වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




ජෙනිෆර්ගේ අවවාදය

ජෙනිෆර්ගේ අවවාදය

හොලිවුඩයේ ආකර්ශනීය චරිතයක් වන ජෙනිෆර් ලෝරන්්ස් පසුගිය ගෝල්ඩන් ග්ලොබ් සම්මාන උලෙළේ සංගීතමය හෝ හාස්‍යමය අංශය යටතේ හොඳම නිළිය ලෙසින් සම්මාන දිනූයේ හාස්‍යමය චිත්‍රපටයක් වූ ‘ජෝයි’ හි රංගනය හේතුවෙන්.

එහිදී පවැති මාධ්‍ය හමුවකදී ඇය ප්‍රශ්න කළ මාධ්‍යවේදියෙකුට දෝෂාරෝපණය කරලා. ඔහු ඇයගෙන් විමසා තිබුණේ “ඉදිරියේදී පවැත්වෙන්න නියමිත ඔස්කාර් සම්මාන උලෙළ තමන්ට දැනෙන්නේ කෙළෙසද?” යන්නයි. මේ ප්‍රශ්නය අසන අවස්ථාවේදී එම මාධ්‍යවේදියා තම ජංගම දුරකථනය කණේ රඳවා ගෙන සිටීම ජෙනිෆර්ගේ උදහසට ලක්වෙලා.

”ඔයාට ඔයාගේ මුළු ජීවිතයම ඔය හෑන්ඩ් ෆෝන් එක පිටුපස ගෙවන්න බැහැ සහෝදරයා. වර්තමානයේ ජීවත් වෙන්න ඔයාට සිද්ධ වෙනවා. අපි දැන් සිටින්නේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේ. ඔය ෆෝන් එක පැත්තකින් තියන්න. එතකොට ඔයාට තේරුම් ගන්න පුළුවන් වේවි” ජෙනිෆර් පවසා තිබුණා.