වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 03 වැනිදා බ්‍රහස්පතින්දා




පවුලේ අයත් එක්ක අනුරාධපුරයේ

පවුලේ අයත් එක්ක අනුරාධපුරයේ

රංගන ශිල්පී සංකේත් වික්‍රමගේ

‘මුතු පලස’, ‘චායා’ ටෙලි නාට්‍යවල කරන රංගනයෙන් මම මේ දවස්වල ප්‍රේක්ෂකයන් අතර සැරිසරනවා. ‘චායා’ ටෙලි නාට්‍යයෙහි කරන මංජුල කියන තරමක වෙනස් චරිතය නිසා මට මගේ රසිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර නම් බොහොමයි.

ත්‍රිෂූල දීප තඹවිටගේ ‘සඳ සේයා’ ටෙලි නාට්‍යයෙහි රූගත කිරීම් ආරම්භ කළා. මේ ගෙවන කාර්යබහුල ජීවිතය අතර තරමක විවේකයක් ගන්නත් සූදානමක් තිබෙනවා. ඒ මගේ උපන් දිනය සඳහායි. කාලයකට පස්සේ පවුලේ හැමෝම එකතු වෙලා ඒ විවේකයට අනුරාධපුරයේ යන්නත් අදහස් කරගෙන සිටිනවා.