වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවට හැට නවයයි සුරංගට මල් හතයි

සිනමාවට හැට නවයයි සුරංගට මල් හතයි

චිත්‍රපට අධ්‍යක්ෂ සුරංග ද අල්විස් චිත්‍රපට ශාලාවක් ආරම්භ කරනවා කියලා පුවතක් පළ වුණා මතක ඇති. ඒකේ නම ස්කයිලයිට්ස්. තියෙන්නේ මාලබේ. ඉතින් මෙහි අද (21) ඉඳලා චිත්‍රපට නරඹන්න පුළුවන්. ඒ කියන්නේ ස්කයිලයිට්ස් විවෘත කරන්නේ අදට යෙදෙන සුභ නැකතකින්. අද දවස මොකක්ද කියලා දන්නවා ඇති නේද.

1947 ජනවාරි මාසයේ අද (21) වගේ දිනයක තමයි සිංහල සිනමාවේ මුල්ම කතානාද චිත්‍රපටය තිරගත වන්නේ. සුරංග මේ බව දැනගෙන නෙවෙයි අද දිනයට ස්කයිලයිට්ස් ආරම්භ කරන්න දාගත්තේ. තමන්ගේ නැකැත්කරුවා කිව්වලු ජනවාරි 21 සුභයි කියලා. සුරංගත් ඒ දිනය යොදා ගත්තා ස්කයිලයිට්ස් අරඹන්න.

කොහොම හරි දේශීය සිනමාවට වසර 69 ක් පිරෙද්දී තවත් සිනමා ශාලාවක් එකතු වුණා කියන එක සතුටින් කියන්න කැමැතියි.