වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




පූරුවෙ කරුමෙක මහත

පූරුවෙ කරුමෙක මහත

ශිරෝමි ප්‍රනාන්දුට ලොතරැයි පිස්සුවක් ගහලා. එක්තරා ලොතරැයියකින් ජීප් එකක් දෙන්න තීරණය කරපු වෙලාවෙ ඉඳලා තමයි ශිරෝමි මෙහෙම ඒ ලොතරැයි ගන්නට පටන් ගත්තේ.

ඇය අර ජීප් එක දිනාගන්න සිහින මැව්වලු. ඉතින් ඇය කළේ මොනවද දන්නවද? රට වටේ ඉන්න යාළුවො සේරටම කතා කරලා. ඒ ඒ ප්‍රදේශවලින් අර ලොතරැයි ගෙන්න ගත්තලු. ඒත් ඇය පදිංචි වෙලා ඉන්න මාලබේ ප්‍රදේශයෙන් නම් එකම ටිකට් එකක්වත් ගත්තේ නැහැ.

ඒ මාලබේට එන ටිකට් අන්ෂූවර් කියලා හිතුණු නිසාද මන්දා කොහොම හරි ලොතරැයි සීයක් විතර වට කරගෙන කටත් ඇරගෙන ශිරෝමි ලොතරැයි වැඩ සටහනේ අංක බලනවලු. අවාසනාවක තරම, ශිරෝමි ළඟ තිබුණු එක ලොතරැයියකවත් අර අංක නැතිලු. ඒත් වැඩේ කියන්නේ එදා ජයග්‍රාහකයා මාලබේ ප්‍රදේශයෙන් බිහිවීම.

ඒ ආරංචිය ලැබුණම ශිරෝමිට මොනවා හිතෙන්න ඇතිද?