වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




මර්ඩොක් නැවත බඳී

මර්ඩොක් නැවත බඳී

ලොව අංක එකේ රූපවාහිනි හා පුවත්පත් හිමිකරුවා වන රූපට් මර්ඩොක් සහ ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක වූ ජෙරී හෝල්ගේ විවාහ ගිවිස ගැනීම ප්‍රසිද්ධියට පත් වුණා. පසුගියදා පැවැති 73 වැනි ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළට මේ දෙදෙනාගේ සහභාගීත්වය සමඟින් ඒ පිළිබඳ කාගේත් අවධානය වැඩි වුණා.

ඔස්ෙට්‍රිලියාවේ උපත ලැබුවද අමෙරිකා එක්සත් ජනපද පුරවැසියෙකු වූ අසූහතර හැවිරිදි මර්ඩොක් සහ පනස් නව හැවිරිදි ජෙරී අතර ප්‍රේම සම්බන්ධතාවය ඇති වී ගත වී ඇත්තේ මාස කිහිපයකි.

ලොව ධනවත්ම පුද්ගලයන්ගෙන් කෙනෙකු වන ඔහු මීට පෙර තෙවතාවක් විවාහ වී තිබේ. ඒ විවාහයන්ගෙන් ඔහුට දරුවන් හය දෙනෙකු වේ. ජෙරී ද බ්‍රිතාන්‍ය ජාතික ගායකයෙකු මෙන්ම නළුවෙකු වන මයික් ජෙගර් සමඟ සම්බන්ධයෙන් දරුවන් දෙදෙනෙකි.