වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




මැණික් ජාමේ බේරගෙන

මැණික් ජාමේ බේරගෙන

සංගීතයෙන් රස ගැන්වුණු උත්සවයක් මැදදී කෙනෙකුට හදිසියේම ගීතයක් කියන්නට ආරාධනාවක් ලැබුණොත් ඔහු හෝ ඇය තරමක් තුෂ්නිම්භූත වෙනවා. ඒකෙනා සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ නැති එහෙමත් නැතිනම් සින්දු කියන කෙනෙක් නොවුණොත් මොකද වෙන්නේ.

අර තුෂ්නිම්භූත වීම දෙගුණ තෙගුණ වනු නොඅනුමානයි. මැණික් කුරුකුලසූරියටත් එහෙම දෙයක් වුණා. උත්සවයක් මැදදී නොසිතූ මෙහොතක ඇයට ගීතයක් කියන්න කියලා එම අවස්ථාව මෙහෙය වූ නිවේදකයා ආරාධනා කළා. පළමු වතාවේ මැණික් බෑ කිව්වා. නමුත් නිවේදකයා බලවත් විදිහට පෙරැත්ත කළා. මැණික් අසුනෙන් නැගිටලා ආවා. මැණික්ට ඒ මොහොතේ මතක් වුණේ සැරයටියෙන් අපි යනෙනතුරා ගීතයයි. වටපිට බලද්දී ක්ලීටස් මෙන්ඩිස් ඉන්නවා පේනවා. ඇය සහායට ඔහුට කතා කළා. ක්ලීටස් දුවගෙන ඇවිත් අනෙක් මයික්‍රෆෝනය අරන් මැණික්ට හොඳ සහායක් දුන්නා.

මැණික් තමන්ගේ ජාමෙ බේරගෙන ගීතය ගයා වාඩි වුණේ මහත් වූ අත්පොලසන් නාද ගිගුම් දෙද්දී. එදා තමයි බොහෝ දෙනෙක් දැනගත්තේ මැණික්ට ගීත කියන්නත් පුළුවන් කියලා.