‍රී

පද රචනය - කුෂාන් මහීන්ද්‍ර

සංගීතය - උදය ශ්‍රී

මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - සමන්ත සිරිවර්ධන

තරුණයකුට පැමිණෙන දුරකතන ඇමතුමක් නිසා සිදුවන සිදුවීම් මාලාවක් ඔස්සේ මෙම වීඩියෝව දිග හැරේ. මෙය විරහ ගීතයකි.